(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 20 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය.
ක්‍රීඩා ඇමැති ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම මගින් උපයාගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙන්වෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියහ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක
පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව නඩු විභාගය කල්යයි
siri Friday, 15 December 2017 10:04 AM
නඩු කල්යනවා කියලා කොට්ටේ මාරුකලා. එ්ත් තවම ඔළුවේ කැක්කුම නැතිවෙන පාටක් නම් නෑ වගේ.
පිටිගල මිලානෝ Friday, 15 December 2017 10:16 AM
නායකයෙක් නැතිකළ තවත් දෙයක්...!!!
kumara Friday, 15 December 2017 11:17 AM
ඔබතුමාලා බය වෙන්න එපා.. මේ කට්ටිය කවදාවත් ඇතුළට නම් දාන්නේ නැහැ. මහජනතාව රැවටීමම තමයි කරන්නේ...
Bamunuarachchi Friday, 15 December 2017 02:23 PM
ඔය අල්ලස් ගත් පොලීසියේ තිදෙනෙක් රිමාන්ඩ් කියලා තිබෙන්නේ... ඉතින් මේ ගොල්ලන්ගේ නඩු අහන්න වෙලාව කොහෙන්ද? මේ රටේ ඔයගොල්ලෝ හරි ලක් කාරයෝ නේද?
de silva Friday, 15 December 2017 07:37 PM
නඩුව අහල වැරදි කාරයා වුනත් දඩය රුපියල් 1000 නේ , අර මෙයාලගේ පරණ සගය කලා වගේ ඕක ගෙවල ගෙදර යාවි , ලංකාවේ හොරකම් කරනවා නම් කෝටි කිහිපයක් ජනතා මුදල් හොරකම් කරන්න ඕනේ , එතකොට දඩය 1000 යි , අඹ ගෙඩියක් පොල්ගෙඩියක් හොරකම් කරලා අහුවුනොත් මාස 3 විතර හිරේ යන්න වෙනවා , බලාගෙන ගියහම "රන්ජගේ "කටේ මසුරන් දමන්න වටිනවා
සෙනෙවි Saturday, 16 December 2017 12:08 AM
රන්ජන් ඔබ උගතෙකු නොවේ ඔබගේ වාග් ප්‍රහාරය නිසා භුමිතෙල් ගෑ ගැරඬන් ලෙස හැසිරුන ආකාරයෙන් සියල්ල වැටහේ
Tissa Saturday, 16 December 2017 07:34 AM
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා, ඕක සාගලට කිව්වා නම් යටටම ගහලා දාවිනේ....
sunil Saturday, 16 December 2017 01:26 PM
බිය නොවන්න. ඊට පසු ඒක නැතිවම යාවි.
සුනිල් පුෂපදාන Saturday, 16 December 2017 05:08 PM
හැබැයි පුතෝ මෙයාලා බලයට ආවොත් මෙයලව කොනිත්තපු අයගේ නඩු අහන්නේ දින 2 යි. අද නඩු.. හෙට සාක්ෂි සටහන් කලා හවස ජම්පරේ ඇන්දුවා.