IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘අකිල මහින්දට අභියෝග කරයි ’

‘ඒකාබද්ධ විපක්ෂය මුදල් ඇමැති  රවී කරුණානායකට  එරෙහි  මේ විශ්වාසභංගය ගෙන එන්නේ ජනතාවගේ විශ්වාසය කඩවු පිරිසක්. එම පිරිසේ සිටින හිටපු  ජනාධිපතිට අපි අභියෝග කරනවා පුළුවන්නම් උදේම පාර්ලිමේන්තුවට  ඇවිත්  කතා කරලා  හවස් වෙනකං පාර්ලිමේන්තුවේ ඉඳලා ඡන්දය පාචිච්චි කරලා යන්න කියලා. තමන්ගේ නිරුවත වහගන්න විශ්වාසභංග ගෙනඒමේ තේරුමක් නැහැ. බය නැතුව ඇවිල්ලා මේවාට මුහුණ දෙන්න කියලා අපි කියනවා.’ යැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්  මහතා  අද (09) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති හමුවකදී  පැවසීය.

GLA_5532



අදහස් (0)

‘අකිල මහින්දට අභියෝග කරයි ’

බණ්ඩාර- කැකිරාව Thursday, 09 June 2016 12:19 PM

අපිට යහපාලන ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ ,අපේ විශ්වාසය බංගවෙලා ඉවරයි ,මේ ආණ්ඩුවේ ඇමතිලා .මහින්දට බනිනවා මිස රටට කරපු සෙතක් නැහැ,. ඔය කයිවාරු ගහන ඇමති තුමෝ.. ඔබතුමා ලංකාවේ පාසල්වල පුස්තකාලවලට පොත් කියක් දුන්නද? දුෂ්කර පාසල්වල ,ගුරුවරුන්ගේ හිගය ගැන හෙව්වද, නැනේ (බ)

:       0       0

චතුරි Thursday, 09 June 2016 12:20 PM

කතාව ඇත්ත මහින්ද. රට බාරදෙනකොට හැම ආයතනයක්ම හිස්. ගොඩක් ෆයිල්. අතුරුදහන් මහා බැංකුව. නමට. මුදල්. වෙනුවට බිල්පත් (බ)

:       0       0

සනත් ඒකනායක Thursday, 09 June 2016 01:18 PM

ඔය බය නැති කම නිසා වෙන්න ඇති ඊයෙ මයික් ටික "ඉබේම" ක්‍රියා විරහිත වුණේ (බ)

:       0       0

සුසන්ත Thursday, 09 June 2016 01:34 PM

යහපාලකයින් තේරුම් ගෙන ඇති සත්‍යය නම් බොරුවෙන්ම ජනයා රවටා බලයට ආවා මෙන්ම බොරුවෙන්ම හැමදා ජනතාව රවටමින් සැප විඳිය හැකි බවයි - මේක තමයි ඇත්ත. ජනතාවට සංවර්ධනය හෝ, මංමාවත් හෝ, වරායවල් ගුවන්තොටවල් හෝ, ලස්සන නගර හෝ, විදුලි බලාගාර ආදියෙන් වැඩක් නැත - අපේ වැනි රටක ඒවා හදා තේරුමකුත් නැත.(බ)

:       0       0

සුසන්ත Thursday, 09 June 2016 01:35 PM

නිකන් නරිවාදන් නොදොඩා තමන්ගේ අමාත්‍ය මණ්ඩලේ දිහා බලන්න. බලන්න මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වුන කීදෙනෙක් අද ඇමතිලා වෙලා ඉන්නවද කියල පිනට, බලන්න එයාල වෙනුවෙන් කොච්චර වියදම් කරනවද කියල රටේ මිනිස්සුන්ගේ සල්ලි. (බ)

:       0       0

මොරවැව Thursday, 09 June 2016 01:43 PM

පිරුණු කලේ දිය නොසැලේ (බ)

:       0       0

සුසන්ත Thursday, 09 June 2016 01:50 PM

හැම බැරුවාවක්ම වහගන්න කියන්න තියෙන්නේ මහින්ද මහින්ද මහින්ද මහින්ද! මහින්දත් ඔහොම චන්ද්‍රිකා චන්ද්‍රිකා නැත්නම් රනිල්ර නිල් කියා කියා හිටියනම් අද රට කොහොමට තියේවිද? නිකමට හිතල බලන්න. නිකමට රට 2006ට කලින් තිබුන විදිය හිතල බලන්න. රට 2015 තිබුන විදියත් 2020 වෙනකොට තියන විදියත් අතර මොන වෙනසක් තියේවිද කියා හිත බලන්න (බ)

