IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අගමැතිගෙන් මහින්දට අභියෝගයක්

මල්වතු පාර්ශවය දෙකඩ කිරීමට හිටපු ජනපති කටයුතු නොකළ යැයි කියනවා නම් ජනාධිපති කොමිසමක් පත්කර එය සෙවීමට තමා සූදානම් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (31) රඹුක්කන දී පැවසීය.

එම වරද ඔප්පු වුවහොත් ප්‍රජා අයිතිය නැතිවන කාරණයක් බවද අගමැතිවරයා කීය. අද රඹුක්කන කඩිගමුව ශ්‍රී නාගවිහාරාරාමයේ පැවැති උත්සවයකට එක්වෙමින් එසේ කී අගමැතිවරයා සංඝ පාර්ශව දෙකඩ කිරීමට බැරි වගන්තියක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන බවද කීවේය.

DSC_4812 DSC_4837 DSC_5033



අදහස් (0)

අගමැතිගෙන් මහින්දට අභියෝගයක්

ජෙනී Monday, 01 August 2016 04:36 AM

අර තව කාගේද මන්ද ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕන කියල , කව්ද අනේ ඒ (බ)

:       0       0

ටිෂාන් Monday, 01 August 2016 05:13 AM

අනේ එතුමාට ඕවට වෙලාවක් නැහැ (නි)

:       0       0

සහන් Monday, 01 August 2016 05:25 AM

හැම දෙකටම බොරුවට පන්සලට දුවනවා බලාගෙන ගියාම කරලා තියෙන වැඩ මේවා හොද වැඩ නෙවෙයි (හේ)

:       0       0

හේමන්ත Sunday, 31 July 2016 07:30 PM

මේ රටේ සිංහල මිනිසුන් සිටිනතුරු මහින්ද මහත්තයට අභියෝග කරන්න කාටවත් බැහැ. අතීතයේ අපේ සිරිමාවෝ මැතිණියටත් ඔය කියන ටික කළා. මෙහෙම ගියොත් කිඹුලාගේ පිටේ නැඟලා එගොඩ වෙන්න ගිය සතාට වුණ දේ වෙන්නත් බැරි නැහැ. (නි)

:       0       0

නයනී ගම්පලගේ Sunday, 31 July 2016 07:43 PM

"කේළම් කීම නරක පුරුද්දකි". දැනුත් සඟුන් බේද කිරීමක් නේද කරන්න බලන්නෙ? ඔබතුමා මොනවද මේ කරන්න හදන්නෙ? බළලුන් ලවා කොස් ඇට බෑවීම, කේළාම් කීම හා බේද කිරීම ඔබ වැනි නායකතුමෙකුගේ දින චර්යාවට නොගැළපේ. (නි)

:       0       0

පුෂ්පකුමාර Sunday, 31 July 2016 07:49 PM

ඕක සහතික ඇත්ත කතාවක්. අන්න ඒ එදා කළ ශාසනික පරිහානියට තමයි එතුමාට ඔය ප්‍රතිඵලය ලැබුනේ. මේක බුදුන් තුන්වරක් වැඩිය දේශය බව එතුමන්ලා අමතක කළාට, ධර්මය ආයුධයක් කරගත් අයට ඒ ධර්මය ආශිර්වාදයක් වෙන්නේ නැහැ කවදාවත්. (නි)

:       0       0

චතුරි Sunday, 31 July 2016 08:41 PM

අගමැතිතුමනි, බොහොම හොඳ වැඩක්. බුදුදහම මහින්දට පමණක් අයිති දෙයක් වගේ තමයි. එයාගේ දේශපාලන බලයෙන් හිමිවරුන්ව අතකොලුවක් කරගෙන පනපිටින් නිවන් දකින්න දඟලනවා, ජනතාවගේ රටේ මුදල් දන්දෙමින් (නි)

:       0       0

සිරි Sunday, 31 July 2016 09:20 PM

අනේ හාමුදුරුවනේ, මෙයාලට කියලා දෙන්නකෝ "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" යන්න (නි)

