උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අග්නිදිග ඉංජිනේරු සිසුහු කොළඹ උද්ඝෝෂණයේ
විදානගමගේ Thursday, 10 December 2015 11:46 AM
ලංකාදීපේ ඩිස්නිලන්ත්යටම යන්න ඕනෙද අපේ ළිඳ ළඟ උපසාකතුමා ඩිස්නිලන්තයට ගිය ෆොටෝ දාන්න? (බ)
ගිහාන් Thursday, 10 December 2015 11:59 AM
මේගොල්ලන්ට විතරයි රටේ ප්‍රශ්න තියෙන්නේ. අනිත් මිනිස්සු ඉපදිලා ඉන්නේ මේගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න. බදු ගෙවන ජනතාවත් මෙහෙම පාරට බැහැලා පිස්සු නැටුවොත් මොකද මේ රටට වෙන්නේ ? (ර)
වීරසූරිය Friday, 11 December 2015 05:04 PM
ගිහාන් මහත්තයෝ, බදු ගෙවන ජනතාවත් මෙහෙම පාරට බැහැලා පිස්සු නැටුවොත් රජයට ඕනෑ ඕනෑ විදිහට නටන්න බැරිවෙනවා (නි)
සේන Thursday, 10 December 2015 12:28 PM
යහපාලනය නිසා ඔක්කොම දැන් සද්ද දානවා. (නි)
කැළුම් Thursday, 10 December 2015 01:03 PM
මේ සිසු ප්‍රශ්න කවදා විසඳේවිද? (නි)
චන්දිමාල් Thursday, 10 December 2015 02:06 PM
ගොඩගේ මහත්තයෝ නොදන්නා දේවල් කතා නොකර ඉන්නවද .ළමයින්ගේ ඉල්ලීම සාධාරණයි (බ)
සංජීව Thursday, 10 December 2015 02:08 PM
මෙතන ගොඩක් දෙනෙක් විවිධ අදහස් දක්වලා තියනවා. ඒ වගේම කියල තියනවා පාරට බැස්ස එක වැරදි කියලත්. ඒ අය දන් නෑ අද ඔය විදිහට පාරට බහින්ට වුනෙ ඇයි කියලා. මෙතන ඉන්න ගොඩක් අය අඩු පහසුකම් තියන දිස්ත්‍රික්ක වල ලමයි. අවම පහසුකමක් වත් නැති පාසල් වලින් ඉගෙන්ගෙන. එහෙම කරලත් ඉංජිනේරුවෙක් වෙන්ට කියල කැම්පස් අාවම තමන්ගෙ උපාධිය වත් නොලැබෙන තත්වෙක්ට පත් වුනාම එයාලට කොයි වගේ කලකිරීමටක් ඇති වෙන්වද. (බ)
දිසානායක Thursday, 10 December 2015 02:19 PM
මේක සුලුවට තකන්න හොද නෑ.මේ ඉංජිනේරු සිසුන්ව.රටේ අනාගතේ. ප්‍රයිවට් කැම්පස් වලට අද හුගක් පහසුකම් තියනව.ඒත් රජයේ කැම්පස් වලට තමා දක්ෂයො යන්නෙ.එයාලට හොඳ විසදුමක් දෙන්න ඕන.මෙවට දේශපාලනේ ගාවගෙන බෑ.විශේෂයෙන් ඉංජිනේරු පරිසරේ තියෙන්නෙ නාගරික පසුබිමක.මාධ්‍ය මේ වගෙ වැදගත් ප්‍රශ්න වලට දැඩිව මැදිහත් විය යුතුයි (බ)
ජයවීර Thursday, 10 December 2015 09:31 AM
අනේ පව් (බ)
ගොඩගේ Thursday, 10 December 2015 09:38 AM
කිසිම කෙනෙකුගෙ උපාධියක් හෝ වෙනත් අධ්‍යාපන සුදුසුකමක් බාල්දු කරන්න තව කෙනෙකුට බෑ. මේ විදිහට පාරෙ කෑගහල එක එකා ගෙ අතකොළු වෙන්න එපා. (බ)
රත්නායක Thursday, 10 December 2015 03:15 PM
සිසුන්ගේ මෙමෙ ගැටලුව ඉතා සාධාරණ බව පෙනීයනවා. කිසිදු ආචාර්යවරයෙකු එම ප්‍රදේශයට ගොස් සිටීමට කැමති නැහැ කොපමණ මුදලක් ලබා දුන්නත්. මෙයට හොඳම විසඳුම මෙම සිසුන් දැනට ස්ථාවරව පවතින ඉංජිනේරු පීඨ තුනට අන්යුක්ත කර උපාධිය සාර්ථකව නිමකිරීමට අවස්ථාව සළසාදීමයි. (නි)
ජයමහ Thursday, 10 December 2015 10:51 AM
සිසුන්ගේ ප්‍රශ්නය කුමක්ද කියලා සොයා බැලිය යුතු වේ. (ර)
ශාලිත Thursday, 10 December 2015 04:26 PM
තම තමන්ගෙ පටු ආකල්ප මුදුන්පත් කරගන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න එපා. රත්නායක හරියටම හරි. එතන හැබැයි තවත් ගැටලුවක් තිබෙනවා. දැනට අග්නිදිග ඇතුලුව ඉංජිනේරු පීඨ සඳහා තෝරාගන්න පිරිසෙන් අග්නිදිග ඉංජිනේරු පීඨයේ ධාරිතාව අඩුකොට මීළඟ වසරේ සිට තෝරාගැනීමට බලධාරීන් පෙළඹිය හැකියි. එය කප්පාදුවක් ලෙස කීම අසාධාරණ නොවේ. (නි)
කන්නන්ගර Thursday, 10 December 2015 11:24 AM
පොලිසියෙන් ඉල්ලගෙන කෑවට මොකද පස්සේ ගානක් කපාගන්න පුළුවන්නේ. (ර)