( එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ අකුරළ වෙරළ තීරයෙන් ඊයේ(13) පස්වරුවේ දිය නෑමට ගොස් දියේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර අද (14) අකුරළ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ සොයා ගනු ලැබූවේ මීටියාගොඩ වෙදවත්ත පදේශයේ පදිංචි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලැබූ එච්.බී.සංජන නමැති දාහත් හැවිරිදි පාසල් සිසුවා ගේ බවද පොලීසිය කියයි.
සම වයසේ තවත් සිසුන් දෙදෙනෙකු සමග මිය ගිය සිසුවා මුහුදේ දිය නාමින් සිටියදී තිදෙනාම මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර අනෙක් දෙදෙනා පදේශවාසීන් මුහුදට පැන බේරාගෙන ඇත.
මිය ගිය සිසුවා බේරා ගැනීමට නොහැකිවී ඇති අතර ඔහු මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදහන්ව ගොස් තිබුණි.බේරාගත් සිසුන් දෙදෙනා පතිකාර සදහා බලපිටිය රෝහලට ඇතුලත් කළ ඇති බවත් ඔවුන් දෙදෙනාගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අවුරුදු නිවාඩුව නිසා මේ සිසුන් තිදෙනා මිතුරෙකුගේ නිවසකට යනවා යයි සිය නිවෙස්වලට දන්වා මුහුදේ නාන්න ගොස් සිටියදී හදිසියේ ආ රළ පහරකට ගසාගෙන ගොස් ඇති බවද පැවසේ. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.
මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අකුරල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර හමුවෙයි