IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නැති හෙල්මට් දම්මන්න අල්ලස් ගත් කොස්තාපල්ලා කොටු

 

(සුමිත් පොතුපිටිය)

රථවාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන් අද (26) පස්වරුවේ භාරයට ගෙන ඇති බව කළුතර උසස්  පොලිස් නිළධාරියෙක් පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉත්තැපාන පොලිස් ස්ථානයේ රථවාහන අංශ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට පත්ව ඇති නිළධාරීන් දෙදෙනා, හෙල්මට් එකක් නොමැතිව  යතුරු පැදියකින් යමින් සිටී පුද්ගලයකු ගේ රියදුරු බලපත්‍රයක් භාරයට ගෙන ඇති බව සදහන් වේ.

එම වරද සමතයකට පත්කර රියදුරු බලපත්‍රය නැවත ලබාදීම සදහා එක් කොස්තාපල් වරයෙකු රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් අද දින පස්වරුවේ  පොලිස් ස්ථානය තුලදී ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි සදහන් වේ.

සිද්ධියට සම්බන්ද අනෙක් කොස්තාපල් වරයා භාරයට ගෙන තිබූ රියදුරු බලපත්‍රය සිය නිළ ඇදුමේ සාක්කුවක දමාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

සැකකාර කොස්තාපල් වරුන් දෙදෙනාගෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිළධාරීන්  ඉත්තෑපාන පොලිසිය තුලදී ප්‍රකාශ ලබාගනිමින් සිටින බව පොලිසිය සදහන් කරයි.



අදහස් (0)

නැති හෙල්මට් දම්මන්න අල්ලස් ගත් කොස්තාපල්ලා කොටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 188 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 149 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 806 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 224 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 673 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site