IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අකලංකගෙයි උපේක්ෂාගෙයි පෙම් ජවනිකා

      F-(617)

 

සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී සිනමාවට තිළිණ කළ ආදරණීය නිර්මාණයක් වන සින්ඩරෙල්ලා, නිර්මාණය හමාර වූයේ මීට වසර 4කට පමණ පෙරදීයි. නමුත් මේ නිර්මාණය මේ දක්වා තිරගත කිරීම් ආරම්භ නොවුණේ ඇයි? පසුගිය දිනවල සමාජ වෙබ් අඩවි සහ තවත් මාධ්‍ය වෙතින් වාර්තා වුණේ, මෙහි ප‍්‍රධාන චරිත රඟ පෑ යුවළ වන උපේක්ෂා ස්වර්ණමාලි සහ අකලංක ගනේගම මෙහි පූර්ව ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි නොවන වගයි. කොහොම වුණත් දැන් මේ සින්ඩරෙල්ලා මෙම දෙසැම්බරයේ සිට රීගල් ඇතුළු SEL මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට සියලූ කටයුතු සූදානම් කොට තිබේ. එසේ තිබියදී මේ උපේක්ෂා සහ අකලංකගේ විරසකය ගැන සහ සින්ඩරෙල්ලා රූගත කරද්දී ඒ දෙදෙනා මුහුණ දුන් විශේෂිත සිදුවීම් ගැන ප‍්‍රවීණ සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී සැඳැල්ලට ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.

 

 

20151110_081557
button මෙම චිත‍්‍රපටය රූගත කර හමාර වුනේ 2011 දීයි. ඇයි තිරගත වීමට මෙතරම් ප‍්‍රමාද වුණේ?
රූගත කර අවසාන සංස්කරණ කටයුතුවලට යොමු වූ පසු චිත‍්‍රපට එකක් නොව දෙකකට සමාන කොටස් ඇති බව අපට තේරුම් ගියා. ඒ අනුව සින්ඩරෙල්ලා (1) සහ සින්ඩරෙල්ලා (2) යනුවෙන් අපි සංස්කරණ කටයුතු නිම කළා. ඉන් පසුව පසු නිෂ්පාදන සඳහා තවත් මුදල් සොයන්න සහ ඒ සඳහා නිෂ්පාදකවරයකු සොයන්න අපට සිදුවුණා. ඒ සියල්ල එහෙම වුණාය කියමු. ප‍්‍රදර්ශනයයේදී සින්ඩරෙල්ලා පළමු කොටස තිරගත වූ පසු දෙවැනි කොටස තිරගත කිරීමටත් අපට  ඕනෑ වුණා. ඒ වෙනුවෙන් එක ළඟ දින ගැනීම සඳහා පෝලිමේ සිටින්න සිදුවුණා. දැන් ඔක්කොම හරි.

 


button දැන් මෙහි ප‍්‍රචාරක කටයුතු සඳහා ප‍්‍රධාන නළු-නිළි යුවළ දායක නොවන වගට ආරංචි පැතිරෙනවා. මොකක්ද එහි ඇත්ත?
මෙහි රූගත කිරීම් එදා අපි සිදු කළේ, කොටස් හතරකට අනුවයි. ඒ නිසා පළමු කොටසට අනුව අපි මුලින්ම කළේ මෙහි ආදරණීය ගීත ජවනිකා දර්ශන රූගත කිරීමයි. මේ සඳහා දර්ශන තල වෙනුවෙන් අපි යොදා ගෙන තිබුණේ හම්බන්තොට සහ තංගල්ල මුහුදු තීරයයි. මෙම කතාවට අනුව මේ ගීත ජවනිකා අතිශය ස්වභාවික පේ‍්‍රමනීය බව මතුවන පරිදි රූගත කරන්න අපට  ඕනෑ වුණා. මේ තාත්වික බව කෙතරම් ද කියා කිව්වොත් අකලංක සහ උපේක්ෂා ඉතාමත් ආදරණීයව ඒ ජවනිකා සඳහා පෙනී සිටියා. ඒවා කෙතරම් තාත්වික වීද යත් බොහෝ දෙනා විශ්වාස කළේ මේ දෙන්නා ඇත්තටම පෙම්වතුන් කියලයි. පසුකාලීනව මේ දේවල් සමාජ වෙබ් අඩවි වලින් පළවීම නිසා, බොහෝ දෙනා විශ්වාස කරන්නට ඇත්තේ දෙන්නා ඇත්තටම පෙම්වතුන් කියලා වෙන්න ඇති.

