IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අංක නැති යතුරු පැදියෙන් ඇවිත් කපා කොටා පැනගිහින්

සාමන්‍ය ඇඳුමෙන් සැරසී යතුරුපැදියකින් යමින් සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු  යාපනය චුන්නාකම් නගර මධ්‍යයේදී කපා කොටා තුවාල කර ඇතැයි පොලිසිය කියයි.

අංක තහඩු නැති යතුරු පැදි තුනකින් ආ බව කියන පිරිසකගේ පහර කෑමට ලක්වූ බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා යාපනය රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි කියයි.

එලෙස පහර කෑමට ලක්ව ඇත්තේ නවරත්න නම් පොලිස් සැරයන්වරයෙකු සහ හේරත් නම් පොලිස් කොස්තාපල් වරයෙකු බවත්, ඔවුන් දෙදෙනා බුද්ධි රාජකාරියේ නිරත දෙදෙනකු බවත් පොලිසිය පවසයි.

සාමන්‍ය ඇඳුමෙන් ගිය බව කියන  දෙදෙනා පොලිසියේ බව දන්නා අඳුනන පිරිසක්ම මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකෙරේ.

අංක තහඩු නැති යතුරු පැදි වලින් යාපනයේ සාමන්‍ය ජනයා නොයන බව චුන්නාකම් ප්‍රදේශවාසීහු කියති.

 අවට සීසීටීවී දර්ශන සොයාගෙන ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

යාපනයයේ මිය ගිය සරසවි සිසුවකු වන සුලක්ෂන්ගේ නිවසට කිලෝමීරයක පමණ දුරින් මෙම පහරදීම සිදුවී ඇති අතර සිදුවීම් දෙක අතර සම්බන්ධයක් නැතැයි පොලිසිය කියයි.

චුන්නාගම් සිද්ධිය හැරුණු කොට යාපනයේ කිසිදු කළබලකාරී තත්ත්වයක් නැත. 

14793803_1852840291614429_1119762804_n 14825740_1852840294947762_2117616679_n0-02-06-3df0eb41eea68c81056a5a12e26f085266279ccd31ad99f80455d43f9cf62f6f_full 0-02-06-17e95e25ad534f5631c292aa94edcc8da1c9063e023e3d371f7d67ff30c05f62_full 0-02-06-188ef77d2b3bb05cefba60f9b263dcf8001cea9f4f147eae236c8c78e469658d_full 0-02-06-0706208577c0d1898c87f4d5d070039a13cb3a1ef45dbc7e847c298f8ce9fd72_full



අදහස් (0)

අංක නැති යතුරු පැදියෙන් ඇවිත් කපා කොටා පැනගිහින්

සුසන්ත Sunday, 23 October 2016 12:40 PM

පරීක්ෂණ වලින් හෙළිවේවි පොලිස්යේ දෙන්න තනියෙම කපාගෙන කියල, මන්නාරමේ සෙබළු තුන්දෙනා තමන්ටම ගහගෙන වගේම - දැන් සහජිවනේ සහ යහපාලනෙනේ. (බ)

:       0       0

විජේ Sunday, 23 October 2016 01:10 PM

මේවා හරියට ‘පොලිස් මැජික්‘ වගෙයි අපිට නම් (නි)

:       0       0

ජයසිරි Sunday, 23 October 2016 01:29 PM

නිකන් සුදු හුණු ගාලා පැලේ වැවෙනතුරු අපිට මේ දේවල් නොකියා ඉන්න. යහපාලනයට ජය වේවා! (නි)

:       0       0

ධනසිරි Sunday, 23 October 2016 01:30 PM

බුද්ධි සාමාජිකයින් ප්‍රවේශම් වුණොත් හොඳයි (නි)

:       0       0

චතුරංග Monday, 24 October 2016 06:16 AM

මේ ආණ්ඩුව කරන්නේ එන්ජිඕ කාරයන්ට ඕන කරන දේ විතරනේ (බ)

