IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අගමැතිට බලතල දෙනවාට චම්පික විරුද්ධයි

‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රමුඛ එක්සත් ජතික පක්ෂයේ  කීප දෙනකු  උත්සාහ කරන්නේ  ජනතාවගේ කැමැත්තෙන්  පත්වු විධායක ජනාධිපතිවරයා  නිකම්   පඹයකු කර  ඒකාධිපති විධායක අගමැතිවරයකු බිහිකැර ගැනීමටයි.ඒවාට අපි බය නෑ ,රනිල් මහත්තයා එයාගේ පක්ෂයට කළෙත් ඔය දේමයි. අපි මේ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න කොහොමත් ඉඩ දෙන්නේ නෑ.‘යි විදුලිබල හා බල ශක්ති  ඇමැති පාඨලී  චම්පික රණවක මහතා අද(6) පැවසීය.

බත්තරමුල්ලේ  ජාතික හෙළ උරුමයේ ප්‍රධාන පක්ෂ කාර්යාලයයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

 

 



අදහස් (0)

අගමැතිට බලතල දෙනවාට චම්පික විරුද්ධයි

ඈන් Monday, 06 April 2015 03:33 PM

රනිල් කියන්නේ ධනපතියන්ට, තමන්ගේ නෑයන්ට, මිත්‍රයන්ට ඉඩ දෙන කෙනෙක්. මහ ලොකුවට වේදිකාවල කෑ ගැහුවට දුප්පතාගේ දුක තේරෙන්නේ නැති කෙනෙක්. දැන් යූ.එන්.පී. එකේ ඉන්‍න එයාගේ නෑයන් බැටෑලියන් එකෙනුත්, භාණ්ඩාගාර බිල්පත් එකතුවෙන් එයාගේ යාලුවෙක් කළ දෙයිනුත් තේරෙනවා රටට ආදරේ තරම. සජිත් එක්කත් එකතු වුනේ මහින්දව පරද්දන්නත්, පක්ෂය දෙකඩවීම වලක්වන්නත් මිසක්, ඒ පක්ෂයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදීකම නිසා නොවේ. (බ)

:       0       0

විජයබාහු Monday, 06 April 2015 10:14 AM

සිරිසේන ජනාධිපතිතුමා පඹයෙක් කළේ මෙයාලා. මෙයාලත් ඒවට වගකියන්න ඕනේ. දැන් බොරුවට කියෙව්වට. (දිල්)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 10:15 AM

දැන් මොනවා කිව්වත් 19 ගැන වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. (ර)

:       0       0

කරුණාදාස Monday, 06 April 2015 10:20 AM

විජයබාහු මහතානනි, එහෙන් මෙහෙන් අැහිඳගන්නෙ නැතුව සම්පූර්ණ කතාව ඇහුව නම් ඔහොම කියන්නේ නැහැ ඔබතුමා. මෙතුමා කියන කතාව 100% ක් නිවැරැදියි. නිවි සැනසිල්ල‍ෙ මේ කතාව අහලා බලන්න. (බ)

:       0       0

කපිල Monday, 06 April 2015 10:24 AM

බලන් ඉන්න ආස සාකච්ඡාවක්. මේ කියන එක හරි. විධායක ජනාධිපති අයින් කරලා විධායක අගමැති කෙනෙක් ගේන්න නෙමෙයි ජනතාව ඡන්දය දුන්නේ. කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල කප්පාදු කිරීම පමණයි. (දිල්)

:       0       0

කෙවින් Monday, 06 April 2015 10:26 AM

වැරදි දුටු තැන එය නිවැරැදි කරගනිමින් සංවාද විසංවාද එක්ක තමයි දේශපාලනය කරන්න ඕනේ. එහෙම නැතුව අපි පත් කරපු අයයි කියලා කරන හැම වැඩේටම එහෙයි කියන්න ඕනෙ නැහැ. දියුනු රටවල එහෙමයි දේශපාලනය කරන්නේ. අපේ රටත් එහෙම විය යුතුයි. (ර)

:       0       0

දිල්හානි Monday, 06 April 2015 10:27 AM

කවුරු කිව්වත් කතාව ඇත්ත. (ර)

