(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වරායට පැමිණි ගෑස් තොග නොපමාව ලොරි යොදා බෙදා හරින ලෙස නියෝග දුන්නද 18 වැනිදා රාත්‍රිය තෙක් නියෝග ඉටු නොකළ නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවන්නැයි කෝප් කමිටු සභාපතිට දැනුම් දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 19 )පැවසීය.
මිනිසුන් දුක් විඳිද්දී මොවුන් මෙලෙස කල් මරන්නේ ඇයි දැයි තමාට වාර්තාවක් අවශ්‍ය බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැතිට ගෑස් පෙන්වූ ගෑස් ලොක්කන් පාර්ලිමේන්තුවට කැඳවයි
ගාමිණී කේ. දිසානායක Thursday, 19 May 2022 04:31 PM
නියමයි අගමැතිතුමා. ඔහොම දිගටම යං...!
wicky Thursday, 19 May 2022 05:26 PM
වී තියෙනවා සර් කියලා ලොකු ටොක්ස් දුන්නා. එහෙම නැතිව, හැම ආයතනයකින්ම උපරිම කාර්යක්ශමතාවට වැඩ කරන්න සලස්වන්න. දුම්රිය වගේ ආයතන, පෙට්‍රෝලියම් වගේ ඒවාත්, විදුලි බල මණ්ඩලය වගේ ආයතන ගැනත් සොයා බලන්න.
sanjeewa Thursday, 19 May 2022 05:33 PM
අගමැතිතුමා, අපගේ විදේශ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත්, ආදායම්පත් අප ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දීලා සතියක් දෙකක් ඇතුළත අපට ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. එවිට අපි පෙට්‍රල්, ඩීසල් පුච්චගෙන කොළඹ එන්න අවශ්‍ය නැහැ.
de silva Thursday, 19 May 2022 06:09 PM
විදුලි බල මණ්ඩලය මාස 3කට පාඨලීට පවරන්න. එවිට ඔහු යම් පමණකට හෝ නාස්තිය අඩුකරලා දේවි... ඔහුට ඒගැන දැනීමක් තිබෙනවා.
අරවින්ද මොණරවිල Thursday, 19 May 2022 06:11 PM
හයවෙනි වරටත් අඩුම ගානේ වසර 15 ක්වත් අගමැතිකම් කරලා දැන් තමයි මෙතුමාට රටේ ප්‍රශ්න විසඳන්න මතක්වෙලා තියෙන්නේ... ඔබට සතුටුයිද දැන්...?
Nihal Harischandra Thursday, 19 May 2022 06:25 PM
අහිංසක ජනතාව ගෑස් නැතුව විඳින්නේ පුදුම දුකක්. ඔබතුමා එය තේරුම් ගත්තු එක ලොකු දෙයක්. කිසිඳු ආයත ලොක්කකු ජනාධිපති සහ අගමැති කියන දේවල් ගණන්වත් ගන්නේ නෑ. දැඩි ස්ථාවරයක ඉන්න. ඉක්මණින් ගෑස් ප්‍රශ්න විසඳේවායි ප්‍රාර්ථනා කරමි...
fairoos Thursday, 19 May 2022 06:55 PM
මෙතුමා නෙමෙයි, මොන සක්කරයා ඇවිල්ලත් වැඩක් නැහැ... නන්දසේන ඉන්නකන්...
SUNIL MILANO Thursday, 19 May 2022 06:58 PM
නියමයි අගමැතිතුමනි, නියමයි... මොවුන් වරදක් කර ඇත්නම් වහාම අස්කර දමන්න. ශ්‍රී ලංකාව තුළ කිසිම රැකියාවක නියැලිය නොහැකි ලෙසම... බොහෝමත්ම අගෙයි.
tissa Sunday, 22 May 2022 07:44 AM
blood sugar හා blood pressure තියෙන ගෘහ ඔබ මූලික යන්ට පමණක් පෝලිමක් නැතුව කෙලින්ම ( ලිඛිත ලිය කිවිලි මගින් ඔප්පු කර) පෙට්‍රල් සහ ඩීසල් ලබාගන්න මාර්ගය සකසා දෙන්න. මේ නිසා ලංකාවේ මරණ කීයක් සිදු වුණාද තාම මෙයට පිළිතුරක් නෑ .වගකිවයුතු නිලධාරින් සහ ධර්මිෂ්ඨ නිලධාරීන් මේ ගැන වහාම පිය පියවරක් ගන්න. අධ්‍යාත්මික පැත්ත ගැන බලන්න