:       0       0

වසන්ජය Sunday, 31 July 2016 09:30 PM

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන නීති අතීතයටත් බලපානවා නම් එය අසාධාරණයි (නි)

:       0       0

නිල්මිණි-ජපානය Sunday, 31 July 2016 03:57 PM

පුහුල් හොර කරෙන් දැනුනත් කෝටිගණන් මෙන්ම සාසනේ කාපු හොරු කරෙන් එහෙම නොපෙනේ. (අ)

:       0       0

සුමිත්‍රා බණ්ඩාරනායත Sunday, 31 July 2016 04:01 PM

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට කළා වගේද කරන්න හදන්නේ.මේවා එතරම් හොද දේවල් නෙමෙයි(අ)

:       0       0

සම්පත් පතිරණ Sunday, 31 July 2016 03:59 PM

බොරු කියල මහින්ද මහත්තයාගේ සිංහල චන්ද කඩන්න හදන්නේ (අ)

:       0       0

ප්‍රියාන් Sunday, 31 July 2016 04:02 PM

කොහොමත් ඔබලාගේ පක්ෂයට තියෙන්නේ බොරු චෝදනා දාල මිනිස්සුන්ගේ ප්‍රජ අයිතිය නැතිකිරීමේ අතිතයක්නේ....තමන්ට අබියෝගයක් වෙන මිනිස්සුන්ගේ ප්‍රජා අයිතිය නැති කිරීම ඔබලාට උරුම දෙයක්..(අ)

:       0       0

කමල් Monday, 01 August 2016 06:03 AM

88-89 කාලේ මරපු 60,000 ගැන සොයන්න කොමිසමක් දාන්නේ කවදද? (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Sunday, 31 July 2016 04:10 PM

බලමු අගමැතිතුමා මිනිස්සු තාමත් ඉන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජන්දිපතිතුමා ළඟයි .ඔබතුමාලා ළඟ නෙමයි (අ)

:       0       0

ධම්ම Sunday, 31 July 2016 04:28 PM

සංඝයා බේද කිරීම ආනන්තරීය පාපකර්මයක් ලෙස ධර්මයේ සඳහන්වෙලා තියෙනවා. ඒ වගන්තියමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ. (නි)

:       0       0

ජනහිත Sunday, 31 July 2016 11:21 PM

දැන් ඊළඟට හදන්නේ සංඝයාත් බේද කරන්නද? සංඝ බේදය නම් අානන්තරීය පාපකර්මයක්. සෙනඟට බයේ සමහරු කටමැත දොඩවනවා. කොහොමත් ජනතාව එතුමා සමඟයි. (නි)

:       0       0

පාලිත Sunday, 31 July 2016 11:29 PM

මහින්ද බයකරන්න බැහැ මේවා කියලා (නි)

:       0       0

රොකී Sunday, 31 July 2016 11:56 PM

කිවුවොත් බොරුවක්, කළොත් හොරකමක්. එහෙම නායකයනුත් මේ රටේ හිටපු බව දන්නෝ දනිති! (නි)

:       0       0

කැටවල Sunday, 31 July 2016 04:37 PM

මුළු බුදු දහමත් නැතිකරලා සිංහල ජාතියත් නැතිකරන්නේ කවුද කියලා ලංකාවේම අය දැන් දන්නවා (නි)

:       0       0

ශීලා Monday, 01 August 2016 12:10 AM

බණ්ඩාර, ඒ නිසා වෙන්න ඇති නේද හැමදේම බෙදලත් ඡන්දෙන් පැරදුනේ (නි)

:       0       0

නිහාල් Sunday, 31 July 2016 04:52 PM

කවුරුහරි හීනෙන්වත් ඇවිල්ලා කිවුවද දන්නෙ නැහැ දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ඕකයි කියලා. (නි)