:       0       0

ලයනල් Monday, 06 April 2015 10:30 AM

සිරිසේන ජනාධිපතිතුමා තවම සියළු විධායක බලතල සහිත ජනාධිපතිතුමා. විධායක බලතල දුන්නෙම රට හදන්න. හොරු අල්ලන්න. නිති හදන්න. කොමිසම් හදන්න වගේ දේවල් වලට. ඒවා නොකර විධායක බලතල නිකං තියාගෙන ඉඳලා වැඩක් නැහැ. (දී)

:       0       0

ලසන්ත Monday, 06 April 2015 10:29 AM

කියුව දේ ඒ ආකාරයෙන්ම වෙනවානම් හොදයි (දී)

:       0       0

අනුර Monday, 06 April 2015 10:32 AM

ඔහු නියම ඇමති කෙනෙක් (දී)

:       0       0

ලසිත Monday, 06 April 2015 10:33 AM

අගමැතිට බලතල දෙනවාට චම්පික විතරක් නෙමෙයි රටේ ජනතාවත් විරුද්ධයි. අපි ඡන්දෙ දුන්නෙ මෛත්‍රිපාල සිරිසේන මහතාට මිසක් යූඑන්පී එකට නෙමෙයි. සහයෝගෙන් රට කරනවා නම් කාට කාටත් හොඳයි. (ර)

:       0       0

දීපාල් පෙරේරා Monday, 06 April 2015 10:35 AM

මේ මනුස්සයා කියන කතාව ඇත්ත. කවුද විධායක අගමැති කෙනෙක් හදන්න ඡන්දය දුන්නේ. (දී)

:       0       0

දිල්හාර Monday, 06 April 2015 10:37 AM

කොන්ද කෙලින් තියාගෙන කතා කරන මේ වගේ උගත් සහ දැනුම තියෙන අයයි රටට ඕනේ. නිලියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්නෙ නැතුව හඩක් නගන්න පුවළුන් අයට නාම යෝජනා දෙන්න කියලා හැම පක්ෂෙකින්ම ඉල්ලා සිටිනවා. (දී)

:       0       0

බන්දුල Monday, 06 April 2015 10:42 AM

චන්දෙට කලින් එතුමා කියුව නේද අගමැතිට බලය දෙනවා කියලා.

:       0       0

ශානක Monday, 06 April 2015 10:48 AM

මේවා කියන්න තිබ්බේ චන්දෙට කලින්. (දී)

:       0       0

කෙවින් Monday, 06 April 2015 10:50 AM

විධායක ජනාධිපති අයින් කරලා විධායක අගමැති කෙනෙක් ගේන්න නෙමෙයි ජනතාව ඡන්දය දුන්නේ. (දී)

:       0       0

දමින්ද \ Monday, 06 April 2015 10:51 AM

මමත් විරුද්දයි මේ වෙන වැඩේට නමුත් මම නම් ඉවර වෙනකල් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ඉන්දික Monday, 06 April 2015 10:54 AM

කරුණාදාස , ඒක නිවී සැනසිල්ලේ කියවන්න දෙයක් නැහැ. මෙයාට දැන් තේරුනාට අපිටනම් චන්දෙට කලින්ම වෙන දේ තේරුණා.(දී)

:       0       0

රත්නායක Monday, 06 April 2015 10:55 AM

දේශපාලනය වැඩක් නැහැ (දී)

:       0       0

රොෂාන් Monday, 06 April 2015 10:55 AM

මොලයක් නැති මිනිස්සු නොවෙයි රට කරන්නේ ඒ නිසා අපිට මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

ඈන් Tuesday, 07 April 2015 04:56 AM

විධායක අගමැති ධූරය නැතුව මෙහෙම ඩබල් ගේම් ගහනවා නම්, ලැබුණහම කොහොම වෙයිද කියලා හිතාගන්න පුලුවන්. රනිල් හොර නොකළට එයාගේ කීමට පත් කරන එයාගේ යාලුවෝ 'පුදන කොටම කාපි යකා' විදියේ වැඩක් කරලා තියෙන්නේ. එක අතකට මේ කාල ගෝට්ටියට ජනාධිපතිතුමාත් වගකියන්න ඕනේ. එතුමාට ඔතනට එන්න උදව් කල අනිත් පක්ෂ වලටත් ඉඩ දෙන්න ඕනේ. එතුමා හරි කෙලින් හිටියා නම් වටේ ඉන්න නිලධාරීන් එතුමාව 'අන්දන්න' යන්නේ නෑ. එතුමා දැනටම 'නාම මාත්‍රික' ජනාධිපතිකමට ඇඳ‍ ගෙනනේ. (බ)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 06 April 2015 10:56 AM

