IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අක්කාගේ කකුල කැපී යැයි මල්ලිත් රිමාන්ඩ්

බලන්ගොඩ නගර සභා පුස්තකාලයාධිපතිනි ස්ටෙලා පුෂ්පා වික්‍රමරත්න (54) මහත්මියගේ  පාදයක් විලුඹ ළඟින් කපා එම කොටස රැගෙන ගිය බව කියන පිය පුතු දෙදෙනා බලංගොඩ මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා විසින් ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.ඉඩම් ආරවුලක් මේ සිද්ධියට හේතු වී ඇතැයි  පොලීසිය කියයි.

පුස්තකාලයාධිපතිනියගේ සොයුරකු වන  ලක්ෂ්මන් රෝහණ වික්‍රමරත්න (43) ඔහු ගේ පුත් දිල්ෂාන් (19) එම දෙදෙනාය.පාදය කැපු මන්නය සොයාගෙන ඇත.



අදහස් (0)

අක්කාගේ කකුල කැපී යැයි මල්ලිත් රිමාන්ඩ්

පිටිගල මිලානෝ Tuesday, 04 November 2014 12:11 PM

දැන් කරන්න තියෙන්නේ මල්ලිගේ පාදයෙන් එම කොටස ගෙන අක්කාට බද්ධ කරන එකයි.මේ අහන්න ලැබෙන දේවල් එක්ක එන්න හිතෙන්නෙත් නෑ රටට(දිල්)

:       0       0

නෙලුම් Tuesday, 04 November 2014 12:21 PM

අනේ මට මගේ මල්ලිව මතක් වුනා . සුපුරුදු පරිදි ලංකාවේ හදපු කෑම ගොඩක් එක්ක මගේ පවුලටම ඇඳුම් එවල තිබුනේ අද උදේ. රැකියාවක නිරත වෙලා හම්බ කරන දේවල් හිතේ සතුටින් පවුලේ අයට දෙන මගේ මල්ලි ට ආශිර්වාද කලේ මේ පුවතේ සඳහන් අක්කාගේ ඉරණම ගැන කනගාටු වෙමින්. (දිල්)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 04 November 2014 12:32 PM

මගේ අක්කා කියන්නේ මගේ දෙවැනි අම්මා මේ වාගේ දේවල් අහන්න ලැබීමත් අපේ අවාසනාවක් (දිල්)

:       0       0

පිටිගල Tuesday, 04 November 2014 01:07 PM

පිටිගල මිලානෝ මහතා, බොහොම කාලෙකින්... (ර)

:       0       0

අසෝකා Tuesday, 04 November 2014 01:10 PM

වැදු මවටත් පියාණන්ටත් අහස කුස සේ නිගා ලංකර... සහෝදරියගේ පාදයත් ගෙන යන්න හිතුනද මොක් පුරය වෙත... තමන් මදිවට දරුවටත් නුබ කියා දුන්නා අපුරු පාඩම... මිනිස් කමටත් නිගාවක් දෙන නුබල තවමත් ඇයි මිනිස් ලොව? (ර)

:       0       0

එල් ජේ Wednesday, 05 November 2014 02:47 AM

තිරිසන් මිනිස්සු මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති එකේ ආදීනව තමයි අපි මේ ගෙවමින් ඉන්නේ (අ)

:       0       0

භානු Tuesday, 04 November 2014 01:25 PM

මගේ පියා අකාලයේ මියගිය පසු පිරිමියකුගේ පවුලේ බර කරට ගත්තේ මගේ එකම අක්කා. සරසවියට තේරිලාත් රැකියාවක් සොයාගෙන මටත් උගන්න ගෙන පවුල ගොඩ දාගත්තා. අද අම්මාත් නැති කල බිරිඳ දරුවන් එක්ක ගිහින් අම්ම සිහි කරගෙන අව්රුද්දට බුලත් දීල වඳින්නේ ඒ දේවතාවියටයි. මේ අක්කාගේ පුවත මට නම් සිතා ගන්න වත් බැහැ. (ර)

