(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අපයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනයේ දී සැකකාර ගුරුවරයා අතින් එම සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය.
පාසලේ ආදි සිසුන් සහ මවුපියන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මෙම විමර්ශනය පැවැත්වීය.
මේ සිද්ධියවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ය.
මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බවට මවුපියෝ පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට මෙයට පෙර පැමිණිලි කර සිටියහ.
ඒ අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරිනී කාංචනා සුබසිංහ, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරිනියන් වන චමීරා රාමනායක සහ ලක්මිණි ධර්මදාස යන මහත්මීහු මෙම විමර්ශනය කළහ.
විමර්ශන කණ්ඩායම අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියන්ගෙන්, ඔවුන්ගේ මවුපියන්ගෙන්, පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.
සැකකාර ගුරුවරයා අවස්ථා කීපයකදීම පාසල් කාල වේලාවේදී සිසුවියන් සිවුදෙනා අපයෝජනයට ලක් කර ඇති බව පැහැදිලිව ම අනාවරණයවී ඇතැයි විමර්ශන වාර්තාවේ දැක්වේ.
මෙම ගුරුවරයා සේවය කරමින් සිටින පාසලේ රාජකාරි සඳහා වාර්තා කර නැති බව ද ඔහු සිටින තැනක් හෝ සොයා ගැනීමට නොහැකිවී ඇති බවද වාර්තා වේ.
නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් සැකකාර ගුරුවරයාගේ සේවය අත්හිටුවා ඇති අතර, පාසලේ විදුහල්පතිවරයා ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් වාර්තාවක් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට බාරදී ඇතැයි වාර්තා වේ.
අවිවාහක 56 වැනි වියෙහි පසුවන මෙම ගුරුවරයාට එරෙහිව මීට පෙර වැල්ලව ප්‍රදේශයේ පාසලකින් ද මෙවැනිම අපයෝජන චෝදනාවක් එල්ලවී තිබූ බවට කියති.
එම චෝදනාව සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ මන්මෝහන් සිං මහතා නවදිල්ලි රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදි අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වය
කොල්ලූපිටිය ගාලු මෝදර හෝටලය ඉදිරිපිටදී අද (26) දහවල් පුද්ගලික බස් රථයකට යටවීමෙන් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගිය බව කොල්ලූපිටිය පොලිසිය කියයි.
ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත
ලොව වයස්ගතම ගී ගායන කණ්ඩායමට හිමි ලෝක වාර්තාව ’’ප්‍රයිම් ටයිමර්ස්’’ නම් ගායන කණ්ඩායම පසුගියදා හිමිකර ගත්තේය. ’’ප්‍රයිම් ටයිමර්ස්’’ ගායන කණ්ඩායමේ සා
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට රැගෙන ආවේය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු
දිමුත් Monday, 26 February 2024 03:28 PM
මීට පෙරත් චෝදනා එල්ල වුණු මේ ගැන නැවත සේවයට යොදවපු කෙනා ගැනත් විමර්ශනයක් කර ක්‍රියාමාර්ගයක් ගත යුතුයි...