IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වෙඩි තබා මහජනසෞඛ්‍ය පරීක්ෂක මරයි

( ජනක් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)

ඇල්පිටිය දිවිතුරුගමදී  අද (26) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා  ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස දිවිතුරුගම පිහිටි ඔහුගේ  නිවසේදී මෙම වෙඩි තැබීම සිදු ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ  කරන්දෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන දීපල් රොෂාන් කුමාර නැමැති තිදරු පියෙකි.



අදහස් (21)

වෙඩි තබා මහජනසෞඛ්‍ය පරීක්ෂක මරයි

නිහාල් Monday, 26 February 2024 09:50 AM

එක්කෝ පගා පප්පෙක්, නැත්නම් ලිංගික අල්ලස් ඉල්ලන කෙනෙක්

:       120       25

Sachith Monday, 26 February 2024 09:59 AM

අපරාධ කරුවන් අල්ලන මුට්ටිය හොඳටම වැඩ කරනවා වගේ නේද

:       55       38

Nuwan Monday, 26 February 2024 10:03 AM

පී.එච්.අයි මහත්තයා හදල තියෙන ගේ දැක්කම වෙඩි තිබ්බෙ ඇයි කියල පේනවා

:       77       46

Malika Monday, 26 February 2024 10:19 AM

මේ අයගෙන් වැඩක් කරගන්න ගියාම ඉල්ලන පගාව නිසා උන දෙයක් වෙන්නත් පුලුවන්

:       57       31

Lal Monday, 26 February 2024 11:16 AM

88/89 මතක් උන .. රජයේ නිලදාරීන් මැරුවේ ඔහොමයි .... අර කණ්ඩායම විසින්

:       53       65

ඒකනායක Monday, 26 February 2024 11:48 AM

ඔවුන්ගේ වැඩ ගැන සත්‍යම කතාවක් මේක. ඒත් කියන්න ඕන හැම කෙනෙක්ම මෙහෙම නැහැ කියලා. එක්තරා පළාත් පාලන ආයතනයක් අයාලේ යන ගවයින් දෙතුන් දෙනෙක් අල්ලගෙන ප්‍රදේශයේ කුණු බැහැර කරන ඉඩමට මුදාහැර තියෙනවා කාලයක් යනවිට දෙතුන් දෙනා දහ දොළොස් දෙනෙක් දක්වා වැඩිවුණා. ඉතින් හිටපු PHI කෙනෙක් මස්කඩ හිමියෙකුට අර හරක් පට්ටියම විකුණාගෙන උදර පෝෂණය කරගෙන තියෙනවා. ඔය ඉතාමත් සාධාරණ අය නැත්තේ නැහැ... මම දැන් බලාගෙන ඉන්නේ කුමන හෝ දෙයකට අපේ නිවසට ඇවිල්ලා ගොරවන්න ගතහොත් ඔහුගේ කාර්‍යාලය අවට පවිත්‍රතාවය ගැන කියා දෙන්න තමයි...!

:       1       41

sumudu Monday, 26 February 2024 11:51 AM

සාධාරණ පරීක්ෂණයකින් පසු වැරැදි කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       51

kithsiri Monday, 26 February 2024 12:10 PM

මෙයාලට උරුමයි... කරන දේවල් හැටියට...

:       38       9

Bunny Preena Monday, 26 February 2024 01:06 PM

කරුණු කාරණා හරිහැටි නොදැන මියගිය අයට අපහාස කිරීම ශිෂ්ඨ සමාජය අනුමත නොකරයි. එය නොමිනිස්කමකි.

:       0       62

Pradeep Monday, 26 February 2024 01:20 PM

අත්වැරැදීමක් වෙලා නැත්තන් අනිවාර්යයෙන්ම අයහපත් ලෙස ජීවත්වීමේ ප්‍රතිඵල තමයි. රාජකාරිය කරන්න අල්ලස් ගැනීම හෝ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක සම්බන්ධයක්.. ඉතින් යුක්තිය කොහෙද කියලා තමයි අහන්න තියෙන්නේ?

:       9       6

KasunMonday, 26 February 2024 02:27 PM

නොදන්න දේවල් නොකියා ඉන්න. මේ මරලා තියන්නේ දක්ශ අවංක phi කෙනෙක්...

:       0       18

Ikram Monday, 26 February 2024 01:26 PM

මරණයට පත්වූ පසු ඔහුට පරිභව කිරීම වැරැදියි. සියළු ආගම් කියන්නේ ඒකයි. දුටුගැමුණු එළාරව මරලා එළාරට ගරුත්වය දෙන්න ස්මාරකයක් හැදුවා...!

:       2       19

Prabha Monday, 26 February 2024 03:24 PM

ඒ කතාවෙයි, මේ කතාවෙයි සමානකම මොකක්ද?

