IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


හදවත් සැත්කමෙන් දෙමස් වියැති බිළිඳා මියයයි

(නිමල් අල්ගෙවත්ත)

හදවතේ සිදුරක් සහිත වු මාස 02 ක් පමණ වයසැති දරුවකු ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ අනුදැනුමකින් තොරව කරනු ලැබු ශල්‍යකර්මයකින් පසුව මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි.

එම දරුවා අනුරාධපුර  සිට ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර එවා ඇති අතර ගාල්ල කරාපිටිය රෝහලේ දී අදාළ ශල්‍යකර්මය කිරීමෙන් පසු මෙම දරුවා මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් නම සදහන් කිරීමට අකමැති වු කරාපිටිය රෝහල් බළධාරියෙක් මෙසේ පැවසීය.

“මේ වගේ ඔපරේෂන් එකක් කරන කොට හදවත නතර කරලා කරන්නේ. බයිපාස් මැෂින් එකෙන් තමයි මේ වගේ වෙලාවේ දී ලේ දෙන්නේ. එහෙම නතර කරලා තියන්න පුළුවන් උපරිමය පැයක වගේ කාලයක්. නමුත් මේ දරුවා මියගිය සැත්කමේ දී පැය තුනක් පමණ මේ විදියට හදවත නතර කරලා තියෙනවා.ලංකාවේ වෛද්‍යවරියක සමඟින් වයස අවුරුදු 74 ක් පමණ වන විදේශීය වෛද්‍යවරයකු තමයි මේක කරලා තියෙන්නේ. කිසිම සුදානමක් නැතිව කරලා තිබුණු නිසා මෙහෙම වුණා කියලා තමයි විශ්වාසය. එසේම මෙම සැත්කම සම්බන්ධයෙන්  රෝහලේ හෘද රෝග විශේසඥ වෛද්‍යවරයා දැනුවත් කර නෑ“

කරාපිටිය රෝහලේ ළමා හෘද රෝග විශේසඥ වෛද්‍ය මංගල ගුණතිලක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා මෙසේ පැවසීය.

“මෙහෙම දරුවෙක් එන බව මුලින් කියලා තිබුනා. නමුත් මේ සැත්කම සම්බන්ධයෙන් මාව දැනුවත් නොකර තමයි කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමකදී අපේ අංශය හා මාව දැනුවත් කළ යුතුයි. නමුත් මේ දරුවා මිය යන තුරු මා මේ ගැන දන්නේ නෑ. පිට රෝහලකින් වෛද්‍යවරයෙකු ගෙනත් කරා කියලා කියනවා. ඒ ගැනත් මම දන්නේ නෑ. “

මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ජයම්පති සේනානායක මහතාගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය.

“සැත්කමෙන් පස්සේ එම දරුවා මියගොස් තියෙනවා. වයස අවුරුදු 74 ක විදේශ වෛද්‍යවරයෙකු සමඟ ලංකාවේ වෛද්‍යවරියක තමයි මේක කරලා තියෙන්නේ. මම දන්න තරමට නීති විරෝධී දෙයක් වෙලා නෑ. ඒ විදේශීය වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය අනුවයි වැඩ කරන්නේ. කොහොම වුණත් එතුමා ලබන 26 වැනි දායින් පසුව වැඩ නෑ. දැන් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කීපදෙනෙකුත් මාව දැනුවත් කළා. අදාළ දෙමාපියන්ගේ අවසරය මත තමයි මේ සැත්කම කරලා තියෙන්නේ. සැත්කම ඉක්මනින් කර යුතු නිසා කළා වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධයෙන් සැකයක් ඇත්නම් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් පරීක්ෂණයක් කරන්න පුළුවන්. මම හිතන්නේ දැන් තියන තත්ත්වය අනුව පරීක්ෂණයක් කරන්න වෙයි වගේ.“



අදහස් (6)

හදවත් සැත්කමෙන් දෙමස් වියැති බිළිඳා මියයයි

PITIGALA MILANO Thursday, 22 June 2017 12:40 AM

කරුණාකර මෙය මිනීමැරුමක් ලෙස සලකා පරීක්ෂණයක් වහාම ආරම්භ කරන්න. ශල්‍ය වෛද්‍ය පලපුරුදුකම දියුනුකෙරෙන ක්‍රමවේදයක් තිබෙද්දී මෙහෙම අනුමැතියකින් තොරව ෆෝමලීන් ගහපු ගෙම්බෝ කපන්නාක් මෙන් මිනිස්සුන්ගේ හදවත කැපිය හැකිද?

:       0       10

Imesh Thursday, 22 June 2017 03:30 AM

ඩොක්ටර් කෙනෙක් සැත්කමක් කරද්දී එකේ 100% ක් වගකීම රෝගියා ගන්න ඕන. දොස්තර අතින් මොනදේ උනත් එයාලට කිසිම වගකීමක් න. ඒ විදිය වැරදියි. දොස්තරට 20%ක වත් වගකීමක් තියන්න ඕන. එතකොට කරන්න පුළුවන් හැකියාව තියෙන අය කරාවි.

:       0       4

sanjeeva Thursday, 22 June 2017 03:48 AM

දැන් අර GMOA එකේ ඉන්න උගත් (කියාගන්න) බුද්ධිමත් (කියාගන්න) දොස්තර මහත්වරු මොකද කියන්නේ කරන්නේ මේ ගැන ? SAITM එකට බැනල හරියන්නේ නැහැ නේ නේ වැරැද්ද ට

:       3       1

රංජිත් Thursday, 22 June 2017 04:23 AM

මගේ බයිපාස් සැත්කම කලේ කරාපිටිය රෝහලේ නාමල් ගමගේ සර්. දැන් හිටියටත් වඩාහොදින් වැඩපල කරගෙන ඉන්නවා. දරුවාගේ අවාසනාවකට තමයි එතුමා වෙත යොමු නොවුනේ.

:       0       3

ranjith Thursday, 22 June 2017 04:38 AM

ඔය නෝනට ඇත්තේ සයිටම් වගේ උපාධියක්වත්ද

:       6       8

සෙනෙවි Friday, 23 June 2017 10:30 AM

ඔන්න බලන්න පිටරට වෛද්‍යවරුන්ගේ වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 243 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 186 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 2191 1

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 886 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
2025 මාර්තු මස 15 3173 1

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ


මෝදි අප්‍රේල් මුල ලංකාවට
2025 මාර්තු මස 15 511 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 637 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site