:       0       0

රොමේෂ් Monday, 24 October 2016 06:23 AM

ගොඩක් අයගේ මොලේ දිග පළල, කියන ලියන වචනවලින් මැනගන්න පුළුවන්. අද මේ දේ සිදුවුනේ දකුණේ සිංහල ගමකනම් උඩ තියෙන ගොඩක් අදහස් වෙනස් ආකාරයකට තියෙයි.(බ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 23 October 2016 01:59 PM

හොද හොද සෙල්ලම් තව ඉස්සරහට. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 23 October 2016 02:02 PM

මේක තමයි යහාපලනය කියාලා කරගත්ත වෙනස ,දැන් ඉතින් කැලේ හැංගිලා හිටපු කොටි පැටව්දාලා ගමට ඇවිත්, අයෙත් වැඩ ආරම්භ කරලා වගෙයි පෙන්නේ. අපි මේවා ගැන කතා කළාම ජාතිවාදියෝ කියලයි දෝෂාරෝපණය නගන්නේ, කළගුණ නොදන්නා සිංහලයින්නම් කොටියාම කාපුවාවේ (බ)

:       0       0

අනිල් Sunday, 23 October 2016 02:44 PM

මතකනේ මිලේනියම් සිටි බුද්ධි අංශ පාවාදුන්නට පස්සේ ඒ උදවිය ඔක්කොටම වුණ වැඩේ. ආ! සිංහලයින්ට ඒවා මතක නැහැනේ. මතක නැති අය මතක් කරගන්න. දැන් අායෙත් බුද්ධි අංශ වලට ඒ සෙල්ලම වගේ. කොහොමටත් හිරේ දාලා, මානසිකව වට්ටලා අඩපණ කරලා තියෙන බුද්ධි අංශවලට ඔච්චරයි අඩු දැන්. (නි)

:       0       0

ලංකා Sunday, 23 October 2016 02:47 PM

ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ලොකු වැරදීමක් වුණා, ජනවාරියේ දවසක මීට වසරකට කලින් (නි)

:       0       0

ශෂික Sunday, 23 October 2016 02:54 PM

ඔබට සතුටුයිද දැන්...(බ)

:       0       0

ලුසේනා Sunday, 23 October 2016 03:01 PM

මෙම සිදුවීමට ලංකාවේ ජනාධිපති වරයා අපක්ෂපාතී පරීක්ෂණය කරන්න කියලා පොලිසියෙන් ඉල්ලුවේ නැහැ නේද? යහපාලනයක වෙනස.(බ)

:       0       0

ලක්ෂි Sunday, 23 October 2016 03:08 PM

1960 ගණන් වල මුල්කාලෙත් මේ වගේ සුළු සුළු සිද්ධි තමයි අැතිවුනේ. එදා හිටපු පාලකයෝ නියපොත්තෙන් කඩන්න තිබුණ දේ මල්ටි බැරල් ගහන තත්වෙට එනකම් පණ්ඩිත කතා කියකිය හිටියා. (බ)

:       0       0

රොමේෂ් Sunday, 23 October 2016 03:12 PM

ලංකාවේ සමහර නු‍ගත් මිනිස්සු බලන් ඉන්නේ ආයේ කොටි නැගිටිනකම්. එගොලන්ට මාර "ත්‍රිල් " එකක් ලැබෙන්නේ මේවගේ සිදුවීමක් වෙනවා දකිද්දී. මුහුණු පොතේ බැලුවත්, එල්.ටී.ටී.ඊ එකේ එවුන් උන්ගේ ඊළාම් කොඩිය දානවට වඩා අපේ නුගත් අය ඒ කොඩිය දදා උන්ගේ කොඩියට ප්‍රචාරණය දෙනවා. (බ)

:       0       0

සුසන්ත Sunday, 23 October 2016 03:13 PM

ජනාධිපතිතුමනි, මේ කාරණයටවත් ඉක්මන් පරීක්ෂණයක් කරමු නේද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 23 October 2016 03:28 PM

ඉස්සර කාලේ තිබුනේ "සුදු වෑන්" සංස්කෘතිය! අද කාලේ ඇවිල්ලා තියෙනවා "අංක නැති යතුරුපැදි" සංස්කෘතියක්! ඉස්සරහට තව මොනවා ඒවිද දන්නේ නැහැ. (නි)

