IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අකුණු සන්නායක දෙකට වෙනත් සැරයක් වදී

නාවලපිටිය කැටඹුලාව වතුයායේ බංගලාවේ සවිකර තිබෙන වසර 100 කට වඩා ඉපැරණි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් අකුණු සන්නායක දෙකක් විවිධ බලපෑම් කරමින් ගලවා ගැනීමට උත්සාහ කරන පිරිසකගෙන් තම ජීවිතයට හා වතුයායට තර්ජනයක්වී ඇති බව වතු අධිකාරී ලසන්ත එදිරිවීර මහතා   පවසයි.

වේ වන විටත්  ආරක්ෂක ආරක්ෂක අංශ නිළධාරීන් යැයි සැක කරන කණ්ඩායමක් සහ හිමිනමක් ද තමන් මුණගැසී මේ සන්නායක මිලට ගැනීමට බලපෑම් කරතියි  ඔහු කියයි.

මේ ගැන නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇත. වතු සේවකයන්ට සන්නායක රැක ගැනීමට  ආරක්ෂාව අවශ්‍ය බව ඔහු කියයි.

akunu-(5) DSC04161 DSC04164 DSC04172 DSC04194 DSC04195

 



අදහස් (24)

අකුණු සන්නායක දෙකට වෙනත් සැරයක් වදී

අනුරාධ Thursday, 16 October 2014 01:09 AM

දක්වා තිබෙන සමහර අදහස් දැක්කහම දුක හිතෙනවා. අකුණු සන්නායක වල කොහොමද විදුලි ශක්තිය ගබඩාවෙන්නේ? රසායන විද්‍යාව දන්න ඕනෑම කෙනෙක් දන්නවා ඕක. වටිනවා කිව්වට, ගන්නවා කිව්වට කවුද මේවා ගත්තේ? අනික ඕක ඔයතරම් මිලකට ගන්නවා නම්, විකුණලා දාලා අලුත් එකක් ගන්නකෝ. වත්තට හොඳ ආදායමක් ගන්නත් පුලුවන්. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 14 October 2014 02:26 AM

කලට වෙලාවට හිඟ නැතිව මුදල වැටුනානම් ඔහොම විපත්තියක් සිද්ද වෙන්නේ නැහැනේ.(හේ)

:       0       0

පාලින්ද Monday, 13 October 2014 11:10 AM

ඔය තරම් පරණ ඒවා තවම වැඩ කරනවද (දී)

:       0       0

කුමුදු Monday, 13 October 2014 11:15 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

රාජුන් Monday, 13 October 2014 11:28 AM

තමන්ගේ දෙමාපියන් පවා විකුණාගෙන කන රටේ, අපේ අයියලාට අකුණු සන්නායක ගැන මොන කතාද? (නි)

:       0       0

සෙනරත් Monday, 13 October 2014 12:03 PM

දැන් සිදුවෙලා තියෙන්නේ අකුණුවලින් අපිට ආරක්ෂාවෙන්න නෙමෙයි, අපිට අකුණු සන්නායක ආරක්ෂා කරන්නයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 13 October 2014 01:08 PM

රාජුන්, කකුළුවාගේ කියමන හොඳටම ගැළපෙනවා. (නි)

:       0       0

ප්‍රිශාන් Monday, 13 October 2014 01:31 PM

වසර 100කටත් වැඩිය පැරණි අකුණු සන්නායක ඉංග්‍රීසින් විසින් ලංකාවේ ගොඩනැගිලි සහ ඒ ආශ්‍රිතව නිර්මාණය කළේ සහ සවිකළේ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා බව පැහැදිලියි. වසර 100ක් පමණ ඒ සන්නායක වලට වැදුණු අකුණු වල ඇති සහ නිෂ්පාදනය වූ වෝල්ටීයතාවය සවිකරන ලද සන්නායකයේ යටින් ඇති කහඩුවේ තැන්පත් වෙනවා. එම වෝල්ටීයතාවයන් ඇත්තටම මිල කළ නොහැකියි. හේතුව ඇමරිකාවේ නාසා ආයතනය සහ ඉන්දියාවේ නාසා ආයතනය මෙන් අභ්‍යවකාශ පර්යේෂණ සඳහා යොදාගන්න මෙම වෝල්ට් අගයන් මිලට ගන්නවා. එම නිසා යම් යම් උපක්‍රම හරහා මෙම උපකරණ ගලවා විකිණීම ලංකාව පුරාම සිදුවෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 14 October 2014 08:18 PM

පරණ අකුණු සන්නායකවල ඇති ආරෝපණ ශක්තිය නාසා ආයතනය මගින් අධික මුදලකට මිලදී ගන්නවා (නි)

:       0       0

රොකී Monday, 13 October 2014 02:53 PM

කවුරුහරි දේශපාලුවෙකුට ඕනෑ වෙලා ඇති. (නි)