:       0       0

මුණසිංහ Monday, 01 August 2016 12:30 AM

තමන් කරපු දේවල් අනුන් පිට පටවන්න නම් එපා. සංඝයාට විරුද්ධව යුඑන්පී එක කරපු/කරන දේවලුත් ජනතාව දන්නවා. (නි)

:       0       0

නිරේෂ් Sunday, 31 July 2016 04:49 PM

මේ ඔක්කොම තවම ඉන්නේ පැරදුන අප්පච්චි එක්කනේ. අනේ පවු කියලා තමයි කියන්න තියෙන්නේ (නි)

:       0       0

කපිල Monday, 01 August 2016 01:09 AM

දෙකඩකිරිල්ලක් නම් දන්නේ නැහැ. හැබැයි 88-89 කාලය නම් අපිට හොඳට මතකයි (නි)

:       0       0

රත්නසිරි Sunday, 31 July 2016 05:20 PM

මහින්ද භීතිකාව උපරිමවෙලා වගෙයි දැන්නම් (නි)

:       0       0

රනිල් Monday, 01 August 2016 02:32 AM

21 වන සියවසේ සුපිරිම විහිළු අපි අහන්නේ දැන් තමයි (නි)

:       0       0

නන්දිමිත්‍ර Sunday, 31 July 2016 05:53 PM

ඔබතුමා රටේ වෙන වැඩක් බලලා කරන්න. සංඝ භේදය ආනන්තරීය පාපකර්මයක්. ඒක කරපු අයනාට නරකාදියේ ඉන්න වෙන බව අපි දන්නවා. (නි)

:       0       0

ටානියා Sunday, 31 July 2016 06:03 PM

ඔය ගමන්ම අර පහුගිය අතීතය ගැනත් හොයමු නේද? (නි)

:       0       0

චන්දන Sunday, 31 July 2016 06:04 PM

මොනවා කියනවද මන්දා? සිංහල බෞද්ධයට ඉන්නේ මහින්ද විතරයි කියන එක දැන් පැහැදිලියි (නි)

:       0       0

ජැක්සන් Monday, 01 August 2016 02:32 AM

අනේ මොකටද මහත්තයෝ මගේ කට? (නි)

:       0       0

පාලිත Monday, 01 August 2016 02:35 AM

ඒ ගමන මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

ඉන්දු Monday, 01 August 2016 02:42 AM

අපිට අතීතයත් හොඳට මතකයි මහත්තයෝ (නි)

:       0       0

නාමල් Monday, 01 August 2016 02:37 AM

මහින්ද මහත්තයා ඔය වගේ දේවල් වලට කාලය යොදවන්නෙ නැහැ. එතුමාට වැඩ තියෙනවා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 01 August 2016 02:37 AM

බුද්ධාගම ගැන කතාකරන අයට තමන් පිළිබඳව මතකනැති වෙලාද? (නි)

:       0       0

පීරිස් Monday, 01 August 2016 02:49 AM

මහින්ද භීතිකාව නිසා දැන් සංඝ බේදය කරන්නද හදන්නේ? (නි)

:       0       0

කුමාර Sunday, 31 July 2016 06:23 PM

සත්‍ය වශයෙන්ම ඇත්තයි. (නි)

:       0       0

ගයනී නාරම්පනාව Monday, 01 August 2016 03:04 AM

ගමේ උදවිය අල්ලපු ගෙදරට ගිහිල්ලා කියන අල්ලාප සල්ලාප කතා වගෙයි මෙතුමාගේ කතාත් අපිට. (නි)

:       0       0

වින්සන්ට් Sunday, 31 July 2016 06:57 PM

බණ්ඩාර-කැකිරාව, මිනිස්සු කියනවාට වඩා සමහර මිනිස්සු කිවුවා නම් නේද වඩා නිවැරදි? අං තියන අය සිටී නම් "සම" නැතුවත් නිවැරදි බව කියන්නත් පුළුවන්. (නි)

:       0       0

ගුණේ Sunday, 31 July 2016 07:09 PM

එක එක බලපුලුවන්කාරයන්ගේ උවමනාවන්ට දෙකඩ වෙනවා නම්, දෙකඩ කරන්න පුලුවන් නම්.... තවත් මොන කතාද? (නි)