02_103458

09_103878

10_104271

 


button මේ දෙදෙනා ඒ පේ‍්‍රමණීය ජවනිකා සඳහා පෙනී සිටියදී මුහුණ දුන් සිදුවීම් ගැන මතකය අවදි කළොත්?
ගීත ජවනිකාවක් රූගත කරමින් සිටි අවස්ථාවකදී උපේක්ෂා වෙරළ තීරයේ සිට මුහුද දෙසට දිවයන දර්ශනයක් තිබුණා. ඇත්තටම කිව්වොත් ඒ කාලයේදී මුහුදු රළ දරුණුවට තිබුණු නිසා රූගත කිරීම් නුසුදුසු බව අප දැන සිටියා. නමුත් අවශ්‍යම නිසා අපි අවදානමක් ගෙන රූගත කිරීම් සිදු කළා. මුහුදු තීරයේ දිව ආ උපේක්ෂා මුහුද දෙසට එක් වරම පැන්නා. ඒ දර්ශනය තාත්විකව රූගත කෙරෙද්දි උපේක්ෂා නොපෙනී ගියා. පිටුපසින් ආ අකලංකත් මුහුද දෙසට යද්දී නොපෙනී ගියා. අපි හැමෝම මොහොතකට ගල් ගැසුනාක් මෙන් කිසිවක් කර කියා ගත නොහැකිව බලා සිටියා. කොහොම නමුත් අකලංකට පිං සිද්ධ වෙන්න එදා උපේක්ෂාගේ ජීවිතයට හානියක් වුණේ නැහැ.


තවත් දවසක උණවටුණ මුහුදු සීමාවේ ඇති පුංචි දූපතක වැනි තැනෙක රූගත කිරීම් යොදාගෙන තිබුණා. එතැනත් හුම්මානයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් ලස්සනට රළ උඩට මතුව එන තැනක්. නමුත් එතැන හරියට ප‍්‍රපාතයක් වගේ තැනක්. හරිම අවදානම් සහිත තැනක්. නමුත් රළ මතුව එන ලස්සන නිසා මෙතැන රූගත කිරීම සඳහා යොදාගෙන තිබුණා. ඒත් උපේක්ෂාගේ මව සහ ආරක්ෂක නිලධාරීන් අපට ඊට අවසර දුන්නේ නැහැ. කවුද ඇයගේ ජීවිතයට වගකියන්නෙ? කියලා ඔවුන් අපෙන් විමසද්දී, උපේක්ෂා ඊට ඉදිරිපත් වුණා. ඇය මට සහයෝගය දී ඒ අවදානම රැුගෙන ඒ ජවනිකා සඳහා පෙනී සිටියා. පසුව ඒ පළාතේ මනුස්සයෙක් එතැනට ඇවිත්. අයියෝ ඔයගොල්ලො මෙතැන ද හිටියේ? කියලා අපෙන් ඇහුවා.

 

F-(486)

 


ඔයගොල්ලො දන්නෙ නැද්ද මෙතැන බිලිගන්නා තැනක්. සතියකට සැරයක් විතර බිල්ලක් ගන්නවාමයි. වැඩි හරියක්ම බිලි වන්නේ ගැහැණු උදවියයි. ඒ නිසා මෙතැනට පෙම්වතුන්ට ඒමත් තහනම් කළා. ඒ විතරක් නෙමෙයි ගම්මු එකතු වෙලා මෙතැන තහනම් කලාපයක් කරලයි තියෙන්නෙ.
ඒ මනුස්සයා එහෙම කියවාගෙන යද්දී තමයි අපට මෙහි බරපතළකම තදින්ම දැනුණේ. නමුත් අපි ඔක්කොගෙම වාසනාවට හැම දෙයක්ම හොඳ වුණා. දැන් පේ‍්‍රක්ෂකයින්ට තියෙන්නෙ ලස්සනම ලස්සන චිත‍්‍රපටියක් නැරඹීමේ අවකාශයයි.

