IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අකාෂ්ගේ 'හදාගන්න හිත ආදරෙන්' මියුසික් වීඩියෝව එළිදකී

2016-12-27-ent-04

2016-12-27-ent-02ගීත ක්ෂේත්‍රයට නවකයෙකු වන ආකාෂ් සචින්තන පසුගියදා සිය අලුත්ම ගීත රූප රචනාව එළිදක්වනු ලැබුවා. "හදාගන්න හිත ආදරෙන්" නම් වූ ආකාෂ් ගයන මෙම ගීතය වත්මන් රැල්ලට නිර්මාණය වූවක්. මීට පෙරද ගීත කිහිපයක් නිර්මාණය කර ඇති ඔහු තවමත් පාසල් අධ්‍යාපනය ලබමින් සිටීම විශේෂත්වයකි. සිය අලුත්ම ගීත රූප රචනාවට රසික ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටින ඔහු ඉදිරියේදී නව ආරේ ගීත කිහිපයක්ද නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටියි.

"හදාගන්න හිත ආදරයෙන්" ගීතය රචනා කළේ මහේල සඳරුවන්. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි ඔහු මේ ගීතය පද රචනා කළේ. ගීතයට සංගීතය එකතු කළේ දමිත අයෝධ්‍ය. ගීත රූප රචනාව නිර්මාණය කළේ "බ්‍රාවෝ" ස්ටුඩියෝ වෙනුවෙන් සජිත් ප්‍රියංකර. මා සමගින් මෙහි නාමල් රාජසිංහ, සංජලී රාජපක්ෂ රංගනයෙන් දායක වෙනවා. මේ ගීතයේ ඕඩ්යෝව මා නිකුත් කළේ මීට අවුරුද්දකට විතර කලිනුයි. එම ගීතයට ලැබුණ රසික ප්‍රතිචාර මත තමයි ගීත රූප රචනාවක් කරන්න මම අදහස් කළේ."

දැනට නාත්තන්ඩිය ධම්මිසර ජාතික පාසලේ අධ්‍යාපනය ලබන ආකාෂ් සචින්තන ශ්‍රී ලංකාවේ සිටින දක්ෂතම වොලිබෝල් ක්‍රීඩකයෙකුද වෙයි. දැනට ශ්‍රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායමද නියෝජනය කර ඇති ඔහු ක්‍රීඩාවට මෙන්ම ගායනයටද එකසේ දක්ෂතා දක්වන්නෙකි. කුඩා කාලේ සිට ගීත ගායනයට මෙන්ම සංගීතයටද දැඩි ලෙස ඇලුම් කළ ආකාෂ් ගීත ගායනයට යොමුව ඇත්තේ මෑතකදීය. දැනට ගීත කිහිපයක් නිර්මාණය කර ඇති ඔහු ඉදිරියේදී ක්‍රීඩාව සම්බන්ධ නිර්මාණය වුණ ගීතයක් නිර්මාණය කරන්නටද සූදානමින් සිටියි.

"2017 අවුරුද්දේ තමයි මම උසස් පෙළ විභාගයට පෙනී ඉන්නේ. ඉතින් අධ්‍යාපන කටයුතු අවසන් වුණ ගමන්ම පූර්ණ කාලීනව සංගීත කටයුතුවලට සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා. ගායනයට වගේම මම ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක් නිසා ඒ පැත්තනේ ඉදිරියට යන්නත් අදහසක් තියෙනවා. පසුගියදා ලංකාවෙන්ම දක්ෂතා දැක්වූ වොලිබෝල් ක්‍රීඩකයන් හයදෙනා අතරට මමත් තේරුණා. ඒ වගේම සම්මානත් ලැබුණා. 2015 අවුරුද්දේ මැලේසියාවේ තිබුණ වයස අවුරුදු 19න් පහළ ලෝක ශූරතා වොලිබෝල් තරගාවලියේදී ශූරතාව දිනූ කණ්ඩායමේ සාමාජිකයෙකු වෙන්නත් මට හැකියාව ලැබුණා. එමෙන්ම ධම්මිසර විද්‍යාලයේ 2013 ඉඳලා වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දරන්නෙත් මමයි."

අම්මා, තාත්තා ඇතුළු සිය පවුලේ සැමදෙනාටම ස්තුතිය පුද කළ ආකාෂ් "හදාගන්න හිත ආදරෙන්" ගීතය නිර්මාණය කරන්නට දායක වුණ සැමටද තුති එක් කළේය. එමෙන්ම නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ සංගීත අංශයේ සියලු දෙනාටත්, මිතුරු, මිතුරියන් සියලුදෙනාවත් ඔහු අවසානයේ ආදරයෙන් මතක් කර සිටියේය.

 

2016-12-27-ent-05



අදහස් (0)

අකාෂ්ගේ 'හදාගන්න හිත ආදරෙන්' මියුසික් වීඩියෝව එළිදකී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 122 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 951 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 531 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3368 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2499 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4496 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1347 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site