කලාවට සම්බන්ධ දෙතුන් දෙනෙක් එකතුවෙලා චිත්‍රපට පෝස්ටර් ගහන ව්‍යාපාරයක් ආරම්භ කළාලු. මේ ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු ගැන කතා කරන්න දක්ෂ දැන්වීම් නිර්මාණ ශිල්පියෙක් එක්ක මේකෙ ප්‍රධාන කට්ටිය පොඩි සාකච්ඡාවක් පැවැත්වුවාලු. "අපිට ඕනෙ මේකට හොඳ SLOGAN එකක්, නැත්තම් හොඳ වෙළෙඳ පාඨයක්. මිනිස්සුන්ට මතකයෙ රැඳෙන එකක් වෙන්න ඕනෙ." "අපි මේ පොස්ටර් මුද්‍රණය කරන්න පාවිච්චි කරන්නෙ ලෝකෙ තියෙන ඉස්තරම්ම තීන්ත වර්ගයක්. ඒ නිසා ඒවා අව්වට වැස්සට හොඳට ඔරොත්තු දෙනවා." සමාගමේ ලොක්කා කිව්වලු. "පෝස්ටර් අකුරුවලට ඔය හැටි වගකීමක් දෙනවනම් අපි යටින් දාමු "අකුරු මැකී නෑ" කියලා වෙළෙඳ පාඨයක්," දැන්වීම් නිර්මාණකරුවා කිව්වලු.
"නියමයි. අනික අපි පෝස්ටර් අලවන්න කොන්ත්‍රාත්තුවත් භාර ගන්නවා. අපි අලවන පෝස්ටර්වලට උඩින් වෙන කාටවත් අලවන්න, ගලවන්න ඉඩ තියන්නෙ නැහැ. ඒවා කරන්න බැරි විදිහට ඒ අවට විශේෂ කණ්ඩායම් යොදවනවා," ඔහු කිව්වා.
"හා එහෙමනම් අපි දාමු "අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ" කියලා නිර්මාණ ශිල්පියා කිව්වලු. "බොහොම හොඳ යෝජනාවක් ඒක. බේකරි තුනක් අයිති මගේ යාළුවෙක් ඉන්නවා මොරටුව පැත්තෙ. එයා තමයි ඒ පළාතෙ හොඳම, රසම ඩබල් බනිස් (ජෝඩු බනිස්) හදන්නෙ. එයාගෙ බනිස් බිස්නස් එකටත් හොඳ වෙළෙඳ පාඨයක් හොයනවා මල්ලි," ලොක්කා කිව්ව ගමන් අර ශිල්පියා ක්ෂණිකව උත්තර දුන්නලු.
"අයියෝ සුලු දෙයක්නෙ. ජෝඩු බනිස් නේද? ඒකට දාමු "සංසාරේ අපි එකට ඉමු" කියලා."
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අකුරු මැකී නෑ, කොළ ගැලවී නෑ, සංසාරේ අපි එකට ඉමු