:       0       4

ශෙහාන් යාපා Monday, 26 February 2024 01:29 PM

සමහර මිනිස්සුන්ගේ comment දැක්කාම ඇත්තටම මේ රටට මෙහෙම වෙලා මදි කියලා විතරයි හිතෙන්නේ. මනුස්සයෙක් මැරුණාම කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව කැත විදියට මඩගහන කාලකන්නි අමන මිනිසුන්ගෙන් ඊට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බෑ තමයි. එකම ක්ශේත්‍රයේ යම්යම් අයගේ ක්‍රියාකලාපයෙන් සමාජයට මෙතරම් සේවයක් කරපු අහිංසක මිනිහෙක් මැරුණාමවත් හොයන්නේ බලන්නේ නැතුව නින්දා කිරීමට පෙර කරුණු හොඳින් සොයාබලන ලෙස ඉල්ලා සිටිමි.

:       2       40

නදීර Monday, 26 February 2024 01:54 PM

මේ නැතිවෙලා තියන්නේ අවංක දක්ශ phi කෙනෙක්. ලංකාවේම නඩු මෙහෙයවන නිලධාරියෙක්..

:       0       18

Yasiru Monday, 26 February 2024 01:55 PM

මේ මිය ගිහින් තියන්නේ දක්ශ අවංක නිළධාරියෙක්. කවදාවත් මුදලට නොනැමෙන නිළධාරියෙක්. ලංකාව පුරාම phi ල පවරන නඩු මෙහෙයවන නිලධාරියෙක් මෙතුමා. අවංකව රාජකාරී කරන නිලධාරීන්ට මෙහෙම වෙනවා නම් ඉස්සරහට නීතිය ක්‍රියාත්මක කරන්න නිලධාරින් නැතිවෙයි.

:       1       21

බද්රානි Monday, 26 February 2024 02:54 PM

ශෙහාන් යාපා මහත්තයෝ, කෙනෙක් මැරුණාම දුක්වෙන්න තරම් දෙයක් ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සමාජයට ඉතිරි කර නැහැ.. බොහෝ අයට සිදුවෙලා තියන අසාධාරනකම් නිසා මිනිස්සු ඉන්නේ නිතරම වෛරයෙන් කෝපාවිෂ්ඨ වෙලා... මට සිදුවෙන්න ගිය අසාධාරණයක් ලියන්නම්, ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරියෙක් සමග පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මදුරු කීටයින් සොයාගැනීමට නොහැකි අවස්ථාවේදී, මල් පෝච්චි පවා උස්සා පරීක්ෂා කළා. ඒකත් උස්සන්න කිව්වේ මටයි... නමුත් මම ඔහුගේ සහායත් ඇතිව පරීක්ෂා කිරීමට උදව් වුණා... මල් පෝච්චියට යටින් තබා තිබෙන භාජනයේ වතුර නොතිබුණත්, මල් පෝච්චියෙන් කාන්දු වුණු වතුර දැක ඔහු පැවසුවේ එම යටින් ඇති භාජනය ඉවත් කරන ලෙසයි... පොලිස් රාලහාමි මගෙන් විවිධ ප්‍රශ්න ඇහුවා. මම ඔහුගේ ප්‍රශ්නකිරීම් වලට පිළිතුරු දීමට බැඳී නැති බව පවසද්දී ඔහු නිහඬ වුණා.. මොවුන් දෙදෙනාම, මාව අපහසුතාවයට පත්කොට මගෙන් ගාණක් කඩා ගැනීමට උත්සාහ කරන බව තමයි මට දැනුනේ... මම අවසානයේ පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ නිවසට වඩා, මගේ නිවස හා ගෙවත්ත පිරිසිදු බව මම අනිවාර්යයෙන් දන්නා බවයි... ඒ නිසා මටත් ඔය කාගේවත් මරණ ගැන දුකක් නැහැ.

:       11       12

Jayakodi Monday, 26 February 2024 03:23 PM

බද්‍රානි මහත්මිය ඉතාමත් නිවැරැදියි කියන්න පුළුවන්... ඇත්තටම නිවසක් ඉදිකිරීම සඳහා සැලසුම් අනුමත කරන්න ගියාම එවෙලේම මරාගෙන මැරෙන්න හිතෙනවා ඒ තරම් තත්වයක් තමයි ඔය කියන කට්ටිය කරන්නේ සැලසුමක් අනුමත කරන්න ගියාම ඇස්තමේන්තු වටිනාකම අනුව ගතමනාවක් ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා විමර්ශන කරන කෙනෙක් ඒ ගැනත් බලනවා නම් සමහර විටෙක එමගින් ඔය සිද්ධියේ වැරැදි කරුවන් සොයන්නත් පුළුවන් වේවි...!

:       0       11

kithMonday, 26 February 2024 05:51 PM

හොඳ කියමනක්...!

:       0       0

කුලසිරි Monday, 26 February 2024 03:59 PM

මරන්න තරම් තරහක් තියෙන්න ලොකු හේතුවක් ඇති...!

:       1       7

Leel Monday, 26 February 2024 06:38 PM

සමහර හැඟීම් තියෙනවා වචනයෙන් කියාගන්න තේරෙන්නෙ නැති..., ඒත් කියාගන්න ඕනෑ හිතට වදදෙන...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 130 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 115 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 788 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 219 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 647 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site