IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘අගමැතිගේ සංචාරයෙන් පසු ජෙට් ගනුදෙනුව ස්ථිරයි‘

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර එළඹගත් ගිවිසුම්හි ප්‍රතිපලයක් ලෙස ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හතක් පාකිස්ථානයෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් යන බව එරට මාධ්‍ය වාර්තා කරයි සිටී. 

 

පාකිස්තාන ගුවන් හමුදාව දැනටමත් භාවිත කරන ජේ-එෆ්17 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යොදාගන්නේ ත්‍රස්ත මර්දන ප්‍රහාර සඳහාය.

 

එම වාර්තා සඳහන් කරන්නේ පාකිස්තානු ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම්ට ශ්‍රී ලංකාව අවස්ථා කීපයක දී සාකච්ඡා සිදුකර තිබුණ ද ඉන්දියාවේ  මැදිහත්වීම් මත එය වැළැකී තිබූ බවයි.

 

එහෙත් පාකිස්තානයේ අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව එම බාධා ඉවත් වී මෙම ගනුදෙනුව ස්ථිර වී ඇතැයි පාකිස්තා  වෙබ් අඩවි පවසයි.

 

එල්.ටී.ටී.ඊ සිව් වැනි ඊළාම් යුද්ධයේදී ශ්‍රී ලංකා රජයට අවි සැපයීම මඟින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය වූ බවත් එම වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් වේ..



අදහස් (0)

‘අගමැතිගේ සංචාරයෙන් පසු ජෙට් ගනුදෙනුව ස්ථිරයි‘

ගයාන් ප්‍රියන්ත Thursday, 07 January 2016 06:16 AM

රටක ගුවන් හමුදාව ශක්තිමත්කරන්න යුද්ධයක් තියෙන්න ඕනෑම නැහැ. හදිසියෙන්වත් වෙන රටක ගුවන් යානයක් වැරදිලා හරි ගුවන් සීමාව උල්ලංගනය කළොත් අදාල රටේ ගුවන් හමුදාව ක්ෂණිකව තමන්ගේ ප්‍රහාරක යානා ගුවන්ගත කරනවා. ඒක ප්‍රහාරයක් වෙන්නම ඕනෑම නැහැ. අපි බලන්න ඕනි මේ ගනුදෙනු විනිවිදභාවයකින් වෙනවද කියලා. එහෙම වෙන්නේ නැත්නම් අපිත් ඒවාට විරුද්ධයි. හැමදේම දිහා ඍණාත්මකව බලන්න එපා. (නි)

:       0       1

ගයාන් ප්‍රියන්ත Thursday, 07 January 2016 06:37 AM

පුෂ්පා, ජේ.එෆ්. 17 කියන්නේ පාකිස්තානු නිෂ්පාදනයක්. ඒ ව්‍යාපෘතිය පටන්අරගෙන තියෙන්නේ චීනයත් එක්ක එකතුවෙලා 1999 දී. මේ ගන්න යන්නේ පරණ යානා නෙමෙයි (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 06 January 2016 09:17 PM

ෂා නියමයිනේ! (නි)

:       0       0

වසන්ජය Wednesday, 06 January 2016 09:56 PM

ත්‍රස්තවාදය හෝ යුද්ධයක් නැතුව ප්‍රහාරක යානා මිලදී ගන්නේ මොකටද? මේවට වියදම් කරන්නේ රටේ පොදු මහජනතාවගේ මුදල්. තව පැත්තකින් ඉන්දියාව අමනාප කරගැනීමක් (නි)

:       5       0

මර්වින් Thursday, 07 January 2016 06:57 AM

යුද්ධයක් තියෙන්නම ඕනෑද ප්‍රහාරක යනා ගන්න? (නි)

:       0       0

දුමින්ද Thursday, 07 January 2016 07:26 AM

ආයුද වෙළදාම ලොව අංක 01 ලාභ උපයන වෙළදාම වේ. (ර)