:       0       0

රෝහිත Sunday, 23 October 2016 04:00 PM

අනිත් අය දාලා තියන ඒවා වගේ නොවෙයි, රොමේෂ් මහත්තයා දාලා තියන එක තේරෙනවා මදි මට නම් (නි)

:       0       0

යසන්ත Sunday, 23 October 2016 04:58 PM

තව තවත් ඉදිරියට තව තවත් බිහිසුණු සිදුවීම් අසන්න ලැබුනත් අපි පුදුම නොවෙමු (නි)

:       0       0

රත්නසිරි Sunday, 23 October 2016 05:07 PM

රොමේශ්,කවුද නූගත්? ඔයා උගත්ද? අනෙක් අය නූගත් වුණත් මොළේ තිබේ. ඔබට කොහොමදෙ? (නි)

:       0       0

චන්දන Sunday, 23 October 2016 05:12 PM

රොමේෂ්, ඔබ වැනි අය තමා යහපාලනය ගෙන අාවේ. කමක් නැහැ. ඔහොම යමු. වැඩි කාලයක් යන්න පෙර අායෙත් ඇඳන් යට රිංගන්න, බස් වල කෝච්චි වල යද්දී බයේ යන්න ලැබෙයි (නි)

:       0       0

ජනක Sunday, 23 October 2016 05:21 PM

අගය කළයුතු සංහිඳියාව දැන් අපිට පාරා වළල්ලක් වෙලා නේද? ඉවසීමේ සීමාවක් ඇති බව කවුරුත් සිහියේ තබාගත යුතුයි. අපි කාගේත් අයිතිවාසිකම් රැකීම අගය කරන අතර කිසිවෙකුට විශේෂත්වයක් නැති බවත් දැන්වීමට කාලය පැමිණ ඇත. (නි)

:       0       0

කෝසල Sunday, 23 October 2016 05:31 PM

වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නේ නැත (නි)

:       0       0

අබය Sunday, 23 October 2016 08:26 PM

එන පොට හොඳ නැහැ වගෙයි (නි)

:       0       0

ජනහිත Sunday, 23 October 2016 08:58 PM

දැන් තමන්ගේ රැකියාව රැකගන්න ජීවිතය පරදුවට තබන්න තමා වෙලා තියෙන්නේ. මොකද අංක තහඩු නැති යතුරුපැදි වලින් යන්නේ අහිංසක මිනිස්සුනේ. බැරිවෙලාවත් ඔය වෙලාවට වෙඩි තියලා ඔවුන් මැරුණොත් හැමෝම කියයි ‘අනේ හොඳ ළමයි, ප්‍රදේශයේ අයට වැඳගෙන උන්න අය‘ කියලා. (නි)

:       0       0

අශිකා Sunday, 23 October 2016 09:24 PM

සිංහලයට තමන්ගේ මේ පුංචි රට රැකගන්න බැරි හැටි? ප්‍රධානම හේතුව තමයි, සිංහලයාගේ එකමුතුකමක් නැතිකම. දැනවත් ගියේ රෝයල්, ගම දකුණේ කිය කියා නරිවාදම් ගහ ගහා ඉන්නේ නැතුව අපි සැවොම එක්වෙලා අපේ උරුමය බේරාගනිමු (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 23 October 2016 11:37 PM

රොමේෂ්, ලංකාවේ කිසි කෙනෙක් කැමති නැහැ කොටි කරපු විනාශ නැවත රටේ ඇතිවෙනවට. මේ වගේ පොඩි පොඩි දේවල් එදා ගණන් නොගෙන හිටපු නිසා තමා එච්චර දුරට ගියේ. සමහරු කැමති ඇති කොටි කොඩි ලංකාවේ ලෙළදෙනවට. (නි)

:       0       0

ජයන්ත Monday, 24 October 2016 12:56 AM

මේ මොනවා වුණත් අපිට කමක් නැහැ. අපිට ඕනෑ යහපාලනය. නැද්ද මං කියන්නේ? අනේ මගේ කට! (නි)

