IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


අංගොඩ ලොක්කාගේ කල්ලියට කොළඹ අවට පර්චස් 928 ක්

(ඉන්දිකා රාමනායක)

අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් කොළඹ ඇතුලු බස්නාහිර පළාත තුළ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන්  අත්පත් කරගෙන  ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මොවුන් මෙම නීති විරෝධී  ජාවාරම්වලින්  කෝටි 50 ට අධික දේපළ උපයාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එම දේපළ  ඉදිරියේ මුදල් විශුද්ධිකරණ  පනත යටතේ රාජසන්ත කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

අංගොඩ ලොක්කා කැලණිමුල්ල,  අඹතලේ යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය  නීති විරෝධී වැලි තොටුපොළවල්  සහ  ඉඩම් ගොඩකිරීම්   සිදුකරන ස්ථාන කිහිපයක්ම  පසුගිය දිනවල පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව වැටලීම්  සිදුකර  සැකකරුවන් විශාල පිරිසක් හා   ඒ සඳහා යොදාගත් උපකරණ  පොලිසිය බාරයට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ජාලිය සේනාත්රන මහතා මේ බව පැවසුවේ අද  (10) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවදීය.

 

 

 



අදහස් (8)

අංගොඩ ලොක්කාගේ කල්ලියට කොළඹ අවට පර්චස් 928 ක්

de silva Monday, 10 August 2020 02:34 PM

අංගොඩ ලොක්කා මෙච්චර දෙයක් කරනකම් පොලිසිය දන්නේ නැද්ද? මේ ලොක්කා හැර තව මෙවැනි වැඩකරන ලොක්කන් රට පුරා තව සිටිනවාද? ඔවුන් ආරක්ෂා කරන්නේ කුමන දේශපාලන ලොක්කොද?

:       0       70

Lakmal Monday, 10 August 2020 04:57 PM

පොලිසිය ලැජ්ජා නැතුව ඒක කියන අපූරුව.

:       0       59

නිලන්ත Monday, 10 August 2020 06:54 PM

අංගොඩ ලෙලාක්කා මැරුණහම තමයි පොලීසියත් වැටලීම් කර වැඩ පෙන්නන්නේ. මෙහෙව් නිලධාරීන් එක්ක අනේ කවදා නම් මේ රටට හරියාවි ද?

:       0       37

Sugath Tuesday, 11 August 2020 12:58 AM

ඔහොම දෙයක් වෙන්න පුලුවන්ද? නීතිය ක්‍රියාත්මක වෙන ආයතන හරියට ක්‍රියාත්මක වුණා නම්... දේශපාලන බල අධිකාරියේ ඉඳලා පහළටම පාතාලයින්ගේ දොළපිදේණි වලින් සතුටු වුණු එකේ ප්‍රතිඵල. මේ කරන්නෙත් තවත් එක් රඟපෑමක් විතරයි. මේවාට විරුද්ධ වුණු අය එක රැයට අතුරුදහන් වුණා. නැත්නම් මහපාරවල් වල මරා දැමුණා. ඒ රට, ජාතිය ගැන කැක්කුමෙන් කතාකරන දේශපාළුවන්ගේ ආශීර්වාදයෙන්ම...

:       0       41

Buddhika P Tuesday, 11 August 2020 01:55 AM

අපි දන්නේ අදයි, එතකොට අංගොඩ ලොක්කා ලංකාවේ කොටසක් පාලනය කරලා තියෙනවා. මිනිහා මැරෙනකල් මේ මොකුත්ම පොලිසියට හොයාගන්න බැරි වුණා. වැලි තොටුපොළක්, ඉඩම් ගොඩ කිරීමක් වගේ දෙයක්, ගමේ කසිප්පු අල්ලනවට වැඩිය ලේසියි. කසිප්පු පෙරන්නේ හොර රහසේ. ඈත එනකොටම බඩුත් දාල දුවනවා. වැලි ගොඩ දාන්නේ, දාහක් දෙනා බලා ඉන්දැද්දී. ටොන් 7-8 බර වාහන දාලා ඉඩම් ගොඩ කරන්න පුලුවන්ද හොරෙන්...? හැතැප්ම භාගයක් විතර වාහනවල සද්දේ ඇහෙනවා. අහල පහල ගෙවල්වල වුණත් ටීවී හිටන් හයියෙන් දාන්න වෙනවා, වාහනවල සද්දෙට වැඩිය. ඒවායේ වැඩකරන ඩ්‍රයිවර්ටවත් මොකුත් ඇහෙන්නේ නෑ. මිනිස්සුත් 15 - 20 එළිපිටම වැඩ කරනවා. පස්ලෝඩ් 500 - 1000 එක ඉඩමක් ගොඩකරන්න යනවා. තාර පාරවල තියෙන මඩ ටයර් පාරවල් ඔස්සේ ගියත් මේක අල්ලාගන්න පුළුවන්. ජීප් එක නවත්තලා පාර අයිනේ ඉන්න. අවු 3 - 4 කොලු පැටියෙක්ගෙන් ඇහුවත්, කොහෙද පුතේ ඉඩම ගොඩකරන්නේ කියලා.. ගිහිල්ලම පෙන්නාවි. පොලිසිය කලිසන් ඇඳන්ද මේ මාධ්‍ය සාකච්ඡා තියන්නේ...

:       0       3154

kamal Tuesday, 11 August 2020 02:39 AM

මේ තරම් නීතියට පිටුපා වැඩකරන කොට පොලිසිය මොකද කළේ කියලත් මේ මාධ්‍ය ප්‍රකාශක තුමා කිව්වද?

:       0       155

sharm warn Tuesday, 11 August 2020 03:48 AM

අංගොඩ ලොක්කා විතරක් නෙවෙයි... තව තව ලොක්කෝ ගොඩක් ඔය වැඩේ කළා...

:       0       4

san Tuesday, 11 August 2020 05:40 AM

අනේ ඉතින් අපේ පොලිසියෙන් මොනා කරන්නද මේවට.?

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 23 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 157 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


උසස් පෙළ නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 124 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 909 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 374 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 623 4

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 983 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 427 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site