රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා කර්තෘ සංසදයට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කිහිප දෙනකු අවිචාරවත් ලෙස විවේචනයට ලක්කලැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් අප්‍රසාදය පළ කරයි. මාධ්‍ය ආයතන සම්බන්ධ යම් ගැටළුවක් ඇත්නම් ඊට ප්‍රතිකර්ම යොදා ගැනීමේ ක්‍රමයක් ඇතැයි ද අගමැති එයින් බැහැරවීම කණගාටුවට කරුණක් යැයි ද එම නිවේදනයේ දැක්වේ. හෝමාගම හා ඇඹිලිපිටි සිද්ධි මත මාධ්‍යවේදීන් නිර්දය විවේචනයට ලක්කිරීම අගමැතිවරයකුට තරම් නොවන බවත් පුවත්පත්වල කතුවැකි සඳහා තෝරාගත යුත්තේ කුමන මාතෘකා දැයි කිසිවකුටත් බලපෑම් කළ නොහැකි බව ද මෙම නිවේදනය කියයි. මේ අතර වලව මාධ්‍යවේදී සංවිධානය ද අගමැතිගේ ප්‍රකාශය අප්‍රසාදයට ලක්කරයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අගමැතිගේ ප්‍රකාශයට අප්‍රසාදය
සුජීව Saturday, 30 January 2016 11:00 AM
මොකද මේ සිහල විකෘති කරලා යහ පාලනයේ මග පෙන්වෙමද (කෞ)
නිර්මල Saturday, 30 January 2016 11:14 AM
අගමැතිගේ ප්‍රකාශය හෙලා දැකපු සියලු සංවිධානවලට ජනතාවගේ දැඩි අප්‍රසාදය.(කෞ)
කුමාර Saturday, 30 January 2016 02:53 PM
අන්තිමේදී නිදහස් මාධ්‍යයටත් රනිල් එපා වෙයි..(බ)
ලියනගේ Saturday, 30 January 2016 03:16 PM
අද උදේ නිව්ස් එකේ මහත්තයයි නෝනයි හවස් වෙනකොට නෝනා විතරයි (බ)
දීපාල් නිරෝෂ් Saturday, 30 January 2016 03:22 PM
ඔය අගමැති විදියට, ජනාධිපති හෙම වුනානම්? (බ)
සමීර Saturday, 30 January 2016 04:43 PM
ඇත්ත කියන්න බිය විය යුතු නැත. තමන් අත වැරදි ඇති මිනිහා කපටි කමින් සියල්ලට හොඳ මූණ පෙන්වයි. තමන් නිවැරදි මිනිහා කෙලින් කතා කරයි. (ම)
තිලක් Saturday, 30 January 2016 06:48 AM
හැම අතින්ම අපි සංවර්ධනය වෙලා සහ අනිත් සියලුම ප්‍රශ්න විසදගෙන ඉවරයි. ඔය පොඩි පොඩි දේවල් පාර්ලිමේන්තුවේ කතා කලාම මොකද වෙන්නේ. (හේ)
කළුආරච්චි Saturday, 30 January 2016 07:02 AM
විවේචනය කරන්න පුළුවන්.(හේ)
චමින්ද Saturday, 30 January 2016 07:09 AM
අපගේ නම් සම්පුර්ණ අප්‍රසාදය මාධ්‍ය වෙතටයි. (හේ)
අතුල Saturday, 30 January 2016 07:25 AM
සුළු ජාතින් කියන වසංගතය ආරූඩ වුනාම ඕවා කියන එක පුදුමයක් නෙමේ! (බ)
අකිල Saturday, 30 January 2016 07:32 AM
දේදුනු විප්ලවයේ ප්‍රතිපල තමා මේ! (බ)
චාමර Saturday, 30 January 2016 07:30 AM
බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැලු (බ)
අජිත් Saturday, 30 January 2016 07:35 AM
පුදුම වෙන්න එපා..ඒ කාලේ නිසි බලධාරියා මතකනේ,,රිචඩ් ද සොයිසා, යුනුස් , අමතකද? දෙගොල්ලොම එකයි! (බ)
සමන් - මාතර Saturday, 30 January 2016 07:49 AM
අගමැතිතුමාගේ කතාව හරි එතුමා කිව්වේ ජාතිබේද උස්සන කතා කියන්න එපා කියල කෙසේ වෙතත් දෙරණ රුපවාහිනියේ උදේ පත්තරේ නෙවි එයාල කියවන්නේ එයාලට ඕන දේ සමහරවිට වෛරය වුනත් ඇති වෙනවා එයාලගේ කතාව අහලම බලන්න (බ)
රොහාන් Saturday, 30 January 2016 07:51 AM
දැන් සමහර මාධ්‍ය ආයතන හැසිරෙන්නේ කිසිම වගකීමක් නැතුව තමා, අගමැතිතුමාගේ කතාව මමත් ඇහුව එ්ක කියපු එක ගොඩක් හොඳයි මොකද ඉස්සර මාධ්‍යට මාධ්‍යවේදීන්ට හොද ගුණධර්ම තිබුන නමුත් දැන් රටේ නායකයන් සහ අනිකුත් වැදගත් අයව ඉතාම පහත් අන්දමට අපහාසයට උපහාසයට ලක්කරනවා ඒවා මාධ්‍යතුලින් ගෙනඑන්න හොද නැහැ එහෙම වුණාම රටේ බාල පරපුර නායකයන්ට දෙමපියන්ට ගරු කරන්නේ නැහැ එහෙම සමාජයක් අපට ඕනේ නැහැ. (බ)
ජනක Sunday, 31 January 2016 04:04 AM
මාද්‍යවේදීන් තමන්ගේ තරම, අයිතිවාසිකම් , සහ රාජකාරිය දැනගෙන කටයුතු කළ යුතුයි. (ම)