:       0       0

කමල් අන්තෝනි Wednesday, 05 November 2014 02:53 AM

මට මගේ සුදී අක්කව මතක් වුනා අපෙත් සුදී අක්කයි අම්මයි තමයි අපිව ගොඩ දැම්මේ මේ මල්ලි කොහොම මේක කලාද දන්නේ නැහැ.(අ)

:       0       0

පද්මසිරි Tuesday, 04 November 2014 01:25 PM

රටක නීති ක්‍රියාත්මක වීමත්, දඩුවම් අනුවත්, අපරාධ හා දුෂණ සිදුවේ. (ර)

:       0       0

අජිත් Tuesday, 04 November 2014 01:28 PM

මේ මිනිස්සු මෙපමණ පව් කරගන්නේ කොහේ යන්නද? දහම අවබෝදය ගෑවිලාවත් නැහැ. (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 04 November 2014 01:28 PM

රන්ජිත් පිටිගලයි සරත් පිටිගලයි දෙන්නම එකම වේදිකාවේ.... (දී)

:       0       0

රංග Tuesday, 04 November 2014 01:29 PM

අපේ පිටබැද්දර ජයාට මොකද වුනේ ? පසුගිය පුවතක දී බන්දුල බෙල්ලෙන් අල්ල ගත් පසු ඒ මනුස්සය ආගිය අතක් නැහැනේ. (දී)

:       0       0

කුමුදු Tuesday, 04 November 2014 01:32 PM

ඉඩම් හින්දා සහෝදරයන් පවා රන්ඩු වෙනවනේ.(හේ)

:       0       0

නිශාර්ඩ් පරීනා Wednesday, 05 November 2014 03:27 AM

අපේ රටේ උතුම් වූ සාර ධර්ම ගුණ ධර්ම වලට මොනවා වෙලාද, කොහේ ගිහින්ද ? කියතොත් මුදල්වලට තියෙන ආශාව නිසාම අගතියට පත් එම නිරායුධ කාන්තාවගේ නිදහසේ ජීවත්වීමේ අයිතිය අමු අමුවේ ප්‍රසිද්ධියේ උල්ලංගන වූ අයිතිවාසිකම උවමනාවෙන්ම අමතක කොට අපරාධකාරයාගේ අයිතිවාසිකමක් ගැන හේතු කියල ඔවුන්ව සුදනන් කිරීමට පිරිසක් ඉදිරිපත් වුණත් මම නම් පුදුම වෙන්නේ නැහැ, එහෙම ඉදිරිපත් වන්නන් තමන් ගැන ලජ්ජා විය යුතුයි. (අ)

:       0       0

චාන්දී Wednesday, 05 November 2014 09:30 AM

කෝ අර අපේ සංවිධාන වලට බැරිද මේ වගේ කට්ටියට බණක් භාවනාවක් එහෙම කියලා දෙන්න? (නි)

:       0       0

නන්දික Tuesday, 04 November 2014 02:09 PM

මේ වගේ අය නිසයි රට විනාශ වෙන්නේ.(හේ)

:       0       0

සුජිත් Tuesday, 04 November 2014 02:09 PM

අක්කේ මෙවන් මල්ලියෙක් ලැබෙන්න ඔයා මොනතරම් පවක් කර ඇතිද? ඉක්මන් සුව පතමි.(හේ)

:       0       0

ජානක Tuesday, 04 November 2014 02:15 PM

නියම තාත්තයි පුතයි.(හේ)