:       0       0

ප්‍රියන්ත Thursday, 07 January 2016 07:28 AM

ජෙට් යානා ගැනීම වෙනුවෙන් ලංකාවෙන් මොනවද පකිස්ථානයට අපනයනය කෙරුවේ? අපේ රටෙන් වෙනත් රටකට අපනයනය කරන කාර්මික ලොකු අදායමක් ලබන නිෂ්පාදන මොනවද ? මොටෙර් රථ ලෝකයට ඇවිල්ල කොපමණ කල්ද. අපි මේවා නිෂ්පාදනය කරනවද ? අය වැය පරතරය කොපමණද ? අපිට තනිවම නැගීසිටීමට දේශ පාලකයන් මග සකස්කර තියනවද? නමුත් අපේ එය කතා කරන්නේ ජෙට් අරගෙන වෙන රටකට ගහන්ඩ . (ර)

:       0       0

කර්තිනි Thursday, 07 January 2016 07:42 AM

අර කලින් හිටපු එක්කෙනාට යන්න වෙනමම ගුවන් යානයක් ගන්න හැදුවා නේද? ඒක රටේ ආරක්ෂාවටද? රටේ අභිමානයටද? (නි)

:       0       0

චතුර Thursday, 07 January 2016 04:06 PM

යුද්ධයක් නැති රටකට ප්‍රහාරක යානා ගන්නේ ඇයි? (නි)

:       0       0

දහම් Thursday, 07 January 2016 01:54 AM

මොනවද මේ කරන්න යන්නේ කියලා තේරෙන්නේ නැහැ. විශාල විදෙස් විනිමය අර්බුදයක ඉන්නේ. යුද්ධයකුත් නැහැ. ඉතින් ප්‍රහාරක යානා බිලියන ගණනක් වියදම් කරලා ගන්නේ මොකටද? මේකෙන් කාටහරි මිලියන ගණනක කොමිස් එකක් නැත්නම් මේ කරන්න යන්නේ කිසිසේත්ම නොකළ යුතු, අවශ්‍ය නැති වැඩක්. ජනතාවගේ සහනාධාර කපනවා රට හදන්න කියලා. ඇයි මෙහෙම වැඩ කරන්නේ? වහාම මේ ගැන පරීක්ෂණ කරන්න. (නි)

:       0       0

කුමාර් Thursday, 07 January 2016 07:45 AM

යුද්ධයක් තිබෙන්නම ඕනෑ නැහැ රටකට ආරක්ෂක භාණ්ඩ මිලදී ගන්න. ඒවා රටක් සතුව තිබෙන්න ඕනෑ. ප්‍රශ්නය ඒක නෙමෙයි. අපිට තිබෙන්නේ ක‍ොමිස් එක ගැන ප්‍රශ්නයක් (නි)

:       0       1

කමල් Thursday, 07 January 2016 02:10 AM

දහම්ට මේ ආණ්ඩුව මොනවා කළත් වැරදියි. හැමදේම දිහා ඍණ අදහසකින් බලන්න එපා. (නි)

:       0       0

පාඨලී Thursday, 07 January 2016 02:24 AM

කමල්, ඔයාලම නේද ඒ දවස් වල ඕවට කෑගැහුවේ? (නි)

:       0       0

අහිංසා Thursday, 07 January 2016 02:27 AM

දහම් හරි. කමල්ට මේ ආණ්ඩුව මොනවා කළත් හරි (නි)

:       0       0

සරත් Thursday, 07 January 2016 02:22 AM

රටක හමුදාව හැමවෙලේම ශක්තිමත්ව සීරුවෙන් තැබිය යුතුයි. අනතුරක් ආවට පස්සේ දඟලලා වැඩක් නැහැ (නි)

:       0       0

නිතේෂ් Thursday, 07 January 2016 07:53 AM

දැන් මෙතන ඉන්න කී දෙනෙක් ඔය ගුවන් යානය ගැන දන්නවද? අනික ඕවා ගන්න එක අද ඊයේ තිරණය කරපු එකක් නෙමේ (නි)