:       0       0

සහන් Thursday, 09 June 2016 02:00 PM

මොනවා උනත් මෙතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. (ර)

:       0       0

යෝනක Thursday, 09 June 2016 10:06 AM

කතාව සැර වැඩිද මන්දා? (නි)

:       0       0

නිහාල් Thursday, 09 June 2016 02:31 PM

ඒ මිනිසුන්ගේ ජනතා විශ්වාසය කඩවෙලා නෑ ඡන්දෙනුත් පැරදිලා,පාර්ලිමේන්තු ආසනයක්වත් නැතුව ජනතා විශ්වාසය කැඩුණු පිරිසක් පස්ස දොරින් පාර්ලිමේන්තුවට අරන් ඉන්නේ ඔබලාමනේ. (බ)

:       0       0

නිම්මි Thursday, 09 June 2016 02:42 PM

හොරා කරපු දේවල් වලින් එක දශමෙක දේවල් මුන් කරලා තියනවද? එනවා මෙතන මහින්දට බනින්න. මහින්දගෙ එක කෙස් ගහක් තරම් වත් වටින් නැහැ. (බ)

:       0       0

අරුණ Thursday, 09 June 2016 10:15 AM

අනේ මහත්තයෝ මොනවද මේ ලොකු කතා? (නි)

:       0       0

ධම්මික Thursday, 09 June 2016 10:17 AM

මහින්දගේ නිරුවත කෙසේවෙතත් සමහර අනෙක් දේශපාලකයන්ගේ නිරුවත මුළු රටටම පෙනිලා ඉවරයි (නි)

:       0       0

චින්තක Thursday, 09 June 2016 03:04 PM

මීයෙක්, සිංහයෙකුට අභියෝග කළාද? (බ)

:       0       0

රත්නසිරි Thursday, 09 June 2016 04:03 PM

මහින්දගේ මයිල් ගහක් තරම් වටිනා කෙනෙක් ද මේ (බ)

:       0       0

නිමල් Thursday, 09 June 2016 04:26 PM

නොදන්නාකමට කියන දේවල් ගණන් ගන්න එපා (නි)

:       0       0

ජනහිත Thursday, 09 June 2016 05:28 PM

මෙහෙම අය කියන ඒවාට උත්තර දෙන්නවත් අපිට හෝ මහින්ද මහත්මයාට උවමනාවක් නැහැ. කටමැත දොඩවන්න එපා (නි)

:       0       0

ජනහිත Thursday, 09 June 2016 05:34 PM

රත්නසිරි, මහින්දගේ රෝම කූපයත් අපිට වටිනවා. (නි)

:       0       0

විජිත Thursday, 09 June 2016 10:25 AM

අනේ අපි මොකටද මේවට උත්තර දීලා? (නි)

:       0       0

තුෂාර Thursday, 09 June 2016 10:25 AM

මහින්දට අභියෝග කරන්න පුලුවන් කාටද? (නි)

:       0       0

රණසිංහ Thursday, 09 June 2016 10:27 AM

අලුත් ආණ්ඩුව කරන කියන දේවල් අපි හොඳට දන්නවා. ඇමති මණ්ඩලය 30 කිව්වා. අද 92 ට ගිහින්. බඩු මිල අඩුකරනවා කිව්වා. තිබුණටත් වැඩිය වැඩිවෙලා. පොහොර නැතුව ගොවියෝ ගොවිකම අතහැරලා. ගහන්න ඕනෑ බදු ඔක්කොම ගහලා. හැම වෙලාවේම මහින්ද මහින්ද... දැන් ඕවා අහල එපාවෙලා. ජනතාව දන්නවා ඇත්ත (නි)

:       0       0

ලක්ෂි Thursday, 09 June 2016 10:28 AM

මහින්ද....මහින්ද.... මහින්ද... හැමදේටම මහින්ද (නි)

:       0       0

ජයසිරි Thursday, 09 June 2016 10:31 AM

ඔබතුමාට ඉගෙනගන්න තව හුඟක් දේවල් තියෙනවා (නි)

