IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


හොර බෙහෙත් ගෙන්වූයැයි 10 දෙනකුට චෝදනා

(ඉන්දිකා රාමනායක)

පෞද්ගලික සමාගමක් හරහා ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ආනයනය කළැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 10 දෙනකු වග උත්තරකරුවන් කරමින්  බරපතල  වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිසම අද (21) චෝදනා පත‍්‍ර බාරදුන් බව එම කොමිසම කියයි.

දේශිය නිෂාදකයින්ගෙන් ලබා ගන්නා මුවාවෙන් බෙටඩින් නොහොත් රෙලොඩින් (Reloading)  නමින් ප‍්‍රමිතියෙන් තොර එම ඖෂධය මෙරටට ගෙන්වා රජයට රුපියල්  රුපියල් දෙකෝටි හැත්තෑ නව ලක්ෂයක අලාභයක් සිදු කළැයි එම චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

මෙලෙස චෝදනා පත‍්‍ර බාරදුන් පිරිස වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හරිෂ ද සිල්වා,  ඖෂධ නියාමන අධිකාරි   ප‍්‍රධාන විධායක නිලධාරි  වෛද්‍ය කමල් ජයසිංහ, බරවා රෝග මර්ධන ව්‍යාපාරයේ  අධ්‍යක්ෂිකා  වෛද්‍ය  දේවිකා  මෙන්ඩිස්,  වෛද්‍ය සැපයුම් අංශයේ   ප‍්‍රධාන ගණකාධිකාරි කරුණාසීලි ෆොන්සේකා, වෛද්‍ය සැපයුම් අංශයේ  ඹෟෂධවේදීන් වන  නිමලසිරි බණ්ඩාර ,මහින්ද සිරිකුමාර,  කි‍්‍රෂාන්ත ගෝපි,  අනුජ කුරුප්පු ,  මෙඩිකොම් පුද්ගලික සමාගමේ සභාපති  වෛද්‍ය ලෝලිත සමරවික‍්‍රම,  මෙහෙයුම්  කළමනාකාර දිලීප මාරපන යන මහත්ම මහත්මීන් බව එම කොමිසමේ උසස් නිලධාරියකු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තර කරුවන්ට එරෙහිව සාක්කිකරුවන් 33 දෙනකු  දිව්රුම් ප‍්‍රකාශ මගින්  සාක්කි යොමුකර තිබු බවද කොමිසම පවසයි.

2013 - 2015 අතර කාලය තුළ  මෙඩිකොම්  පුද්ගලික සමාගම ඉන්දියාව හා චීනය යන රටවල් වලින් මෙම ප‍්‍රමිතියෙන් තොර   ගෙන්වා ඇතැයි එම කොමිසම පවසයි.

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් මෙම ඖධෂය රෝගීන්ට ලබා දීම ප‍්‍රතික්ෂේප කරමින් තිබියදී  ඒවා භාවිතයෙන් ඉවත් කිරීම වෙනුවට එම සියලූ ඖෂධ  වෛද්‍ය සැපයුම් අංශය විසින් මිලදී ගෙන නැවත රෝහල් වෙත මුදා හැරීමෙන් මෙම වංචාව සිදුව ඇති බවට වෛද්‍ය සැයපුම් අංශයෙන් ලැබුණ නිර්නාමික පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ  කළ බව  කොමිසම පවසයි.

මෙම පෙත්සම අනුව කොමිසම වසරක පමණ කාලයක් කරන ලද පරීක්ෂණයෙන් මෙම අක‍්‍රමිකාව පිළිබඳ තොරතුරු හෙළිකර ගෙන ඇත.

මෙම ඹෟෂධය  ශල්‍ය වෛද්‍යවරුන් සැත්කම් කිරීමේ දී  විෂබීජ නාශකයක් වශයෙන්   භාවිතා කරන  බවත් කොමිසම කියයි.

වග උත්තර කරුවන් 10 දෙනා අද ප‍්‍රථම වතාවට කොමිසම හමුවට කැඳවා සිතාසි බාර දුන් බවත්  මෙම පැමිණිලි  විභාගය සදහා  ලබන අගෝස්තු 24 වැනිදා  කොමිසම හමුවේ පෙනී  සිටින්නැයි දැන්වූ බවත් කොමිසම  වැඩිදුරටත් පවසයි.



අදහස් (8)

හොර බෙහෙත් ගෙන්වූයැයි 10 දෙනකුට චෝදනා

disanayaka Friday, 21 July 2017 08:05 PM

දොස්තර මහත්වරු දැන් මේවා ගැන මොකද කියන්නේ.ස්ට්‍රයික් කරන්න අදහසක් නැද්ද.මේ වගේ තක්කඩි වැඩවල ප්‍රමිතිය ගැන දැන් ඔබතුමාලා දොස්තර සබාව ලෙස මොකද කියන්නේ.

:       2       1

ReksMonday, 24 July 2017 04:41 AM

අඩුගාණේ කමෙන්ට් දාන්න කලින් ලියපුදේවලත් කියවලා ඉන්න එපෑයැ... වෛද්‍යවරුන් මේ ඖෂධය රෝගීන්ට ලබා දීම ප්‍රතික්ෂේප කරලා පැමිණිලි කළා කියලා තියෙනවා.

