(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධාත්වයෙන් ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
අඩු ආදායම්ලාභී රෝගීන් සඳහා ක්‍රියාත්මක කෙරෙන අක්ෂි කණ්ණාඩි ලබාදීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් සංකේතාත්මකව අඩු ආදායම්ලාභී අක්ෂි ආබාධවලින් පෙළෙන රෝගීන් 25 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.
ජාතික අක්ෂි රෝහලේ රෝගී දත්ත පරිගණක ගත කිරීමේ මුලික ක්‍රියාවලිය යටතේ රෝගීන්ගේ දත්ත එක්රැස් කිරීම සදහා වන පොත හඳුන්වාදීමද මෙහිදී සිදුකෙරිණ.
අක්ෂි රෝහලේ මහල් 03 කින් සහ ශල්‍යාගාර 06 කින් සමන්විත ශල්‍යාගාර සංකීර්ණය ඉදිරියේ දී ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරිමට හැකියාව ලැබෙනු ඇති බව ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එහිදී පැවසීය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික්, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