:       0       0

රජිත් Thursday, 09 June 2016 07:35 PM

බලය නැති ඔබතුමාලා ඉස්සරහ අපි ඉන්නකොට අපි ඇඳුම් අැඳලා ඉන්නවා කියලා පේනවනේ. නමුත් බලය කියන කණ්ණාඩිය දාගත්තහම අපිව පෙනෙන්නේ ඇඳුම් නැති වනචාරින් වගේ. බලයට එන හැම දේශපාලකයෙක්ම අපි ඇඳගෙන ඉන්නවට උඩින් අන්දන්න හදනවා. ඇඳගත්ත අය ටික කාලෙකින් ගළවනවා. කාලයක් යද්දී ආයේ අමතක වෙනවා. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 09 June 2016 10:33 AM

මහින්දගෙන් තොර ලෝකයක් සිතාගන්නට බැහැ. යහපාලනේ තේමා ගීතය ඕක තමයි. (නි)

:       0       0

කපිල Thursday, 09 June 2016 10:39 AM

අනේ ඉතින් ඔයාලා මොනවද මිනිසුන්ට කළේ? (නි)

:       0       0

ඕමාර් Thursday, 09 June 2016 10:39 AM

මහින්ද....මහින්ද...මහින්ද... බාලගිරි දෝෂයද මන්දා මේ ආණ්ඩුවට.... (නි)

:       0       0

සෙන්පති Thursday, 09 June 2016 10:42 AM

අනේ අපේ රටට කාගේ පිහිටක්ද? (නි)

:       0       0

රොක්සි Thursday, 09 June 2016 10:42 AM

දැන් මහින්ද අභියෝගය බාරගනීද? (නි)

:       0       0

නිරුල් Thursday, 09 June 2016 09:35 PM

මහින්ද කියන්නේ ශක්තිමත් යුග පුරුෂයෙක් මහත්තයෝ (නි)

:       0       0

ලීල් Thursday, 09 June 2016 10:47 AM

මහින්ද හොරා කාපු කාලෙත් රටේ ජනතාව හොඳින් හිටියා බඩකට පිරෙන්න කාලා, ජැන්ඩියට ඇඳලා, ත්‍රීවීල් එකක, කාර් එකක ගිහිල්ලා... බොරු නම් කුලියාපිටියෙ මිනිසුන්ගෙන් අහලා බලන්න. (නි)

:       0       0

රංග Thursday, 09 June 2016 10:58 AM

මේ අපේ ලංකාවේ අධ්‍යපන අැමතිද? (නි)

:       0       0

ශානක Thursday, 09 June 2016 10:48 PM

මහින්ද කියන්නේ මේ රටේ තිබුන ලොකුම අභියෝගයත් ජයගත් කෙනෙක් (නි)

:       0       0

යාරිස් Thursday, 09 June 2016 11:02 AM

මහින්දගේ වරදක් අපි දැක්කේ නැහැ. එයා හැමදාම අපේ 'අප්පච්චි'. (නි)

:       0       0

දුමින්ද Thursday, 09 June 2016 11:09 AM

මහින්ද නෙමෙයි කොයි කෙනත් ජනතා ඡන්දෙට යටයි කියන එක රටේ ජනතාව ජනවාරි 8 පෙන්නුවා (නි)

:       0       0

ආර්නෝල්ඩ් Thursday, 09 June 2016 11:09 AM

කතා කරනකොට ඉහ නිකට බලලා කතාකරන්න කියලා අපේ කතාවක් තියෙනවා නේද? කතාව ඇත්ත වුණාට මහින්ද වගේ ජ්‍යෙෂ්ඨයෙක්ම ඕක කිව්වා නම් හොඳයි (නි)

:       0       0

විමල් Thursday, 09 June 2016 11:35 PM

ඔහු වෙනුවෙන් පෙනීසිටින්න අය තවත් ඉන්නවනේ (නි)

:       0       0

නිහාල් Thursday, 09 June 2016 11:15 AM

හැමදාම මහින්දට බැනලා තමන්ට පවතින්න බැහැ කියලා තේරෙන්නේ නැති හැටි (නි)

:       0       0

බටගල Thursday, 09 June 2016 11:15 AM

හැමදාම ඉතින් මෙයාලට මහින්දට තමයි (නි)

:       0       0

සමන්ත Friday, 10 June 2016 12:09 AM

මහින්දට අභියෝග කරන්න? (නි)

:       0       0

සඳුන් Friday, 10 June 2016 12:30 AM

මෙයා කියන්නේ ඇත්ත තමයි. මහින්ද පන්සල් ගානේ මුදල් ඇමතිට බනින්න ඕනෑ නැහැ. තමන් කියන දේ හරි නම් බය නැතුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා එක දවසක් හරි කතාකරලා, විරුද්ධව ඡන්දෙ දෙන්න කියන එක මම නම් හිතන්නේ වැරදි දෙයක් නෙමෙයි. (නි)