:       0       1

පිටිගල මිලානෝ Friday, 21 July 2017 09:58 PM

මේ අයට මිනීමැරුම් චෝදනා ගොනු කල නොහැකිද?

:       1       2

nimallalitha Saturday, 22 July 2017 02:30 AM

මුන් ටික රජයට කරලා තියෙන්නේ වංචාවක්,අලාභයක්. එහෙත් මේ රට ජනතාවට කරලා තියෙන්නේ විස්තර කල නොහැකි අපරාදයක්.. විනාසකාරී වැඩක්. මුන්ව බාර දිය යුත්තේ අදිකරණයට නොවේ. මහජනතාවට.මුන්ගේ සියලු දේපල රාජ සන්තක කල යුතුඉය. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත. මුන්ව බේර ගැනීමට දැන් ඉතින් උගතුන් යි කියන අපරාදකාරයන් රකින කල කෝට් කාරයන් ඉදිරිපත් වේවි.

:       0       24

disanayaka Saturday, 22 July 2017 04:34 AM

මොවුන් නිසැකවම මේ වරද කර ඇතිනම්,ජීවිත කාලයට සිරදඩුවම් දිය යුතුයි.නැතිනම් මෙය ඉතාම අභාග්‍යක් අපේ රටට.කෝ මේ ඉහල ප්‍රමිති සහිත දොස්තර මහත්වරු.මේ අයත් පිළිගන්නවානම් මේවා හොර බෙහෙත් කියා ඇයි මොවුන් නිහඩ .සයිටම් එකට විතරක් බොරුවට කෑගහනවා.එත් මේවගේ ව්‍යසන හමුවේ දොස්තරලා සහ දොස්තර මහතුන්ගේ සබාව දැන් මුනිවත රකින්නේ මන්ද.මෙයින් පැහැදිලිවන්නේ ඔවුන්ගේ කුහක කම නොවේද.මෙවැනි වැඩ කරන හොරුන්ටනම් වෙනත් රටවල උරුම වන්නේ මරණ දඩුවම.නැතිනම් ජීවිතාන්තය දක්වා සිපිරිගෙය.අතිගරු ජනපති උතුමාණනි ඔබතුමාවත් අපේ රටෙන් මේ ව්‍යසනකාරී නිලදාරීන් තුරන් කලයුතුයි.නැතිනම් අපේ රටට කුමක් සිදුවේදැයි කිසිවෙකුට හිතාගත නොහැක.මෙවැනි රාජ්‍ය ද්‍රෝහී වංචාකර හොරු නැවත නිදැල්ලේ තබන්නේනම් ඉතා අභාග්‍යකි..

:       3       16

ReksMonday, 24 July 2017 04:44 AM

මේක දැනගෙන පාවිච්චිය ප්‍රතික්ෂේප කරලා පැමිණිලි කළේ දොස්තරලා තමයි. කොමෙන්ට් දාන්න කළින් කියවලා ඉන්න. කුහකකමක මහත තමයි.

:       0       1

කස්සා Saturday, 22 July 2017 05:38 PM

දිසානායක මේ අයට දඩුවම් කරන්න එපා කියලා දොස්තරවරු වර්ජනය කරේ නෑ. ඒක නෙවේද වෙන්න ඕන. සයිටම් එකට එරෙහිව කෑ ගහන්නේ මේ වගේම ඒකෙ ඉන්න වංචාකාරයන්ට එරෙහිව පියවර ගන්නෙ නැති නිසා. ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. සයිටම් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබුනා කියන අනුමැතියට තියෙන්නේ මේ වෛද්‍ය අමල් හර්ෂගෙ ලිපියක් පමණයි. අනික මේ කට්ටිය මට තේරෙන හැටියට වැරැද්ද කරලා තියෙන්නේ වෛද්‍යවරු හැටියට නෙමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් හැටියට.එහෙනම් වෛද්‍ය සභාවට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශය තමා හොයලා දඩුවම් දෙන්න ඕන.වෛද්‍ය සභාවත් වෛද්‍යවරුන්ට නොගැලපෙන දෙයක් කිරීම සම්බන්ධයෙන් දඩුවම් කරන්න ඕන

:       0       0

ප්‍රදීපා ලියනආරච්චි Sunday, 23 July 2017 04:26 PM

මේක ⁣⁣⁣ඖෂධ මාෂියාවේ වැඩක් වෙන්න බැරිද? දේශීය නිෂ්පාදකයයින්ටමනෙ මෙහෙම වෙන්නෙ. මේ වාර්තා කිරීමෙත් අඩුපාඩු තියනව. විමර්ෂන වාර්තාවක් කියන්නෙ නිගමනයකට දැන්ම එන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ. අනික මේ රාජ්‍ය නිළධාරීන්ට කරුණු තහවුරුවන තුරු චෝදනා කිරීම වැරදියි. බැලූ බැල්මට මෙතන පොඩි අවුලක් තියනවා වගෙයි පේන්නෙ. අනික මේ කියන කාලේ සෞඛ්‍ය ඇමතිතුමා නේද අද අපේ අති ගරැ ජනාධිපතිතුමා. මේක එතුමාව අපහසුතාවයට පත් කරවන වැඩක්ද කියලත් හිතෙනව. කොහොම උනත් ඒකපාක්ෂිකවීම ඖෂධ මාෂියාවට උඩගෙඩි දීමක්.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 85 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 853 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 773 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 221 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 219 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 870 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site