(ෂේන් සෙනෙවිරත්න)
අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ ෂියා අනුස්මරණ රෝහලේ ආරක්ෂක නිලධාරියකුට සහ සාත්තු සේවකයෙකුට පහරදුන් බව කියන පුද්ගලයන් තිදෙනකු සහ ඔවුන් පැමිණි වාහනය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
එම රෝහල ඉදිරිපිට පිවිසුම් මාර්ගය අවහිර වන ලෙස පෙරේදා (11) රාත්‍රී කාලයේ නවතා තිබූ ජීප් රථයක් ඉවත් කරගන්නා ලෙස රෝහල් ආරක්ෂක අංශය දැනුම් දීමෙන් පසු ඇතිවු කථාබහක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවී ඇති බව පවසන පොලිසිය ඊට සම්බන්ධ සියලූ සැකකරුවන් සහ අදාල වාහනය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද කියයි .
එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා අකුරණ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවද පොලිසිය කියයි .
පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා සහ සාත්තු සේවකයා ෂියා රෝහලේම ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි .
සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා අලවතුගොඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් සමඟ ජීප් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .
එම පහර දීමට විරෝධය දක්වමින් අද (12) පෙරවරු 08.00 සිට 10.00 දක්වා සංකේත වැඩ වර්ජනයක් ද රෝහල් සේවකයන් විසින් දියත් කොට තිබුණි .
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදු කරයි .
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.
මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අකුරණ රෝහලක ආරක්ෂකයකුට පහර දුන් 3ක් අත්අඩංගුවට