:       0       0

මධුෂාන් Thursday, 09 June 2016 11:15 AM

මහින්දට අභියෝග කිරීමට සිටින්නේ කවුද? (නි)

:       0       0

කුමාර් Thursday, 09 June 2016 11:15 AM

මෙයාලා හීනෙන් දකින්නෙත් මහින්ද. හැමදාම මහින්දට බැනලා මේ ආණ්ඩුවේ වැරදි වහගන්න හැමදාම බැහැ. ඔහොම යමුකො (නි)

:       0       0

ප්‍රතාප් Thursday, 09 June 2016 11:16 AM

ඔබතුමලාගේ නිරුවත මුළු රටටම පේනවා. ඡන්දය කල්දාලා යන්තම් පොඩි අමුඩ ලේන්සුවකින් වහගෙන ඉන්නේ. අනේ හැබෑටම පක්ෂයකට ගිය කලක්. (නි)

:       0       0

දුමින්ද Friday, 10 June 2016 01:26 AM

පක්ෂ පාට පැත්තකට තියලා බැලුවොත් මට නම් ගැටළුවක් මහින්ද මහත්තයා මොකද මේ එළියේ කතා දාලා, පාර්ලිමේතුවේ විශේෂ විවාද මඟහරින්නේ? ඡන්ද පවත්වනකොට මඟහරින්නේ. දැන් මේ කියන දෝෂාභියෝගයට මහින්ද මහතා, විමල්, නාමල් අත්සන් නොකර බොරුවට එළියේ කතා පවත්වන්නේ මොකද? හැමදාම වගේ මේ විවාදෙටත් නැත්තේ මොකෝ? (නි)

:       0       0

ජනහිත Friday, 10 June 2016 01:27 AM

තමන් පැමිණි තැන මතක නැතුව දැන් කෑගහනවා (නි)

:       0       0

සුජීව Thursday, 09 June 2016 11:19 AM

මේ කවුද මහින්දට අභියෝග කරන්නේ? කරලා තියෙන දේවල් බලන්න මුලින්ම. අවුරුදු 1 1/2ට මොකද කළේ? (නි)

:       0       0

අයිරාංගනී Thursday, 09 June 2016 11:23 AM

මහින්දගේ නිරුවත කෙසේවෙතත් ඔයාලගෙ නිරුවත නම් දැන් හොඳට පේනවා (නි)

:       0       0

රන්ජිත් Thursday, 09 June 2016 11:24 AM

කාටවත් අභියෝග කරන්න එපා. තමන්ට දුන් වැඩේ හරියට කරන්න. ඔබගේ ඡන්ද නැවත ගන්න වැඩ කරන්න. ලකුණු දාගන්න කයිවාරු ගහන්න එපා. (නි)

:       0       0

නවරත්න Thursday, 09 June 2016 11:25 AM

අනේ අපිට නම් ලැජ්ජයි මේවා ඇහෙනකොට (නි)

:       0       0

බණ්ඩාර Thursday, 09 June 2016 11:28 AM

යහපාලනය ඉදිරියට ගෙනයාමට මහින්ද ලොකු අභියෝගයක් තමයි (නි)

:       0       0

වෙල්ගම Thursday, 09 June 2016 11:34 AM

කයිවාරු විතරයි. හැමදාමත් ඕකමයි දැන් අවුරුදු දෙකක් වෙලත්. ඕගොල්ලෝ මොනවද කරන්නේ? (නි)

:       0       0

ටානි Friday, 10 June 2016 02:30 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටානි Friday, 10 June 2016 03:21 AM

බලමු මහින්ද දක්වන ප්‍රතිචාරය (නි)

:       0       0

දුමින්ද Thursday, 09 June 2016 12:02 PM

මහින්ද ගැන කියව කියව ඉදල වැඩක් නෑ ජනතාව මේ ආණ්ඩුව පත් කරලා ඉවර යි. දැන් ප්‍රයෝගිකව පෙන්වන්න කරලා සහ කරන්න යන වැඩ කොටස, ඉදිරි සැලසුම් මොනාද , ජනතවගේ බදු බර අඩු කරන්නේ කොහොමද , මේවා කතා කරන්න . මහින්ද යි එයාගේ ගෝලයෝ ටික යි රට ඉල්ලන්නේ අපිට ආදරේට නෙවි කියල මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 60 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 44 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 475 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1057 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1234 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site