(බිඟුන් මේනක ගමගේ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් 116 ක් දෙනෙකු තෝරාගෙන තිබියදී දේශපාලන හස්තයක් මගින් තවත් නම් ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යෑමෙන් අදාළ පත්වීම් පමාවෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරි තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනි දා ප්‍රසිද්ධ කළ පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඇති අතර එම වසරේම ඔක්තෝම්බර් 12 වැනි දා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර තමන් තෝරා පත්කර ගත් බවට සඳහන් වූ ලිපි එයින් තෝරාගත් 116 දෙනෙකුට යොමු කර තිබේ.
සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූ 66 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ඉහළ දේශපාලන හස්තයක් මගින් පත්වීම් දීමට නිර්දේශ කර එවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර හිටපු සභාපතිනිය මේ ගැන වගකිව යුතු අංශවලට දන්වා ඇත.
එහෙත් අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය පසුගිය ජනවාරි මාසයේදී අවසන් වීම නිසා පත්වීම්වලට අදාළ ක්‍රියාවලිය ඇන හිට ඇත.
මේ අතර තමන් තෝරා පත් කරගනු ලැබූ බවට ලිඛිතව දන්වා තිබියදීත් කිසිදු හේතුවක් නොමැතිව බඳවා ගැනීම් පමා කරන බවට අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිසක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරියටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයාටත් පැමිණිලි කර ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතා පැවැසුවේ හිටපු සභාපතිනිය අදාළ ලිපි යොමු කළේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිවද යන්න තමා සොයා බැලූ බවත් එය ලිඛිත අවසරයක් ඇතිව නීතියට අනුව සිදු වී ඇති බවත්ය.
ඒ අනුව ඉතා ඉක්මණින්ම අදාළ පත්වීම් සියල්ල ලබාදීමට තමා කටයුතු කරන්නේ යැයි ද නීතිඥ අබේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ළමා ආරක්ෂක අධිකාරියේ පත්වීම්වලට දේශපාලන බලපෑම්