:       0       0

ඉලේපෙරුම Tuesday, 04 November 2014 02:39 PM

ලංකාෙව් සාමය කඩවීම් හා අපරාධ වලට පාදක වන ප්‍රධාන හේතුව ඉඩම් අාරාවුල්. අාරාවුල් අැතිකර ගන්නේ නැතිව අධිකරණය මගින් ඉඩම් ගැටළු නිරාකරණය කර ගන්න කියලා මහජනයාට උපෙදස් දුන්නට උසාවිෙයන් ඉඩමක් බෙදාගන්න වර්ෂ 18ක් අවම වශෙයන් ගත වෙනවා. අධික වියදමක් යනවා. ඉතින් මිනිස්සු අපරාධ කරන්න පෙළඹෙනවා. මෙරට අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කළ යුතුයි. විසඳුම එයයි.(හේ)

:       0       0

හසිත Tuesday, 04 November 2014 02:44 PM

පව් කාරයෙක්, මෙන්ම කාල කන්නියෙක්, කවදා හෝ විදවාවී.(හේ)

:       0       0

අමන්දා Wednesday, 05 November 2014 04:28 AM

මොනවා කරන්නද? අනේ කාලේ වානේ වාසේ කිව්වලු. තමන්ගේ අම්ම වගේ ඉන්න අක්කව මරන්න හදපු මල්ලිට පොඩ්ඩක්වත් මතක්වුණේ නැද්ද දන්නෙ නෑ පොඩි කාලේ එයාව වඩාව නලවපු විදිය? (අ)

:       0       0

දිලිනිකා Wednesday, 05 November 2014 04:33 AM

මේ වගේ දේවල් අහනකොට ඇඟ හිරි වැටෙනවා. තමන්ගේ සහෝදරියට තියා පිට කෙනෙක්ටවත් මෙහෙම තිරිසන් දෙයක් කරන්න පුළුවන්ද? අනේ මගේ මල්ලි මට මතක් වෙනවා. මගෙ මල්ලි මට හැමදේම ගෙනත් දෙනවා. තනියම කොහේවත් යවන් නෑ. තාත්තා කෙනෙක් වගේ පරිස්සම්ම කරනවා. මම දැන් විවාහ වෙලා ඉන්න කෙනෙක් වුනත් තාමත් ඉස්සර වගේමයි අපි අතර බැඳීම. මෙහෙම සහෝදරයෝ ගැන අහනකොටත් පුදුම හිතෙනව. පව්කාරයෝ තව තවත් සංසාර ගමන දික් කරගෙන අපාගත වෙනවා. (අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 04 November 2014 03:15 PM

ඉඩකඩම් පිලිබඳව ගැටළු වලදී සහෝදරත්වය පමණක් නෙමෙයි මව් පිය දු දරු සබදතාවයනුත් ගිලිහි ගිහින් ම්නිසුන් නොමිනිසුන් වුනු සිද්ධීන් මේ ශ්‍රී ලන්කාද්විපයට අමුතු අලුත් දෙයක් නෙමෙයි. මට පුදුම මේ අපරාදයට තම පුතාව හවුල් කරගත් මේ තාත්තා ගැන මිසක් ඉඩම් අවුලට අක්කගේ කකුල කපපු මල්ලි ගැනනම් නෙමෙයි. (ර)

:       0       0

සෙත්මි Tuesday, 04 November 2014 03:34 PM

මේ වගේ සහෝදරයොත් ඉන්නවද? (ර)

:       0       0

රූපවතී Wednesday, 05 November 2014 06:10 AM

භානු වගේ ,නෙලුම්ලාගේ සොහොයුරෝ වගේ පිරිමි , සැබෑ මනුෂ්ෂත්වය, පිරි මිනිසුන් අප රටට බිහිවේවා ..භානුගේ ලිපිය කියවද්දී ඇස්දෙක දොරේ ගලාගෙන ගියා.. සොහොයුරු සෙනේ හසේ බරට...!!! අපිත් සහෝදර සහෝදරියන් 5 දෙනෙකුගේ පව්ලක් ..අපේ දෙමාපියන් ගුරුවරුන්ට පින් අත්වේවා ..මිනිස්කම අපිට ඉගැන්නුවා ....! අපිත් අද හොද මිනිසුන්. මේවා අහන්න අපි පව් කරලා ...? (බ)

