IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ෆොන්සේකාගේ මන්ත්‍රීධූරයට අභියෝග කළ පෙත්සම සලකා බැලීම ජූනි 12 දා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු ගොනු කල රිට් පෙත්සම සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සරත් ෆොන්සේකා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම සම්බන්ධයෙන් පෙත්සම්කරු විරුද්ධත්වය පළ කරන බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තීෂ්‍ය වේරගොඩ මහතා අධිකරණයට දැන්වීය.

එම කරුණ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන ජුනි 12 වැනිදාට කල් තබන ලදී.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු නොවන සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීමට සහ කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලෙසද  ඉල්ලා දකුණු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ නීතිඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා විසින් ගොනු කරන ලද මෙහි වගඋත්තරකරුවන් ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා , එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ,මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එම කොමිසමේ සමාජිකයින් ,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති..



අදහස් (3)

ෆොන්සේකාගේ මන්ත්‍රීධූරයට අභියෝග කළ පෙත්සම සලකා බැලීම ජූනි 12 දා

kalpa Thursday, 18 May 2017 01:12 AM

අනුමානයක් නැහැ මේ මේජර් වරයා යුද්දය තිබුන කාලයේ හරියට වැඩ නොකළ අයෙක් වෙන්න ඇති

:       32       144

පිටිගල මිලානෝ Thursday, 18 May 2017 02:19 AM

අයිය මලෝ එකතුවෙලා බිම ඇදගෙන ගිහින් වත් ඒ අයගේ කාලේ වනසන්න බැරිවුන මාෂල් තුමාට දැන් මොනවා කරන්නද?

:       84       16

Senarath Thursday, 18 May 2017 03:00 AM

UNP එකෙන් පත් කලාට අපට කමක් නැහැ. එත් මුළු රටෙන්ම චන්ද 28,000 ක් අරගෙන ඇපත් නැතුව පැරදුනු කෙනෙක් පාර්ලිමේන්තුවට පත්කරලා, මහජනතාවගේ බදු මුදලෙන් ලැබෙන රටේ ආදායම වියදම්කරනවා මොඋන්ට ලෝකේ තියෙන ඉස්තරම්ම වාහන ලබා දෙන්න. දුප්පත් මිනිස්සු කුණු කදුවලට යට වෙනවා, ගෙවල් න්‍යාය ගිය මිනිස්සු ඖරුදු ගණන් අනුන්ගේ තැන වල දුක්විදිනව. මේවට වියදම් කරන්න සල්ලි නැතුව තවමත් ඒ මිනිස්සු පැල්පත්වල ඉන්නේ කිසිදු වන්දියක් නොලැබුණු උදවියත් ඉන්නවා.

:       0       128

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 370 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 233 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 148 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 748 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 385 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 380 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 249 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site