(ඉන්දිකා රාමනායක)
අධිකරණයේ තහනම් නියෝග උල්ලංඝනය කරමින් හම්බන්තොට දී විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මාතර හා තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
අධිකරණ නීති උල්ලංඝනය කිරීම, පොදු දේපළවලට හානි කිරීම,පොලිස් නිලධාරීන් සිව්දෙනකුට තුවාල සිදුකිරීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන කරුණු යටතේ මෙම පරීක්ෂණය සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවු වාර්තා සහ පොලිස් නිලධාරීන් ඇසින් දුටු සාක්කි පදනම් කරගෙන මෙම පරීක්ෂණය සිදු කෙරේ.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හම්බන්තොට විරෝධතාකරුවන් ගැනත් පරීක්ෂණයක්
SHAN SAUDI Sunday, 08 October 2017 11:38 AM
මාතර හා තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්ලාගෙන් අසන්න ඇත්තේ මොන කෙහෙල් මලක්ද හොයන්නේ කියලයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලකයෝ තමා මේක සංවිධානය කරලා මේ විනාසේ කලේ... පත්තර වල ටීවී එකේ මේ අය උන්නේ... හොඳින් පැහැදිලිව ගිහින් දැන් අත්අඩංගුවට අරන් දඬුවම් කරන්න. ලෝකෙට පේන්න බොරුවට පත් කරන කමිටු මාස ගනන්, අවුරුදු ගනන් කලේ... කාලා අන්තිමට මහජන මුදල් විනාශ කරලා ජනතාව ගොනාට අන්දලා වැරදි කරපු ... ආයේ අයෙත් පාර්ලිමේන්තුවට පත්කරගන ගේම ගහගන යනවා. දැන්වත් පිස්සු කෙලින්නේ නැතිව ඇහැට පේන වරදට ඇස් ඉදිරිපිට ඉන්න වරදකරු දැන දැනම මග නොහැර දඬුවම් කරන්න.
ravin Sunday, 08 October 2017 12:48 PM
නීතිය පිළිබඳ අවබෝධයක් ඇතැයි කියන උදවියත් ඒ අතර සිටියා නේද? ඉස්සෙල්ලාම ඒ උදවිය උසාවියට ඉදිරිපත් කරන්න තරාතිරම නොබලා. එහෙම වුණොත් පොදු ජනයාට හරි දේ වැරදි ඒ ගොල්ලෝ කියලා දෙයි.
Nandalal DE SILVA - France Sunday, 08 October 2017 01:24 PM
විරුද්ධතාවයන් වලට එකතු වූ අය හොයනවාට වඩා නරකද ඒවා සංවිධාන කරලා, බඩ ගෝස්තරේ පුරවාගන්න අසරණ කම්කරුවන්, සේවකයන් ඉදිරියට දමා, ඇටි කෙහෙල් ගිලපු උගුඩුවන් වගේ පස්සට වෙලා ඉන්න නායකයන් හොයා දඬුවම් දීම... වැඩිය පරීක්ෂණ කරන්න ඕනෑ මේ නඩය හොයා ගන්න. පුවත්පත්වල, රුපවාහිනී නාලිකාවල එහෙම මේ රංචුවල පින්තූර ඇති වෙන්න තිබුණා නේද? නාමල් බේබිගේ "ටූත් පේස්ට්" දැන්වීම් වල තිබෙන පරිදි විරිත්තන් මූණත්තහඩුව සමග "රාජපක්ෂ පවුල් සංස්ථාවේ" අය, ගෝලබාලයන් එහෙම හොඳට තියෙන නිසා පොලිසියට මේ පරීක්ෂණ සතියකින් පමණ අවසන් කර කඩාකප්පල්කාරීන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පුළුවන් වේ යයි හිතන්න පුළුවන්.
dahamSunday, 08 October 2017 02:35 PM
උසාවි නියෝගයෙන් විරෝධතාව තහනම් කරලා තිබුනේ නැහැ. මහජනයාට අවහිර වෙන විදිහට කරන්න එපා කියල නේද තිබුනේ? එක නිසා තමයි ඒ ය පාර හරස් කරන්නේ නැතිව ඉන්දියන් හයි කොමිෂන් එක ලඟට ගියේ. අර අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියාට කනට ගැහුවේ මොකද? මොකක්ද එයා කරපු වැරැද්ද? සම්පූර්ණයෙන්ම නීතියට විරුද්ධව කරපු ඒ අවලම් වැඩේට ඒ පොලිස් කාරයාට විරුද්දව ගත්ත ඇක්ෂන් එක මොකක්ද මේ යහපාලනේ? දැන් යහපාලනේ පීචන් වෙලා ඉවරයි. ඡන්ද තියන්න බය එ්කයි. ප්‍රතිඵලේ දන්නවා.