:       0       0

සුරන් Thursday, 07 January 2016 02:35 AM

රටේ ආරක්ෂාවට ප්‍රහාරක ජෙට් යානා මිලදී ගන්න ඕනෑ. එහෙත් එය සිදුවියයුත්තේ අවශ්‍යතාව සොයාබැලීමෙන් පසුවයි. රටවල් සතුටු කරන්න අනවශ්‍ය විදිහට රටේ මුදල් නාස්ති කරන එක වැරදි දෙයක්. මේ ආණ්ඩුවට තම හිතුමතේට ඕනෑ දෙයක් කරගෙන ගියාට කමක් නැහැ. නමුත් ඔය යහපාලන බෝර්ඩ් ලෑල්ල ගළවා ගත්තා නම් තමා හොඳ. (නි)

:       0       0

චන්න Thursday, 07 January 2016 02:45 AM

වසන්ජය, ලංකාව කියන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙමෙයි, ඉන්දියාවට උවමනා දේවල් කරන්න. එක වාරයක් ඉන්දිඅන් තෙල් සමාගමට ලංකාවේ තෙල් විකුණන්න දීලා මොකද වෙලා තියෙන්නේ. අපේ රටේ ඉතුරු කරගන්න තිබෙන සල්ලි බිලියන ගණනින් ඉන්දියාවට යනවා හැම අවුරුද්දේම. (නි)

:       0       1

කස්තුරිආරච්චි Thursday, 07 January 2016 03:13 AM

ඇයි මේවා දැන් හදිසියේ ගන්නේ? (නි)

:       0       0

නිතේෂ් Thursday, 07 January 2016 03:19 AM

කට්ටිය දන්නේ නැතුව නිකන් කියලා වැඩක් නැහැ. ඔය ගන්නේ රටේ ආරක්ෂාවට. සිංගප්පුරුවට එච්චර ලොකු ගුවන් හමුදාවක් තියෙන්නේ ඇයි කියලා දන්නේ නැද්ද? (නි)

:       0       1

කපිල Thursday, 07 January 2016 03:20 AM

අනවශ්‍ය මුදල් නාස්තියක් නේද? (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 07 January 2016 03:20 AM

අපේ රටට මේ වෙලාවේ අත්‍යවශ්‍ය, ප්‍රහාරක යනාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මේවා ගන්නත්, පවත්වාගෙන යන්නත් අති විශාල ධනස්කන්දයක් ඕනෑ. අපිට මේ වෙලාවේ වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ස්වභාවික ආපදා වලදී යොදාගත හැකි ගුවන් යානා සහ හෙලිකොප්ටර් වගේ දේවල්. මගේ දැනුමේ හැටියට ගංවතුරකදී හෝ විශාල ගින්නකදී යොදාගත හැකි ඒ සඳහාම නිමවූ කිසිම යානාවක් ලංකාව තුළ නැහැ (නි)

:       0       0

අමිල Thursday, 07 January 2016 03:29 AM

යුද්ධ කාලෙදිවත් අපිට මෙච්චර ප්‍රහාරක යානා තිබුණේ නැහැ නේද? දැන් මොකටද මෙච්චර ගන්නේ? (නි)

:       0       0

සම්පත් Thursday, 07 January 2016 03:35 AM

ජෙට් වලින් කාටද ගහන්න යන්නේ? (නි)

:       0       0

අසාද් Thursday, 07 January 2016 04:06 AM

හැමදේටම දේශපාලනය ගාවාගන්න එපා. හරිදේට හරි කියන්නත් වැරදිදේට වැරදියි කියන්නත් පුරුදුවෙන්න. යුද්ධයක් නැතුව ප්‍රහාරක යානා මිලදී ගැනීම සම්බන්ධව රජය කරුණු ඉදිරිපත් කළයුතුයි. (නි)

