(යොහාන් භාසුර)
මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු ජූජකවරුන්ට අපහාස කළේ යැයි විරෝධය දක්වමින් මීගමුව පිටිපන මීසම් හතරක ජනතාව අද (25) පෙරවරුවේ විරෝධය දැක්වූහ.
අගරදගුරු හිමියන්ට සහයෝගය දක්වමින් පැවැති එම විරෝධතාවට තලාහේන, පාසියවත්ත, මංකුලිය සහ පිටිපන වන මීසම් නියෝජනය කරමින් ජනතාව විශාල පිරිසක් මීගමුව ශුද්ද වූ කානික්කා දේවමාතාවගේ දේවස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අතර තලාහේන, පාසියවත්ත සහ මංකුලිය වන මීගම්වල කතෝලික පූජවරු සහ ජනතාව පෙළපාලියකින් එම දේවස්ථානයට පැමිණ විරෝධය දැක්වූහ.
එහිදී ජනතාව පිටිපන එක්සත් ධීවර සමිතියේ පිරිසට එරෙහිව කළු කොඩි සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සහ දේවස්ථානවල සීනු නාඳ කරමින් විරෝධය දැක්වූහ.
අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ට, සියලුම ජූජකතුමන්ලාට සහ පිටිපන කතෝලික ජනතාවට විරුද්ධව කළ අසත්‍ය ප්‍රකාශවලට සහ අපහාසවලට බලවත් විරෝධය දක්වන බව එහිදී ජනතාව පැවසූහ.
‘අධිකරණ නියෝගයට ගුරු කරමු, අපි කාදිනල් හිමිපණන් සමඟයි සහ ටික දෙනෙක් බුක්ති විදින ලෙල්ලමේ ආදායම පිටිපන ධීවරයන්ට දෙන්න’ යනුවෙන් සටහන් තැබූ පුවරු ද ජනතාව අත තිබුණි.
එම විරෝධතාවට සහභාගි වූ අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා පියතුමා පැවසුවේ පිටිපන එක්සත් ධීවර සමිතියේ චෝදනාව සත්‍යද අසත්‍යද යන්න ඔවුන්ට විරෝධය දැක්වීමට පැමිණ සිටි විශාල ජනතවගෙන් පැහැදිළි වන බවයි.
ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය පිළිබඳව ගැටලුවක් හේතුවෙන් පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ට විරෝධය දක්වමින් පසුගිය සතියේ කොළඹදී අගරදගුරු නිවස අසළ විරෝධතාවක් පැවැත්වූහ.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදු කරමින් සිටියදී තවත් බෝට්ටු දෙකකින් පැමිණි අට දෙනෙකු එම බෝට්ටුවේ එන්ජිම ඇතුළු ලක්ෂ දහඅටක දේපළ කොල්ලකා පලා ගොස් ඇතැයි ක
රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටි ගුවන් මගියෙකු ග
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ
එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්රය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ශ්රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
sam Monday, 26 February 2024 01:18 AM
ආගමික නායකයන් සහ සමාජයේ තිබෙනාවූ ගැටළු සකජා මාර්ගයෙන් විසදා ගැනීම සිදුවිය යුතුම වේ, මහපාරේ හෝ මාධ්‍යයට voice cut ලබාදී වෛරය හෝ චෝදනාව, වේදනාව හෝ අපහස එල්ල කලද ගැටලුවට විසදුම් ලැබෙන්නේ නැත. සකජාවෙන් ඕනෑම ගැටළුවක් විසදා ගැනීමට හැකියාව ඇත.
පිටරැටියා Monday, 26 February 2024 03:16 AM
කාදිනල්තුමාට හෝ වෙන කිසිම ආගමික නායකයෙකුට නින්දා අපහාස කිරීම කිසිම ශිෂ්ට සමාජයක් අනුමත කරන එකක් නැහැ .තමුන් උපමාවට ගෙන අනුන්ට හිංසා පීඩා කිරීම නුසුදුසු බව බුදුන් වහන්සේ පවා දේසනා කරලා තියෙනවා .කාදිනල්තුමාට කෑකෝ ගසමින් අපහාස කරපු උදවිය තමුන්ගේ තියෙන නොහික්මුණු බව, විනයක් චාරයක් නැති හැසිරීම් ලෝකෙටම පෙන්නුවා..පාස්කු ප්‍රහාරය හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිට හඬක් නගපු නොසැළී කටයුතු කරපු එතුමා ඔවුන්ට සමාව දෙයි.එතුමා පිළිබඳව අප තුළ ඇත්තේ ගෞරවයකි
Hira Monday, 26 February 2024 08:02 AM
අපි දැන් නේ දන්නේ කාදිනල් බිස්නස් කරනවා කියලා
Jayasekara Monday, 26 February 2024 10:43 AM
දැන් දැන් සභාවෙත් කචල් නේද ?කොහේ හරි කතෝලිකම දෙස්පාලුවෙක් ඇති ඕකට ගෑවිලා