IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අගමැතිගේ ඉල්ලීම අභියෝගයට

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශිත සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් අගැමති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අභියෝගයකට ලක් කරමින් නීතීඥවරුන් දෙදෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන අගෝස්තු 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.

මෙම පෙත්සම් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ කරුණු මතු කරන බැවින් එය පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කළ යුතු බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණය ගනු ලැබීය.

ප‍්‍රියසාත් ඩෙප් සහ අනිල් ගුණරත්න යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප‍්‍රකාශිත සිංගරාසා නඩු තීන්දුව පාර්ලිමේන්තුව මඟින් අවලංගු කළහොත් ඉන් ව්‍යවස්ථාපිත අර්බුදයක් නිර්මාණය වන බවත් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීමෙන් තමන්ගේත් රටෙහි ජනතාවගේත් මූලික අයිතිවසිකම් කඩවන බවට ප‍්‍රකාශ කරන ලෙසත්, අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු නිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත්, කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසත්, ඉල්ලා නීතිඥවරුන් වන දර්ශන වේරවගේ සහ නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් පෙත්සමක් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපතිවරයාද  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ කථානායකවරයා නම් කරනු ලැබ සිටිති.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රකාශිත එස්සී/ එස්පීඑල්ඒ / 182/99 දරණ සිංහරාසා නඩු තීන්දුව සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය අර්ථකථනයක් කර ඉදිරි පියවරක් ගන්නා ලෙස අගමැතිවරයා ඉකුත් ජූලි 07 වැනිදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කරනු ලැබීය.එය ශ්‍රේෂ්ඨාධිකරණය සතු  මහජනතාවගේ අධිකරණමය බලයට බලපෑම් කිරීමක් බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

සිංහරාසා නඩු තීන්දුව යනු 2005 වසරේ දී එවකට අගවිනිසුරුවරයා වශයෙන් ලබා දුන් නඩු තීන්දුවක් වන අතර එමඟින් මෙම නඩු තීන්දුව මඟින් විදේශ අධිකරණයන්හි හෝ ආයතන වල නියෝග ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අධිකරණය බැඳී නොමැති බව ප‍්‍රකාශ කර ඇත.



අදහස් (0)

අගමැතිගේ ඉල්ලීම අභියෝගයට

විජේ Sunday, 31 July 2016 04:10 AM

පෙරකදෝරු මහතුනි, ඔය අභියෝග ජයගන්න නම් වෙර දරන්න එපා. රට විනාශයි එහෙම වුණොත්. (නි)

:       0       0

රංග Friday, 29 July 2016 10:02 PM

මේ එන්නේ මොකාටද? කියල හොඳටම පැහැදිලියි කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති බව, මේ ඇමෙරිකානු රූකඩය ගැන දන්නා කවුරුත් දන්නවා. රනිල්, සොල්හයිම් ප්‍රභාකරන් තුන්කට්ටුව සෙට්වෙලා එදා 2002 දී මොකක්ද කරන්න ගියේ? අධ්‍යාපන ධවල පත්‍රිකාව හරහා එදා 1988 දී මොකක්ද කරන්න ගියේ කියල මේ රටේ අලුත් පරම්පරාව අසා දැනගත යුතුමය. (බ)

:       0       0

අසාද් Saturday, 30 July 2016 04:31 AM

මෙන්න මේකයි අපිට ඕනේ කල වෙනස.රටේ අගමැති වරයට විරුද්දව නිතිය ක්‍රියාත්මක වීම.බලය තනතුර නොබලා රටේ නිතිය ක්‍රියාත්මක විය යුතුයි.වෙනස සැපද කියල අහන මිනිස්සුන්ට මෙය පෙනේවිද දන්නෑ (අ)

:       0       0

සාගර Saturday, 30 July 2016 04:41 AM

ඒකා අධිපති අගමැති. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 906 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2025 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 664 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 373 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 947 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1528 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site