:       1       0

පිටබැද්දර ජයා Thursday, 07 January 2016 04:09 AM

මොකෝ මේ ගුවන් හමුදාවට යානා ගේනකොට නලියන්නේ ? අනික ඉතින් කවුද දන්නේ අනාගතේ මොනවා වේවිද කියලා ? හොඳම දේ නවීන යානා එක්ක හොඳ පුහුණුවක් දීල ලෑස්ති පිට ඉන්න එක. (ර)

:       0       1

දිලිප් වික්‍රරමරත්ත Thursday, 07 January 2016 04:13 AM

අපේ රටට මේ වෙලාවේ අත්‍යවශ්‍ය , ප්‍රහාරක යනාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේවා ගන්නත් , පවත්වාගෙන යන්නත් ඇති විශාල දනස්කන්දයක් ඕනේ . අපිට මේ වෙලාවේ වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ස්වබාවික ආපදා වලදී යොදා ගත හැකි ගුවන් යානා සහ හෙලිකොප්ටර වගේ දේවල් . මගේ දැනුමේ හැටියට ගංවතුරකදී , හෝ විශාල ගින්නකදී යොදා ගත හැකි ඒ සදහාම නිමවූ කිසිම යානාවක් ලංකාව තුල නැහැ. (ර)

:       0       0

නුවන් විජේවර්ධන Thursday, 07 January 2016 04:43 AM

අනතුරු එන්න කලින් සූදානම්ව ඉන්න ඕනෑ තමයි. එල්ටීටීඊ එක දැන් නැතිවුණාට ලෝකයට අලුත් තර්ජනයක් තිබෙනවනේ. (නි)

:       0       0

ජයරත්න Thursday, 07 January 2016 04:44 AM

මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි. එය මේ ඊනියා යහපාලන ආණ්ඩුවටත් පාකිස්තාන අගමැතිටත් එකසේ සත්‍යයි.(කෞ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 07 January 2016 04:50 AM

ටික දෙනයිනේ මේකට අදහස් ලියල තියෙන්නේ. යහපලනෙට චන්දෙ දීපු සමහර අයට ලැජ්ජද දන්නේ නැ ලියන්න.යුද්ධයකුත් නැතුව අපට මොනාටද මේවා.රටේ මිනිස්සුන්ට මිරිස් ග්‍රෑම් 100 ගන්න සල්ලි නැ. (කෞ)

:       0       0

සේන Thursday, 07 January 2016 04:48 AM

අනාගතයේ රජය ගන්නා තීරණ අනුව මහජන නැගිටීම් ඇතිවිය හැකිබව ඇමති කෙනෙක් ඊයේ පවසා තිබේ .එයට මුහුණදීමට මේවා ගෙන්වන්නේ ඇමරිකන් උපදෙස් අනුව පකිස්ථානයෙන් .මර්දනය යනු කුමක්ද කියා අනාගතයේදී දැක ගන්නට ලැබේවි (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 07 January 2016 04:56 AM

ඕවා මහා බොරු සෝබන වැඩ. මේ තරමට ප්‍රශ්න තියෙද්දී මොනාද මේ කරන්නේ. (කෞ)

:       0       0

පුෂ්පා Thursday, 07 January 2016 05:12 AM

ඇයි ඕවා හදන රටෙන් ගන්නේ නැත්තේ? කබල් ඒවා වැඩි මිලට. සල්ලිත් නැති වෙලාවේ. කව්ද දැන් අපේ රටට ගහන්න ඉන්නේ? පාරවල් ටිකක් වත් හදන්න තිබුනා. (ර)