:       0       0

ලසන්ත Monday, 01 August 2016 03:13 AM

ප්‍රජා අයිතිය කෙසේවෙතත් කල්පයක් නිරයේ ඉන්න වෙන ආනන්තරීය පාපකර්මයක්. හැබැයි පක්ෂ කඩනවා තරම් විනෝදජනක නැහැ (නි)

:       0       0

දීපිකා මහවත්ත Monday, 01 August 2016 03:13 AM

ඔබ හරි ගයනී. ඒ චෝදනාව මෙයින්ම ඔප්පුවෙනවා. (නි)

:       0       0

වින්සන්ට් Sunday, 31 July 2016 07:18 PM

කළකම් පළදෙන බව කියන ධර්මයක් ලොව පවතී නම් ප්‍රජා අයිතිය නැතිවීම සිදුවිය යුතුය. කෙනෙක් එය නැතිකීමට පෙර සරත් ෆොන්සේකා මහතාට සිදුවූ අසාධාරණය සිහිපත් කළයුතුය. (නි)

:       0       0

ජනහිත Monday, 01 August 2016 03:14 AM

ඇත්තටම බුද්ධාගම ගැන කැක්කුමකින්ද කතා කරන්නේ. දැන් හදන්නේ ප්‍රජා අයිතියවත් නැතිකරලා දාන්න පුලුවන්ද කියලද? 77 ජීවත්වුණ අය තාම රටේ ඉන්නවා. ඒ වගේම 88-89 සපුගස්කන්ද පැත්තේ තොරතුරු අහපු අයත් ඇති. ඇත්තටම මහින්ද අතින් නොකෙරුණු ඒවායේ විපාක අද එතුමා අහනවා, දකිනවා. ඔය කියනදේට වඩා එතුමාට ස්තුතිවන්ත වියයුතුයි නේද? ඒ නිසා නේද ඔය වගේ කතා කියන්නේ. (නි)

:       0       0

සමන්ත Monday, 01 August 2016 03:20 AM

ඇයි මේ අගමැතිතුමා කියන දේ බොරු කියන්නේ? අපි එ්ක දන්නවනේ. එදා නුවර කාර් රේස් පැදපු වෙලාවේ විරුද්ධ වුණා කියලා මොකද කළේ. කොමිසමකින් දඩුවම් නොකළත් සංඝ බේදය ආනන්තරීය පාප කර්මයක් (නි)

:       0       0

රන්ජිත් Monday, 01 August 2016 03:17 AM

මිනිස්සු අප්පච්චි ළඟ නම් ඇයි අප්පච්චි දැන් පාරේ? (නි)

:       0       0

ගාල්ලගේ Monday, 01 August 2016 03:22 AM

ඔය අභියෝග වලට උත්තර දෙනවට වඩා කරන්න එතුමාට වැඩ තියෙනවා (නි)

:       0       0

කාන්ති Monday, 01 August 2016 03:41 AM

අනිත් මිනිස්සු මෝඩයෝ කියලා හිතුවද දන්නෙ නැහැ (නි)

:       0       0

නිලාන් Monday, 01 August 2016 03:51 AM

සංඝ භේදය කියන්නේ ආනන්තරිය පාපකර්මයක් (නි)

:       0       0

විජේරත්න Monday, 01 August 2016 03:51 AM

අනේ හොද මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න ද හදන්නේ. (හේ)

:       0       0

තිලක් Monday, 01 August 2016 04:03 AM

ඔබතුමාගේ ප්‍රකාශය බරපතල වැඩියි නේද?(හේ)

:       0       0

නිම්මි Monday, 01 August 2016 03:15 PM

දැන් අගමැති චතුරි කියන දේ කරවී. මේ රටේ මිනිස්සු උඩ බලාගෙන ඉඳීවි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 122 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 154 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 293 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 108 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1103 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2495 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site