IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අග්නිදිග සරසවි ගින්න නිවූ බව ග්‍රේරු කියයි

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයින්ගේ ගැටළුවලින් 90% ක්ම මේ වන විට විසඳා ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා පැවසීය.

එහි සිසුන්ට ඉතා තදින් බලපා තිබූ දේශකවරුන්ගේ හිඟය මේ වනවිට විසඳා අවසන්ව ඇති බවත්, ඉදිරියේ දී දේශන නිසි පරිදි පවත්වාගෙන යා හැකි බවත් පැවසූ අමාත්‍යවරයා එහි දේශන පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති ආචාර්ය මහාචාර්යවරුන්ට ඔවුන්ගේ මාසික වැටුපට අමතරව රුපියල් 1,50,000ක මුදලක් ලබාදීමටත් නොමිලයේ ආහාර හා නවාතැන් ලබාදීමටත් කටයුතු යොදා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එහි සිසුන්ගේ අනෙකුත් ගැටළු වන පුස්තකාලයේ අවශ්‍ය අධ්‍යයන ග‍්‍රන්ථ නොමැතිවීම, නොමිලයේ සැපයූ වයි-ෆයි කලාපය නොමැතිවීම හා ප‍්‍රායෝගික පරීක්‍ෂණ පිළිබඳ ගැටළු ද මේ වන විට විසඳා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා එම ඉංජිනේරු පීඨයේ පවතින අනෙක් ගැටළුවලට ද ඉදිරියේ දී විසඳුම් ලබාදෙන බව පැවසීය.

ගැටළුවලට විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලා අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (10) උද්ඝෝෂණයක නිරත වූ අතර, ඉන් පසු ඔවුන් සමග පැවැත් වූ සාකච්ඡාවේ දී ද තමන් මේ කරුණු ඔවුන්ට පැවසූ බව ද රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා කීවේය.



අදහස් (0)

අග්නිදිග සරසවි ගින්න නිවූ බව ග්‍රේරු කියයි

නිශාන්ත Thursday, 10 December 2015 12:04 PM

මෙහෙම හැමදේටම විසඳුම් ලැබෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

විපුල Thursday, 10 December 2015 12:22 PM

ගොඩක් සතුටුයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 12:23 PM

අනේ මන්දා! අඩුපාඩු නම් හැමතැනම. බලධාරීන් නින්දේද හිටියේ එතකොට මෙච්චර කලක්? (නි)

:       0       0

ටිරාන් Friday, 11 December 2015 03:07 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

රොෂාන් Friday, 11 December 2015 04:26 AM

ග්‍රේරු කොහොමත් දක්ෂයා බව අපි දන්නවා. පහුගිය කාලේ අපරාධ රැසක්ම විසඳලා දෙන්න එයා පොලිසියට උදවු කළා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 612 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4069 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2523 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1314 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1431 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27662 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site