:       0       0

ලාල් Monday, 24 October 2016 01:15 AM

ඉතාම සැකකටයුතු දෙයක්. ඔවුන් විහින්ම දෙන්නට දෙන්නා කපා කොටා ගන්න ඇති (නි)

:       0       0

බමුණුසේන Monday, 24 October 2016 01:33 AM

රොමේෂ්, අපි පාතාලය ගැන කතාකරන්නේ පාතාලය නැගිට්ටවන්න නොවෙයි. අල්ලස් ගැන කතා කරන්නේ අල්ලස් වලට අනුබල දෙන්න නොවෙයි. ඒවගේම එල්.ටී.ටී.ඊ එක ගැන කතාකරන්නේ එල්.ටී.ටී.ඊ එක උස්සලා තියන්න නොවෙයි. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 24 October 2016 01:35 AM

දැන් මොනවද කරන්න කියන්නේ කෝසල? (නි)

:       0       0

චමත් රණසිංහ ඉතාලිය Monday, 24 October 2016 01:50 AM

රොමේෂ් , ඔයාලා වගේ හිතන අයට භීෂණය නැවත නැගිටිනවා කියන එක හිතන්න තරම් මොළයක් නොමැතිවීම තමයි රටේ කරුමය. නිකන් මෝඩ කතා කියන්නේ නැතුව හරිදේ ගැන කියන්න පුරුදු වෙන්න. (නි)

:       0       0

නිශාන්ත Monday, 24 October 2016 01:55 AM

රොමේෂ්, ඔබ කිවූ වර්ගයේ මිනිසුන් කොපමණ මේ රටේ ඉන්නවද කියලා අපිට පෙනෙනවා. ඉතින් රට හදන්නේ කොහොමද? (නි)

:       0       0

නිමල් ලලිත Monday, 24 October 2016 01:58 AM

අසික, බමුණු, සේන වැනි අයට ස්තුතියි. (නි)

:       0       0

ඉමේෂ් Monday, 24 October 2016 02:02 AM

ඊළඟ මැතිවරණෙන් ආණ්ඩුවට පෙන්නන්න ඕනෑ අපේ අකමැත්ත එයාලට. මේ කරන දේවල් හොඳ දේවල් නෙමෙයි. අපේ සුළු ජාතියේ අයිතිවාසිකම් වලට කතා කරන්න කවුරුවත් නැහැ (නි)

:       0       0

දසනායක Monday, 24 October 2016 03:03 AM

දකුණේ කොච්චර මරාගත්තත් අපේ අයට පෙනෙන්නේ යාපනේ වෙන දේවලමනේ. (නි)

:       0       0

බමුණුආරච්චි Monday, 24 October 2016 03:12 AM

කෝසල, අහලා තිබෙනවද ගහන්න ගහන්න වඳින එකා මෝඩයා කියලා (නි)

:       0       0

සෙනරත් Monday, 24 October 2016 03:13 AM

කොහොමද යහපාලනයේ ප්‍රතිඵල? දැන් කට්ටියට සතුටු ඇති නේද? (නි)

:       0       0

සචී Monday, 24 October 2016 03:18 AM

නියම සහජීවනයක්නේ! (නි)

:       0       0

රසික Monday, 24 October 2016 03:36 AM

රොමේෂ්, අපේ රටේ මිනිස්සුන් වැඩි දෙනෙක්ට ලෙඩක් තියෙනවා අපේ දස අතින්ම සතුරන් සිටින බවට පෙනෙන.මොනව කරන්නද ඉතින් (හේ)

:       0       0

නිර්ෂාඩ් Monday, 24 October 2016 03:36 AM

කවුරු මේ දේ කරන්න ඇත්ද?(හේ)

:       0       0

සම්පත් පතිරණ Monday, 24 October 2016 03:53 AM

මොනවත් කියන්න හොද නෑ.. සන්හිදියාවට බාධාවක් නිසා (බ)

