අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට එක්රැස්වී විරෝධතාවයක යෙදී සිටිති.
මේ හේතුවෙන් වෝඩ් පෙදෙස අවට දැඩි රථවාහන තදබදයක්ද ඇතිවී ඇතැයි පොලිසිය කියයි.
සිසුන් 200කට ආසන්න පිරිසක් කොමිසම ඉදිරිපිට වාඩිවී විරෝධය පළ කරති. අග්නිදිග සරසවිය පිහිටා ඇති ප්‍රදේශය ගැටළුකාරී බවත් එම ස්ථානය වෙනස් කරන ලෙස හෝ නැතිනම් ඔවුන් වෙනත් සරසවියකට යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ඡායාරූප - සිරි මහබෙල්ලන
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අග්නිදිගින් අද වෝඩ් පෙදෙසට ඇවිත්
ෆාරා Monday, 21 December 2015 11:00 AM
මේවා පුංචි දේවල් මේවා කරන්න බැරි අාණ්ඩු මොනවටද. මන්ත්‍රී කෙනෙක් වෙනවනම් එම වැඩේ අවබෝධයක් තියෙන්නේ ඕන, නැත්නම් අපෙන් අහන්න අපි උදව් කරන්න ලැහැස්තියි (බ)
ධම්මික Monday, 21 December 2015 11:14 AM
මේවට තමයි කියන්නේ උසි ගැන්වීම් කියල. අග්නිදිග කියන එකේ තේරුම වත් නොදන්නා අයට මොන උපාධිද? ධනුෂ්ක මෙයාල ඉල්ලන්නේ වෙන විශ්ව විද්‍යාලයක් මිස පහසුකම් නොවේ..කෙලින්ම දාන්න යාපනේට. තල වට ගණන් කර කර ඉන්නකොට මතක් වේවි ඌව කොච්චර රමණීයයිද කියල. ආණ්ඩුවට කරන්න බැහැ කියල පෙන්නන්න කරන වැඩනේ. නඩු දාන්න ඕන පර හරස් කළානම්. දඩ ගහන්න ඕන උසාවියෙන් මීට පසු මෙවැනි දේ නොකරන්න. (බ)
පිටබැද්දර ජයා Monday, 21 December 2015 11:19 AM
අග්නි ගිනි ගනී ! (ම)
තුෂා Monday, 21 December 2015 12:55 PM
උපාධිය බාල්දු වෙන්නේ රටේ පොදු නීතියක් වත් නොදන්නා තමන්ගේ අන්ද බාල හැසිරීම් නිසා නේද ? රජයට ගෝරනාඩු දාලා මහා මග යන බදු ගෙවන ජනතාවට පාර අවහිර කලාම කාගේ තත්වයද බාල්දුවෙන්නේ ? (ර)
නිමේෂ් Monday, 21 December 2015 01:47 PM
ධම්මික අග්නිදිග විශ්ව විද්‍යාලය තියෙන්නේ ඌවේ නෙවෙයි අම්පාර ඔළුවිල් වලයි. ඔළුවිල් වල තියෙන ප්‍රශ්න ගොඩයි.ඒවා නොදැන පළකරන අදහස් වලින් වැඩක් නෑ. හොදට හොයලා බලලා අදහස් දාන්න (බ)
සිරිපාල Monday, 21 December 2015 07:54 AM
ඔවුන් වෙනත් සරසවියකට යොමු කරන එක හොඳා. එත් ඉතින් විද්‍යා පීඨයටකට තමා හොඳ..... (ම)
සමන් දිසානායක Monday, 21 December 2015 03:39 PM
ධම්මික මම අම්පාරේ මම දන්නවා මේක ගැන නිමේෂ් කියන කතාව ඇත්ත මෙතන ඇත්තටම ළමයින්ට අසාධාරනයක් වෙලා තියෙනවා මේ ළමය පුදුම අමාරුවක වැටිලා ඉන්නේ ධනුෂ්ක කරුණු නොදැන කතා කරන්න එපා (බ)
සමන් Monday, 21 December 2015 03:52 PM
ධනුෂ්කත් හරි (නි)
සඳුන් Monday, 21 December 2015 08:25 AM
වෝර්ඩ් ප්ලේස් වල තියන ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙන තැනකට ස්ථාන ගතකරන්න කාලේ හරි වගේ. (කෞ)
ධනුෂක Monday, 21 December 2015 08:43 AM
යහපලකයනි , රාජ්‍ය ඉංජිනේරු උපාධිය බාල්දු නොකරනු !!!!!!! (කෞ)
කමල් Monday, 21 December 2015 08:50 AM
දනුෂ්ක , මිට කාලින්නේ ළමයි ඕකේ ඉගෙනගත්ත . මේගොල්ලෝ අහසිනේ පතේ වුනාද ?? (කෞ)
ධනුෂ්ක Monday, 21 December 2015 09:26 AM
විශ්ව විද්‍යාලයෙන් තවම උපාධිය සම්පුර්න කරපු කවුරුත් නැති බව රටම දන්නවා. මොන ආණ්ඩුව කරත් මොන ආණ්ඩුව තිබ්බත් රජයේ විශ්ව විද්ද්යාලයක උපාධිය බාල්දු කිරීම අපි හෙළ දකිනවා. මේ ළමයි ඉල්ලන්නේ ඉගෙන ගන්න අවශ්‍ය දේවල් මිසක් වෙන මොකුත් නෙවේ. (කෞ)
සමන් දිසානායක Monday, 21 December 2015 09:28 AM
ඉංජිනේරු පීටය මේ ලඟදි පාගන් ගත්තේ මේ ළමයන්ට දේශකයෝ නැ ළමයින්ගේ විරෝදය සාධාරනයි. විසදුම් දිය යුතුයි වහාම. දේශකයන් ලබා දිය යුතුයි. මොන විදිහට ගෙවීම කලත් ඔවුන් ඔලුවිල් යන්න කැමති නැ එහෙනම් ගුවන් මගින් ගෙන්විය යුතුයි. (කෞ)
ධනුෂ්ක Monday, 21 December 2015 09:34 AM
මිට කලින් මේකේ ඉගෙන ගෙන උපාධිය සම්පුර්ණ කරපු එක ළමයෙක් හොයල දෙන්න පුලුවන්ද? අවශ්‍ය ආචාර්යවරු නොමැති කම නිසා ළමයි අමාරුවේ වැටිලා ඉන්නවා, මේ හැමෝම ඉහලින්ම උසස් පෙළ විභාගය ගණිත අංශයෙන් සමත් උන අය මේක කොච්චර අසාධාරන්යක් ද ? (කෞ)
සංඛ Monday, 21 December 2015 10:08 AM
මේකේ තියෙන්නේ එහෙම සිද්දියකට වඩා වෙන දෙයක්.. (කෞ)