IMG-LOGO

2024 දෙසැම්බර් මස 29 වන ඉරිදා


ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ්

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලෝචන ගමගේ මහතා සහ තවත ව්‍යාපාරිකයෙකු ලබන  වසරේ ජනවාරි මස 6 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංග සිංහ මහතා නියම කළේය.

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් ටොරින්ටන් ඇවනිව් හි ඉඩම සඳහා රුපියල් කෝටි 11ක වන්දි මුදලක් සහ වන්දි පොලිය වශයෙන් රුපියල් කෝටි දාහතරක මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමේ සිද්දිය සම්බන්ධයෙන් වැඩ්දුරටත් විමර්ශනය කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.

හිටපු පළාත් සභා මන්ත්‍රී සහ නායක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකු වන සලෝචන ගමගේ මහතාට අමතරව මෙලෙස රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ දුෂාන්ත දිනේෂ් රත්නායක නමති ව්‍යාපාරිකයකි.

චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයෙකු කළ පැමිණිල්ලකට අනුව  පසුගිය 27 වැනිදා කළ වැටලිමකදි පිටකෝට්ට ප්‍රදේශයේ වෙළඳ සැලක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 90ක අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කියමින් අල්ලස් කොමිසමෙන් නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිෂමේ නිලධාරීන් පැමිණිලිකාර චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයාගෙ නැන්දණියට අයත් කොළඹ ටොරින්ටන් ඇවිනිවු හී  ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇතැයිද  එම ඉඩම සඳහා අවශ්‍ය වන්දි මුදල් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් සැකකරු රුපියල් ලක්ෂ අනූවක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතැයි දැනුම් දුන්හ. 

චමින්ද තුෂාර වර්ණ සූරිය නමැත්තා මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිෂ්මට කළ පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී පිටකෝට්ට ප්‍රදේශයේ ‘ගැමි ගෙදර’ නමැති වෙළඳසැල ඉදිරිපිටදී සැකකරුවන් අදාළ රුපියල් මිලියන නමයේ අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශනා ආරම්භ කොට ඇතැයිද දැනුම් දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන්ක කර ගත යුතු බවත් සැකකරුවන්ට ඇප නියම කළහොත් විමර්ශන කටයුතුවලට බාධා වන බවත් දැනුම් දුන් නිලධාරීහු සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත් කරන්නයි ඉල්ලා සිටියහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැනුම් දෙමින් තම සේවා දායකයින් අල්ලසක් ලබාගෙන නැතැයිද නිකරුණේ ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිති වාසිකම් උල්ලංඝනය වන්නේ යයිද කීහ.

පැමිණිලිකරු විසින් තමන්ට ලබා දුන් චෙක්පත්වලට අදාල මුදල ලබාදීම සඳහා අදාළ ස්ථානයට පැමිණෙන්නැයි කළ දැනුම් දීමකට අනුව තමන් එහි ගිය අවස්ථාවේදී තම සේවා දායකයන් අත්අඩංගුවට පත් වූයේ යැයි කී නීතිඥවරු  මේ කරුණු සනාථ කිරීමට තමන්ට හැකියාව ඇති හෙයින් ලබන තිස් වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවන්නයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය  අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිෂමට නියම කළේය .



අදහස් (1)

ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ්

Perera Saturday, 28 December 2024 05:27 PM

මෙයාගේ සහෝදරයා මහේස්ත්‍රාත් වරයෙක්... එයත් කලකට උඩදී වැඩතහනමකට ලක්වෙලා හිටියා නඩුවක විත්තිකාරයෙක් විදිහට පැටලිලා උන්නු නිසා...

:       2       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි
2024 දෙසැම්බර් මස 28 1629 0

දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපි


සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල
2024 දෙසැම්බර් මස 28 1517 0

සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි.


ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ
2024 දෙසැම්බර් මස 28 1223 0

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ගුවන්තොටේ තැන් 3කට නව ආරක්ෂිත කැමරා පද්ධතියක්
2024 දෙසැම්බර් මස 28 1218 0

මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීම, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැලැක්වීම සහ නීති විරෝධී ලෙස පුද්ගල


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිළෙයි
2024 දෙසැම්බර් මස 28 5875 12

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවය අතර අතර ඇතිවුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ලොකු ගැටු


ලක්ෂ90ක අල්ලසක් ගත් හිටපු ප්‍රා.දේශපාලනඥයා රිමාන්ඩ්
2024 දෙසැම්බර් මස 28 1888 1

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගත් කොලබ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබාග


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 206 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 138 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 110 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site