(දමිත් වික්‍රමසේකර)
මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට ලබන මසදී අත්සන් තබනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ ක්‍රියාත්මක වන සාර්ථක ජනතා කේන්ද්‍රීය ඩිජිටල්කරණ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය උනන්දුවක් දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතාට දන්වා සිටි බවත් එහිදී ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දන්වා සිටි බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මගින් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකිරීම ඇතුළුව අනෙකුත් රාජ්‍ය සේවා ලබා ගැනීමේදී ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මෙරට ජනතාවට සහායක් වනු ඇතැයිද හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඩිජිටල් හැඳුනුම්පත හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන්ට සෘජුව මුදල් ගෙවීමට හැකියාව ලැබෙනු ඇති බවත් එමගින් මැදිහත්කරුවකුගේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසුවේය.
ඉන්දියාවේ මිලියන ගණනකට ප්‍රතිලාභ ගෙනදී ඇති ආධාර් කාඩ්පතට ඩිජිටල් හැඳුනුම්පත සමාන වනු ඇති බවත් එමගින් වංචා හා දුෂණ ඇතිවිය හැකි අවස්ථා අවම වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාව රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේදී ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන තිබෙන බවත් එය ලෝකයේම පැසසුමට ලක්ව තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දී සමෘද්ධි සහායකවරයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බ
තෙල්දෙණිය පොලිසිය විසින් පාසල් සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී ව්‍යාජ 5000 නෝට්ටු 57 ක් සොයාගත් බව පොලිසිය කියයි.
අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොල
සහල් ආනයනය කිරීමේ අවසරය රජය මගින් දීර්ඝ කළද ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසය
දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙ
නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඩිජිටල් හැඳුණුම්පත කඩිනම් කරයි