:       0       0

තුෂාර Thursday, 07 January 2016 02:13 PM

හොඳ තීරණයක්. අපේ යුද ශක්තිය ඉන්දියාවට වඩා අඩු නිසා තමා ඉන්දියාව අපට බලපෑම් කරන්නේ. අපි ශක්‌තිමත් වෙන්න ඕනෑ ඉන්දියාවත් එක්ක යුද්ධයකට නෙමෙයි. නමුත් අපි ශක්තිමත් නම් අපිට බලපෑම් කරන්න කලින් දෙපාරක් හිතනවා. (නි)

:       0       1

සිසිර Thursday, 07 January 2016 05:26 AM

හොඳ තීරණයක්. (ර)

:       0       0

පුෂ්ප Friday, 08 January 2016 12:39 AM

ගයාන්, ඕවායේ තියෙන්නේ රුසියන් ටර්බෝ ෆෑන් එන්ජින්. අනිත් බහුතර කෑලිත් අටවපුවා. ඕවා නවීන කුඩා මිසයිලයකට බිම දමන්න ලේසියි. ඔයින් අටක් ගන්නවට වඩා හොඳයි රුසියන් 4 ක් ගන්න එක. (නි)

:       0       0

රුවන් Thursday, 07 January 2016 05:44 AM

අපේ මිනිස්සු ගැන හරි ලැජ්ජා හිතනවා වෙලාවකට. මුළු ලෝකයම යුද ගිනි ඇවිලිලා තියෙන මේ වෙලාවේ රජයක් විදියට ජාතික ආරක්ෂාව වෙනුවෙන් අරගත්ත මේ තීරණය අපි කවූරුත් අගය කල යුතු මොහොතකයි මේ මිනිස්සු විවේචන එල්ල කරන්නේ. පක්ෂ බේදයකින් තොරව නැගීසිටීමට නම් මිනිසුනේ දැන්වත් නැගිටින්න. (ර)

:       0       1

සකුන්තලා Thursday, 07 January 2016 05:43 AM

වසන්ජයලා වගේ හිතන මිනිස්සු එදත් හිටිය නිසා තමයි අපි අවුරුදු 400 කටත් වැඩ විදේශිකයින්ට යටත් වෙලා හිටියේ. රටක ජාතික ආරක්ෂාවට නවීන ප්‍රහාරක යානා අත්‍යවශයි. 1987 වනවිට අපි ගාව ප්‍රහාරක ජෙට් යානා එකක්වත් තිබ්බේ නැහැ. වඩමාරච්චි මෙහෙයුම වෙලාවේ ඉන්දියාවේ කට්ටිය අපිට කරපු දේ ගොඩක් අය දන්නෙත් නැහැ, මතකත් නැහැ. අපි ගාව ඒ මොහොතේ ප්‍රහාරක යානා තිබ්බනම්, බොහෝවිට වසර 26ක් ඇදුන යුද්ධය අවුරුදු 4න් ඉවර වෙන්න තිබුනා. අපි ගෙදරක දොරට හොඳ ආරක්‍ෂිත අගුලක් දාල වහන්නේ, තව ටිකකින් හොරෙක් හතුරෙක් ඒවි කියලා නෙමේයිනේ. ආරක්ෂාව කියන හැගීම නිසා. වසර 65 ක කීර්තිමත් ඉතිහාසය මාර්තු 02 දින සමරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අපගේ සුභාශිංසන. (ර)

:       0       1

තිලංග Thursday, 07 January 2016 05:51 AM

කොච්චර සල්ලි නැති උනත් ජාතික ආරක්ෂාව වැදගත්. නැතිනම් වෙන්නේ කිසියම් හදිස්සි අවස්ථාවක එක එක රට වලින් හිගා කන්න. (ර)

:       0       0

ෆාරුක් Thursday, 07 January 2016 05:59 AM

මේ වැඩේ වැරද්දක් විදියට මම නම් දකින්නෑ. (ර)

:       0       0

චරිත් Thursday, 07 January 2016 06:09 AM

හොඳ තීරණයක්. ඒ වගේම හොඳ අදහසක් සකුන්තලාගේ. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2320 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1731 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2564 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2716 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 624 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1244 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35985 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site