IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමැති රෝහිතට එරෙහි නඩුවේ විභාගය අගෝස්තු 03 වැනිදා

(මනෝප‍්‍රිය ගුණසේකර)


සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන අගොස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද  (14)  තීරණය කළේය.


මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතාට පාර්ලිමෙන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවීමට අවශ්‍ය බව පවසමින් නීතීඥ නිරෝෂණ සිරිවර්ධන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.


2004 මාර්තු මස 31 වැනිදාත් 2006 මැයි මස 31 වැනිදාත් අතර කාලය තුළ සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි මෙන්ම උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා වත්කම් වල හිමිකරුව සිටින ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.


මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීඥ නිරෝෂණ සිරිවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට පාර්ලිමෙන්තුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවීමට අවශ්‍ය හෙයින් නඩු විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.


එම ඉල්ලීම පිළිගනිමින් අදාළ නියෝගය නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන අගොස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට නියම කළේය.


පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජනරාල් එස්.අයි. ජයසිංහ මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ සුදර්ශනද ද සිල්වා මහතා පෙනී සිටියේය.


විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නීතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා  ඇතුළු  නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.
 



අදහස් (13)

හිටපු ඇමැති රෝහිතට එරෙහි නඩුවේ විභාගය අගෝස්තු 03 වැනිදා

casmir Friday, 06 July 2018 10:37 AM

කරුණාකරලා කාලය සහ ශ්‍රමය නාස්ති කරන්න එපා.. පාර්ලිමන්ට් එකේ ඉන්නේ තනිකරම හොරු.. මේ අයට කවදාවත් නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ..

:       0       1

Bamunuarachchi Friday, 06 July 2018 10:43 AM

අගෝස්තු 3 වැනිදාත් සැසිවාරයක් තිබුණොත් වැඩේ හබක්...

:       0       1

chuti Friday, 06 July 2018 10:47 AM

එතකොට දෙපත් නයා කව්ද දන්නේ නැහැ.

:       0       1

සතයපාල Friday, 06 July 2018 11:30 AM

ස්වාමීනී, මම කළුතරින් කෝචිචියෙන් බහින්න හදනකොට ඒ පෙට්ටියේ හිටිය කාන්තාවන් තමන්ගේ කරේ තිබුණු මාල, කනේ තිබුණු කරාබු, අත්වල තිබුණු වළලු සේරම ගලවලා තෑගි දුන්නා. මම ඒ සේරම අරගෙන සතුටෙන් ගෙදර අවා. මේක ආරංචි වුණු ගමේ රත්තරං බඩු කඩේ මුදලාලි ඒ රත්තරං බඩු සේරම අරගෙන සල්ලී දුන්නා ගණන් කරලා බලන කොට එතන රුපියල් කෝටි හතරක්ම තිබුණා. එහෙමයි මේ මුදල් ලැබුනේ. නැතුව ස්වාමීනී, අවුරුදු දහයක් ඇමැතිකම් කළාට සත පහක් හොරකම් කරලා නැහැ. පගාව ගත්තේ නැහැ. රාජය දේපළ අයුතු විදියට පරිහරණය කළේ නැහැ. මොකද ස්වාමීනි, අපේ නායකයෝ අපිට ආදර්ශයක් වෙන විදියට රට පාලනය කළේ. අපිත් ඒ ආදර්ශය අනුව තමයි කටයුතු කළේ...

:       0       3

පිටිගල මිලානෝ Friday, 06 July 2018 11:43 AM

වහාම නඩු අසා මෙයා කරන ලද සොරකම්වලට දඬුවම් දෙන්න.

:       0       1

rocky Friday, 06 July 2018 02:42 PM

සතේ පාල මහත්තයෝ, මගේ ඔලුවට ආපු අදහසම තමයි ඔබ ලියලා තියෙන්නේ. මටත් වඩා හොඳින් ඔබ එය ලියා තිබීම ගැන මගේ සතුට ප්‍රකාශ කරමි.

:       0       2

BamunuarachchiFriday, 06 July 2018 05:50 PM

ඉංග්‍රීසියෙන් කියනවා "ෆූල්ස් නෙවර් ඩිස් ඇග්රී" කියලා

:       2       0

rocky Saturday, 07 July 2018 03:04 AM

බමුණුඋන්නැහේ, ඔබ ඔය කියන කියුම කොහෙද තියෙන්නේ? කවුරු කවදා කොහේදී කියූ කීමක්ද? ඔබේ ඉංග්‍රීසි දැනුමත් අනිත් ඒවා ගැන තියන දැනුම වගේම බොහොම ඉහළ බව පේනවා! බමුණෝ කියන වර්ගය දැන් සංස්කෘත දන්නෙත් නැහැ. ආරච්චිලා කියන පැලැන්තියට දැන් වසමකුත් නැහැ. කතා කරලා වැඩක් නැහැ. මේ කොළමේ සම්පප්‍රලාප කෙළිමින් ඉඩ හසර නාස්ති කරන එක නරකයි, ලොකු උන්නැහේ !!!

:       0       0

BamunuarachchiSaturday, 07 July 2018 10:34 AM

කියමන පස්සේ දුවන්න තරම් ඔබ මෝඩද? ඕවා අපි ඉස්කෝලේ යනකාලේ හැදුවේ ඕගොල්ලෝ වගේ අයට. කොහොම නමුත් කතාව බොරු නොවෙයිනේ. ඒ වගේම ගැලපෙනවානේ නේද?

:       2       0

SamanSaturday, 07 July 2018 04:46 PM

මෙයත් විමලෙගේම බෝට්ටුවේ කෙනෙක්.. එයත් කිව්වේ 'මහල්ලා සහ මුහුද' ගැන පණ්ඩිතයා වගේ..

:       0       3

Bamunuarachchi Saturday, 07 July 2018 11:00 AM

ඇයි හලෝ ඔය කියමන වැරදිද? වැරදි නැත්නම් ෆිට් වෙනවා නම් කොහේ තිබුණාම නොතිබුණාම මොකද?

:       1       0

rocky Sunday, 08 July 2018 03:08 AM

බමුණෝ, "ඩිස් ඇග්රී" කියලා යෙදුමකුත් ඉංගිරිසියේ නැහැ. ඒක තනි වචනයක්. අඩු ගනනේ තැපෑලෙන් වත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. සංස්කෘත දන්නවා ඇතිනේ? ඒ හින්දා මේක ගැන නිකමට හිතන්න...

:       0       2

Bamunuarachchi Sunday, 08 July 2018 12:13 PM

රොකී මහත්තයෝ, ඩිසැග්‍රී කියන වචනේ ඉංග්‍රීසියෙන් ලියලා බලන්න මොකක්ද සිංහලෙන් ලියවෙන්නේ කියලා? කොහොම වුණත් අලුත් උපහැරණයක් ඉගෙනගත්තානේ. ෆුල් කීව එක තමන්ට ෆිට් කරගත්ත එක තමයි හරහට හිටියේ ...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 70 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 191 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 758 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 781 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1044 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 240 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site