IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අග්නිදිගේ හතරක් රිමාන්ඩ්

ඔලුවිල් අග්නිදිග සරසවියේ  සිසුන් පිරිසක් සමන්තුරේ කළමණාකරණ පිඨයේ සිසුන් අතර ඇති වු ගැටුමේදී  අධිකරණයට ව්‍යාජ නම් හා ලිපින දුන් සිසුන් සිව් දෙනකු හැර අනෙකුත් සියළු දෙනාම ඇප මත මුදා හරින ලෙස සමන්තුරේ මහෙස්ත්‍රාත් පී කරුණාතරන් මහතා නියෝග කළේය.

වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අධිකරණයට පැමිණීල්ල ඉදිරිපත් කළේය. සිසුහු හතලිස් නව දෙනෙකු රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.

සෙසු සිසුන් හතර දෙනා ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 



අදහස් (0)

අග්නිදිගේ හතරක් රිමාන්ඩ්

අග්නිදිග සිසුවෙක් Wednesday, 09 October 2013 02:50 PM

"රංජිත් සිල්වා" කියල තියනවා මේක පෙරටුගාමී කියල එක වැරදියි.. මෙතන කිසිම දේශපාලනයක් නෑ.. නේවාසිකාගාර පිලිබඳ ප්‍රශ්නයක් තමයි තිබුනේ වටේ ඉන්න මිනිස්සු මොනවා කිව්වත් ගැටලුවට මැදිහත් උන අපි දන්නවා ඇත්ත මොකක්ද කියල (අ)

:       0       0

ආරියසේන Tuesday, 08 October 2013 08:25 PM

මේකට කියන්නේ නිකන් දෙන දේ අගයක් නැහැ කියලා. උසස් අධ්‍යාපනය වෙනසකට කාලය ඇවිත් ඇත.(නදී)

:       0       0

චින්තක පෙරේරා Tuesday, 08 October 2013 04:18 PM

තමන්ගේ පශ්චාද් භාගය ආරක්ෂා කරගන්න බැරි උන නායකයෙක් ඉන්න සංවිධානයක පස්සේ යන්න මේ ළමයි මොනතරම් මෝඩයෝද? ඔය කිසිම සංවිධානයක් කැම්පස් එකෙන් එලියට ආවට පස්සේ බිලි බෝයිස්ලා කර ගත්ත මෝඩයින් ගැන හොයන්නේ නෑ කියන එක අපේ අත්දැකීමයි. එලියට ආවට පස්සේ තමන්ට තමන් විතරයි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 05:54 PM

අනේ දරුවනේ, එදා විශ්ව විද්‍යාල වල උද්ගෝෂණ කරන්න පොළඹවපු නායකයෝ එදා ලැබූ ප්‍රසිද්ධිය මගින් අද පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිකම් කරනවා. ජිවත් වෙන්නේ මාලිගා වගේ ගෙවල් වල, ගමන් බිමන් යන්නේ බෙන්ස් කාර් එකේ, ඉදිරියෙන් සහ පසුපසින් පරිවාරක රථ සමග. එදා ඔවුන් පසුපස ගොස් උපාධිය අහිමි කරගත් මිනිස්සු දුක් විදිනවා. කරුණාකර මොන දුකක් හරි විදලා උපාධිය අරගෙන වංචාවට දුෂණයට යට නොවී අනාගතයේදී රටට සේවයක් කරන්න (නි)

:       0       0

සේරම් Tuesday, 08 October 2013 12:51 PM

ඒ කියන්නේ මේ අයව අල්ලන වෙලාවේ අනන්‍යතාවය පෙන්වන්න හැඳුනුම්පත් තිබිලා නැද්ද? නැත්නම් බොරු නම් දෙන්නේ කොහොමද? (නි)

:       0       0

ලංකාසිරි Tuesday, 08 October 2013 01:33 PM

මෙහෙම ගහ මරා ගත්ත එකත් තව පොඩ්ඩෙන් රටට ප්‍රශ්නයක් වෙනවා (නි)

:       0       0

ධම්ම Tuesday, 08 October 2013 01:44 PM

හතරදෙනාම සුරයෝ කියල හිතුවට හතරදෙනාම මෝඩයෝ. (ස)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 08 October 2013 02:16 PM

අපිට ආරංචි වෙන විදිහට මේක අර ඇපත් නැති වුන පෙරටු ගාමී අයගේ උසි ගැන්වීමක්. අනේ ළමයිනේ, උඹලගේ අනාගතය උඹලාම බලා ගනිල්ලා. ඔය එකෙක් වත් උඹලට නැහැ. දෙමව්පියෝ විතර. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 08 October 2013 02:18 PM

මම හිතනවා මේ ළමයින්ට තද අවවාදයක් කරලා ඇප දෙන්නයි තිබුනේ. (නි)

:       0       0

අග්නියේ සිසුවෙක් Wednesday, 09 October 2013 07:56 PM

ඇත්ත තත්වය වෙනස් කර රටම සිසු පරපුරට විරුද්ධව නගා සිටුවීමට දරන ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා.නේවාසිකාගාර පිළිබද ගැටලුව දේශපාලන ගැටළුවකට පෙරලා රටම කලබලයට පත් කරපු අග්නියේ තෙවන වසර සිසුන්ගේ ක්‍රියා කලාපය තරයේ හෙළ දකින්නෙමු.(දිල්)

:       0       0

දයාල් - ලන්ඩන් Tuesday, 08 October 2013 03:40 PM

ඕව කරන්නද විශ්ව විද්‍යාලෙ යන්නේ. ඔයිට වඩා හොඳයි ගෙදර වැඩක් බලාගෙන ඉන්නවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති දිවුරුම් දෙන්න සුදානම්
2024 සැප්තැම්බර් මස 23 12 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති අනුර කුමාරදිසානායක මහතා සිය ධූරයේ වැඩ භාර ගැනීම සඳහා මීට සුළු මොහෙතෙකට පෙර සිය පක්ෂ කාර්යාලයේ සිට ජනාධිපති ලේකම්


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 853 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1755 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 837 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 795 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20116 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16896 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site