F-(529)
 

sandun-01



අදහස් (0)

අකලංකගෙයි උපේක්ෂාගෙයි පෙම් ජවනිකා

හේමන්ත Friday, 20 November 2015 12:15 PM

වතුර යට රුගත කල පමණින් හොද චිත්‍රපටයක් වෙනවාද? අපි ඕන තරම් ජලයට රංගන දැකලා තියෙනවා. (අ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 20 November 2015 01:06 PM

ගම්පහ ජනතාව මහත් ගෞරවයක් සහ භක්තියක් මෙතුමියට දක්වනවා. (නි)

:       0       0

ජයශාන්ත Tuesday, 01 December 2015 06:24 AM

හොඳ උත්සාහයක් අරගෙන තියෙනවා. සාර්ථක වෙන්න කියලා සුබ පතනවා. (නි)

:       0       0

ලක්මාලි Tuesday, 24 November 2015 10:40 AM

ලස්සනට තියනවා (බ)

:       0       0

කමල් Saturday, 21 November 2015 05:33 PM

උපේක්ෂා හරිම දක්ෂ නිළියක්. සුබ පැතුම්! (නි)

:       0       0

අකලංක Friday, 20 November 2015 05:20 AM

නියමයිනේ! (නි)

:       0       0

අමිත් Wednesday, 18 November 2015 01:57 PM

සුබ පැතුම්.! (ර)

:       0       0

පෙරේරා Friday, 04 December 2015 11:41 AM

ෆිල්ම් එකත් හොද වෙයි කියලා හිතනවා . පින්තුරු ටික නම් ලස්සනයි (ම)

:       0       0

නිහාල් Saturday, 28 November 2015 03:56 PM

නානවනම් නාන්න නෝනා.... නොනා නොනා නේන්න නෝනා... (නි)

:       0       0

අසන්ක Thursday, 19 November 2015 02:28 AM

මේ දෙන්නා දාලා ඉතිහාස කතාවක් හැදුවනම් ඔයා ගොඩ ඉනෝකා(රේ)

:       0       0

ලංකා Thursday, 19 November 2015 02:35 AM

කන්ද ළඟ ලඳද? ලඳ ළඟ කන්දද? (ස)

:       0       0

ගජේන්ද්‍ර Monday, 30 November 2015 06:22 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

නුමා Thursday, 19 November 2015 04:41 PM

කළු වෙලාද? නැත්නම් චිත්‍රපටියට කළු කරලද? නැත්නම් හැබෑ පාටද? (බ)

:       0       0

විජිත Saturday, 28 November 2015 07:21 AM

ඔබ දෙපලට සුබ අනාගතයක්.(හේ)

:       0       0

ලතා Wednesday, 25 November 2015 11:54 AM

මමත් කැමති නිලියක් උපේක්ෂා මගෙත් සුභ පැතුම් ඔයාට (අ)

:       0       0

තරංග Sunday, 29 November 2015 06:05 PM

ෂා නියමයි (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 18 November 2015 11:11 AM

දක්ෂ රූගතකිරීමක් කියලා ඡායාරූප වලින්ම පෙනෙනවා (නි)

:       0       0

ජයනි Thursday, 19 November 2015 12:42 PM

මේ දෙපළගේ එක්කෙනෙක් විවාහවෙලා අනෙක් කෙනා ළඟදි විවාහවෙන්න යනවා නේද? මෙතන අදහස් දාන අපේ කට්ටිය එයාලගේ පරණ දේවල් ඇදලා දැන් වැඩක් නැහැනේ. නේද? (නි)

:       0       0

වසන්ත Friday, 20 November 2015 12:42 AM

අකලංක කියන්නේ දක්ෂයෙක් (නි)

:       0       0

දිමුතු Saturday, 05 December 2015 12:58 PM

චිත්‍රපටි නොදැක්ක අයට නම් මේ වගේ දුර්වල නිෂ්පාදන හොඳයි කියා හිතෙනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

චන්දි Thursday, 19 November 2015 08:39 AM

ලස්සන හිතකින් ලස්සන ඇස් දෙකකින් ලස්සනට බැලුවොත් ලස්සන රැගුම් ටිකක්. ගොඩක් හොදයි. මගේ සුබ පැතුම් ඔබට උපේක්ෂා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1607 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2047 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2544 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5744 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1810 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6416 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18332 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site