:       0       0

සමරේ Tuesday, 04 November 2014 05:15 PM

දේශපාලන ප්‍රායෝගික අභ්‍යාසයක යෙදුනාවද්ද? (නි)

:       0       0

චතුර Tuesday, 04 November 2014 05:30 PM

ඉලේපෙරුම, ඔයා හර්. අපේ තාත්තාත් ඔය වගේ නඩුවක් දාලා අවරුදු 18කට වැඩිය බලාගෙන හිටියා. (නි)

:       0       0

පද්මිණි Tuesday, 04 November 2014 07:53 PM

අවුරුදු 11ක් බාල මල්ලි වඩාගෙන මේ අක්කණ්ඩි අම්මා බත් උයනතුරු කොයිතරම් ඉන්නට ඇද්ද? මේතරම් කුරිරු සිත් පහළ වුණේ කොහොමද? (නි)

:       0       0

නදීර බංඩාර Wednesday, 05 November 2014 07:47 AM

තන්හාව තමයි හැම‍දේටම මුල (දිල්)

:       0       0

සිසිර Wednesday, 05 November 2014 07:52 AM

පොඩි අයගේ ඉදන් මේ සමාජය දූෂණය වෙලා ඉවරයි.මේවා කරන්නේ රටේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න පරම්පරාව නේද?කවුද මේවට වග කියන්නේ?.(හේ)

:       0       0

නන්දන Tuesday, 04 November 2014 11:25 AM

ලංකාව කොහෙද මේ යන්නේ.(හේ)

:       0       0

සරසි Wednesday, 05 November 2014 12:38 AM

අපේ රටේ සමහර අක්කලාගේ තියෙන්නේ උරුමයක් නෙමෙයි, කරුමයක්. අම්මලා මැදපෙරදිග ගියාම ගෙදර කුස්සි අම්මා සහ නංගිලා මල්ලිලාගේ ආයම්මා බවට පත්වෙනවා. සමහර වෙලාවට තමන්ගේ පාසැල් ගමන් නවත්වලා අම්මා කුලී වැඩට කුඹුරට යනකොට බාල උදවිය බලා ගන්නවා. අන්තිමේ තමන්ගේ කලවයස ගෙවුණාම දෙමාපියන් කියන්නේ 'ඔන්න ඔහේ මල්ලිගේ නංගිගේ ළමයි බලාගෙන ඉඳින් දුවේ " කියලා. අන්තිමට මුළු පවුලේම ආයම්මා වෙනවා. එහෙම නොවුණොත් සමහරවිට මේ පුවතේ විදියට අතපය ටිකත් මල්ලිලාටම දෙන්න වෙනවා. (නි)

:       0       0

දමිත් Tuesday, 04 November 2014 11:44 AM

මේ තරම් කුරිරුද මේ සමාජය (දී)

:       0       0

දයා අලහාකොන් Tuesday, 04 November 2014 11:44 AM

අජාසත්ත කුලයේ සහෝදරයෙක් මේ (දී)

:       0       0

චමිලා Tuesday, 04 November 2014 11:48 AM

ලංකාවේ මිනිස්සු ඔක්කම කරන්නේ බොරුව . ලෝකෙට පෙන්නනවා අපි තමා සුද්ද වන්තයෝ කියල . ඇතුලේ ජීවත්වෙන්නේ යක්කු . (දී)

:       0       0

ධම්ම Tuesday, 04 November 2014 11:49 AM

පුත් දිල්ෂාන් අනාගතයේ කොහොම කෙනෙක් වෙයිද. හිතනකොටත් මහා කම්පාවක් දැනෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 60 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1264 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8130 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 490 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1790 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3476 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25552 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1064 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site