IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


2022දී ගෙවීමට ඇති ණය සේවා පිරිවැයවල වටිනාකම ඩො.බි. 21 - අගමැති

හර්ෂණ තුෂාර සිල්වා
 
වසර 2022 වනවිට ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය සේවා පිරිවැය වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 21ක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (8) පැවසීය. 
 
වසර 2022 වනවිට ජාත්‍යන්තර සුරැකුම්පත් කල් පිරෙන බවට ඒවායේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 21ක් යැයි ද අග්‍රාමාත්‍යවරයා කීය.
 
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ 24 වැනි සභාපතිවරයා ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ අද (8) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීවේය. 
 
එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. 
 
“ වසර 2022 දී කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වටිනාකම ඩොලර් බිලියන 9ක් වෙනවා. ඒ වගේම වසර 2022 දී කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට වටිනාකම ඩොලර් බිලියන 12ක් වෙනවා. ඒ මුදලත් ගෙවිය යුතුයි. එවිට අප ගෙවිය යුතු සම්පූර්ණ ණය සේවා පිරිවැයේ වටිනාකම ඩොලර් බිලියන 21ක්”. 
 
වරලත් ගණකාධිකාරී ජගත් කුමාර මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ 24 වැනි සභාපතිවරයා ලෙස මෙහිදි දිවුරුම් දෙන ලදි. 

ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (9)

2022දී ගෙවීමට ඇති ණය සේවා පිරිවැයවල වටිනාකම ඩො.බි. 21 - අගමැති

lalith Friday, 09 February 2018 02:49 AM

ඔය බිලියන ගණනින් ණය මුදලෙන් භාගයක්ම යුද්දෙට ගිය වියදම්. යුද්ධේ අවුරුදු තිහක් ඇදෙන්න දෙන්නේ නැතුව අවසන් වුනානම් අපි සමහරවිට මේ මුදලෙන් අඩක්වත් ණය වෙන්නේ නැහැ.

:       118       343

Rohana Friday, 09 February 2018 03:56 AM

ලංකාව පාලනය කරන්නේ අන්ත දූෂිතයින්. සැම ආණ්ඩුවක්ම අන්ත දූෂිතයි. රටේ දේපළ මංකොල්ල කන, රට සූරාකන පිරිසක්. හෙට රටේ සම්පත් මංකොල්ල කන පිරිසකට බලපත්‍ර දෙන දවසක්...

:       17       24

සතයපාල Friday, 09 February 2018 04:02 AM

කට්ටීයම එකතුවෙලා රටට කරපූ හපන්කම තමයි ඕය , එදා වේලවත් හරියට කන්න නැති අසරණ මිනිස්සුන්ගේ කර මතට මේ බර පටවලා පාලකයෝ සැප විදිනවා.

:       124       206

jaya Friday, 09 February 2018 04:49 AM

ඩොලර් බිලියන 10 වාර්ෂික අයවැයක් තියෙන ලංකාව ඔය ගාන ගෙවන්නේ කොහොමද??

:       0       17

Mahendran Friday, 09 February 2018 10:06 AM

හමබැංකුවෙන් කොල්ල කාපු සල්ලිවලින් ගෙවයි.

:       107       214

Sunil Friday, 09 February 2018 10:15 AM

නෝ ප්‍රොබ්ලම් සර්, අපි තවමත් පරිප්පු කමු, කිරි තේ බොමු, බත් කමු. ඒවා අපි කන බොන තාක් කල් ඩොලර් බිලියන් ගණනින් ණය ගෙවන්න බයවෙන්න එපා. තව බොන්ඩ් කෙස් දෙක තුනකුත් දාගන්න පුළුවනි.

:       107       136

naradha Friday, 09 February 2018 11:37 AM

මොන තරම් රට ණයවුනත් කිසිම දේශපාලකයෙක් එයින් පීඩාවට පත් වෙන්නේ නැහැ.

:       0       2

daham Friday, 09 February 2018 03:00 PM

මේ ආණ්ඩුව ආවාට පස්සේ ගත්ත ණය කන්දරාව කොච්චරද? ගිය ආණ්ඩුව යුද්දෙට විශාල වශයෙන් ණය වුණා... හැබැයි යුද්ධය ඉවර කළා. ඒ නිසා ජීවිතත් බේරුණා. ඊට පස්සේ ඒ වියදමත් ඉතුරුවුණා. අනිත් ණය වලින් කරපු යෝධ සංවර්ධන සහ සියලුම පාරවල් සුපිරි විදිහට හදපුව පෙනෙන්නම තියෙනවා. මේ ආණ්ඩුව ගත්ත ණය කන්දරාවෙන් කරපු වැඩ පෙන්නන්නකෝ.

:       17       58

Sathyayaa Friday, 09 February 2018 03:06 PM

ණය ගෙවන හැටි කතා කරන මිනිසුන් ඉතිහාසය පුරාම කර ඇත්තේ ජනතාව පිටරටවලට උකස් කර මුළු රටම ණය කිරීමයි. ණය ගත්තේ එක්කෙනෙක්... එයින් සැප විඳින්නෙත් ඒ අයයි. හැබැයි ඒ ණය ගෙවීමේ වගකීම බාරදෙන්නේ නූපන් දරුවනුත් ඇතුළුව රටේ ජනතාවටයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 125 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 5766 19

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1955 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1697 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3125 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3706 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site