:       0       0

රංගන Tuesday, 14 October 2014 08:28 AM

ළගදිම පොලිසියෙන් දාන්න වෙයි.(හේ)

:       0       0

ගජදීර Monday, 13 October 2014 07:32 AM

සමහරුන්ට පුරාවිද්‍යාත්මක වටිනාකම් තිබෙන බඩු පෙන්නන්න බැහැ. (නි)

:       0       0

ගජදීර Monday, 13 October 2014 07:32 AM

සමහරුන්ට පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන බඩු පෙන්න බැහැ.(දිල්)

:       0       0

අසේල Monday, 13 October 2014 04:12 PM

අකුණු සන්නායකය නෙමෙයි මොවුන් සොයන්නේ.එය පොළොව යට සවිකර ඇති තහඩුවයි.නමුත් එය පොළොවෙන් උඩට ගැනීමේදී වෙනත් කිසිඳු ලෝහයක් සමග ස්පර්ශ නොවිය යුතුය.තනිකරම ලී උල් ආධාරයෙන් ගොඩගැනීම සිදුකළ යුතුයි. (නි)

:       0       0

ජෙහාන් Monday, 13 October 2014 07:44 AM

මිලදී ගන්න බලපෑම් කරන උදවිය ගැන ඇහුවම කියන්න වෙන්නේ දෙයියෝ සාක්කි කියලා තමයි. (නි)

:       0       0

චානක Monday, 13 October 2014 07:51 AM

බ්‍රිතාන්‍ය පාලන සමයේ තේ වතු වල සවිකෙරුණු අකුණු සන්නායක වල ප්ලැටිනම් ලෝහය අඩංගුය. එය රත්තරන් වලට සමාන හෝ වැඩි වටිනාකමක් ඇති ලෝහයකි. එය සොයා විවිධ ආකාරයෙන් පුද්ගලයන් වතු පාලකයන් මුලාකොට ගළවාගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. (නි)

:       0       0

තාරක Monday, 13 October 2014 05:29 PM

අපේ ගෙදරත් තියෙනවා අකුණු සන්නායකයක්. කවුද ගන්නේ ? (නි)

:       1       0

ලක්ෂාන් Monday, 13 October 2014 06:00 PM

මිනිස්සු පුදුම විදිහට සල්ලි වලට කෑදරවෙලා (නි)

:       0       0

රේණුකා Monday, 13 October 2014 06:12 PM

තමන්ගේ ලාභ ප්‍රයෝජනයට අනිත් මිනිසුන්ට වදදෙන්න මේ මිනිසුන්ට තියෙන අයිතිය මොකක්ද?දැන් බලාගෙන යනකොට තමන්ට අයිති දෙයක්වත් නිදහසේ භුක්ති විඳින්න බැරි තත්වයක්නේ උදාවෙලා තියෙන්නේ.හැමතැනම හොර ජාවාරම්. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 13 October 2014 08:53 PM

හිමිනමක් මේකට සම්බන්ධ වෙලා ඇත්තේ කොහොමද? පරමාර්ථය දැනගැනීමට බොදුනුවෙක් ලෙස විමසිලිමත් වීමි. පන්සලකට හෝ දාගැබකට නම් අලුත් ඒවා මිලදීගත හැකියිනේ (නි)!! චන්ද්‍ර

:       0       0

මොහාන් Monday, 13 October 2014 09:49 AM

මෙම පැරණි අකුණු සන්නායක ආරක්ෂා කරගතයුතුයි (නි)

:       0       0

උපාලි Monday, 13 October 2014 11:50 PM

චානක කියන කතාව මාත් අහල තියෙනවා. අකුණු ගහන වැඩක්නේ කරන්න හදන්නේ. (නි)

:       0       0

ගයාන් Friday, 20 January 2023 10:31 PM

අකුණු සංනායක තරංග ගන්න බයර් ඉන්නවා. වැඩක් තිබුණොත් පවසන්න...

:       0       0

කැලුමිSaturday, 02 July 2022 06:37 AM

අකුණු සන්නායක ගලවන්නේ නැහැ. ඒකේ ප්ලේටි එකට එකතුවෙන කිරණවර්ග අධික මුදලකට ගන්නා රටවල් ගැන මා දනිමි. ඒවායේ ඇති දේවල් විකිණීමෙන් රට වැටී ඇති තත්වයෙන් ගොඩගත හැක. තිබේ නම් මා අමතන්න.. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. තෙල්පෝලිම්... මේවා ඔක්කොම නැතිකරලා දාන්න මට පුළුවන්.. තියෙන කටිටිය අමතන්න මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය ඩොලර් හොයාදෙන්න පුළුවන්.. ආත්මාර්ථකාමී නොවන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 16 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 84 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 310 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 323 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 502 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 531 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site