:       0       0

දිනේෂා Sunday, 23 October 2016 10:35 AM

"අංක තහඩු නැති යතුරුපැදි වලින් යාපනයේ සාමාන්‍ය ජනයා නොයන බව“ පවසන්නේ, ඒ කියන්නේ යාපනයේ තියෙන්නේ වෙනම නීතියක්ද? නීතිය නමන අය මේවා ගැන හොයා නොබැලුවොත් ඉදිරියේදී ලොකු ගැටළුවක් වෙන්න පුළුවන් (නි)

:       0       0

චන්දන Monday, 24 October 2016 04:09 AM

පොලිසියට මෙය පාලනය නොහැකි බව පෙනියනවා. ත්‍රස්තවාදය නැවත ලියලමින් පවතින බවට ඕනෑ තරම් ඉඟි දැන් පහළවී හමාරයි. (ම)

:       0       0

ඉසුරන්දි Sunday, 23 October 2016 10:56 AM

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපනතුරු අපි බලාසිටිමු (නි)

:       0       0

සෑම් Sunday, 23 October 2016 10:58 AM

මම නම් කියන්නේ හමුදා කඳවුරු යාපනයේ ස්ථාපිත කළයුතු බවයි (නි)

:       0       0

ඩේසි Sunday, 23 October 2016 11:22 AM

අපේ අය පහරදුන්නා නම් බලන්න තිබුණා අද වෙන දේ.. (නි)

:       0       0

සුසන්ත Sunday, 23 October 2016 11:40 AM

දැනට ඉතුරුවෙලා තියන කඳවුරු කිහිපයත් නුදුරු අනාගතේදීම ගළවා ඉවත් කරලා ඉවරවුණාම බලාගන්න පුළුවන් නියම ප්‍රතිඵල. දැනටමත් පරිවාර කඳවුරු අයින් කරලා හින්දා තියෙන කඳවුරු කිහිපයත් තියෙන්නේ බොහොම අනාරක්ෂිත තත්වයක. ඉතින් ඒවා තිබුනා කියලත් ලොකු වෙනසක් වෙන එකක් නැහැ. හැබැයි සංහිදියාව දෝරේ ගලන්න පටන්ගන්න දවස වැඩි ඈතක නොවෙන බව නම් බොහොම පැහැදිලිව පේනවා. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 23 October 2016 11:53 AM

දැන් නිලධාරීන් යන්න්‍ෙ තුවක්කු ගබඩාවේ තියා ඉබ්බන් දමායි. තමන්ගේ ආරක්ෂාව තමන් සළසාගත්තා නම් හොඳයි කියායි හිතෙන්නේ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 23 October 2016 11:54 AM

එන පොට හොඳ නැහැ කියලයි අපිට නම් හිතෙන්නේ (නි)

:       0       0

සාගර Sunday, 23 October 2016 12:00 PM

සහජීවනය උතුරාගිය මොහොතක් ලෙස මෙවන් සිද්ධි දකින අයත් මේ රටේම ඉන්නවා (නි)

:       0       0

සරත් Sunday, 23 October 2016 12:04 PM

83 ට කලින් තිබුනේත් මෙම තත්වය. පසුගිය රජයෙන් ඇතිකළ සාමය නව රජයෙන් අනිත් පැත්තට හරවන්න වගේ හදන්නේ. (නි)

:       0       0

රුවන් Sunday, 23 October 2016 12:04 PM

හිතාගන්න පුලුවන් වෙලා තියෙන දේ. දේශපාලන වාසි ගන්න තාමත් පරණ හොල්මන් ඉන්නවා වගේ (නි)

:       0       0

සෙනෙවි Sunday, 23 October 2016 12:07 PM

මෙවැනි අපරාධකරුවන්ට වෙඩි තැබීමට දෙවරක් සිතිය යුතු නැත (බ)

:       0       0

නිස්සංක Sunday, 23 October 2016 12:08 PM

ඔන්න එහෙනම් ආයෙත් කොටියා දඩයම පටන් ගත්තා එහෙනම්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි
2024 ඔක්තෝබර් මස 10 800 0

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 975 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 516 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 294 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 320 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 600 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39747 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25840 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 59 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 380 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1245 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site