අපි ඡන්දෙ දුන්නෙ මෛත්‍රිපාල සිරිසේන මහතාට මිසක් යූඑන්පී එකට නෙමෙයි. (දී)

:       0       0

සනත් Monday, 06 April 2015 10:57 AM

අපි මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ (දී)

:       0       0

වාකෝ Monday, 06 April 2015 10:58 AM

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කලොත් රට විනාසයි (දී)

:       0       0

රුවන් කුමාර Monday, 06 April 2015 10:58 AM

අනෙ මේ අයට දැනුයි තේරුම් ගිහිල්ල තියන්නේ (දී)

:       0       0

සම්පත් Monday, 06 April 2015 11:02 AM

ජනාධිපති තුමාට අපි වරදක් කියන්නේ නැහැ (දී)

:       0       0

කරුණාදාස Monday, 06 April 2015 11:04 AM

අගමැතිතුමාගෙ වැඩ දැන් තමයි එලි වෙන්නේ. ඒකට දැන් තමයි ප්‍රතිචාර දක්වන්න ඕනේ. කලින් කරන්න බැහැනේ. (ර)

:       0       0

රසාදරී Monday, 06 April 2015 11:07 AM

තාම මුකුත් වෙලා නැහැ. වෙනන් කලින්නේ මේ කියන්නේ. සාමාන්‍යයෙන් හැමෝම වගේ කරන්නෙ වුනාට පස්සෙ අපිනම් දැනගෙන හිටියා කියලා කියන එකනේ. නමුත් මෙතුමලා වෙන්න කලින් වෙන දේ කියලා ඒක වලක්වන්න හදන්නේ. ඒක තමයි හරි දේශපාලඥයෙකුගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ. (ර)

:       0       0

කරු Monday, 06 April 2015 11:08 AM

විධායක ජනාධිපතිතුමා රටට අවශ්‍ය දේවල් වලටවත් විධායක බලය පාවිච්චි කරන්නෙ නැති බවත් මටනම් පේනවා. හොරු තාම නිදැල්ලේ. විධායක බලය පාවිච්චි කරලා හොරු ඇඅල්ලනවට ජනතාව නම් අකැමැති නැහැ. ඒක නොවන එකට අපිනම් අකැමැතියි (දී)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 11:11 AM

ජනමතය ලැබුණේ විධායක ජනපති කම නැතිකරන්න බව අමතකද? නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත්පට්ටියක් ඕනද ?(දිල්)

:       0       0

සමන් Monday, 06 April 2015 07:06 PM

මම නම් දැන් මෙයා කියන කතා විශ්වාස කරන්නේ නැහැ.අද එකක් හෙට තව එකක් කියන කෙනෙක් (නි)

:       0       0

පුෂ්ප Monday, 06 April 2015 11:23 AM

දේශපාලනයේ අනාගතය අපිට කියන්න බැහැ (දී)

:       0       0

සුමන Monday, 06 April 2015 11:26 AM

කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

සත්‍යයා Monday, 06 April 2015 07:17 PM

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යන්නයි. යු.එන්.පිය මේ සටනට එකතුවුයේ සද්භාවයෙන් නොවන බව අගමැතිට විධායක බලතල පවරා ගන්න කරන උත්සාහයෙන් හා තනිවම බලයට එන්න යු.එන්.පිය මැත දොඩවන ආකාරයෙන් දැන් අපිට පැහැදිලිවෙනවා. මේ තත්වය ජනාධිපතිවරයා පමණක් නොව ජනතාවත් පැහැදිලිවම තේරුම්ගත යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහතා අතීතයේ දුෂිතයෙක් නොවීම නිසා ඔහු සතුව වැදගත් විධායක බලතල කිහිපයක් රැඳී තිබීම මේ අවස්ථාවේ හැටියට අත්‍යාවශ්‍යයි. ඔහු කෙරෙහි තබන විශ්වාශය මත බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි‍වනු ඇත (නි)

:       0       0

රනුක Monday, 06 April 2015 11:29 AM

ජනතා විරෝධය දැඩිවම (දී)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 07:26 PM

බලය පමණක් තකන රටට ආදරයක් නොමැති සැබෑ ජාතිකත්වයක්ද නොමැති සමහරු මේ කැසකවන්නේ කුමටදැයි කියා අපි දනිමු (නි)

:       0       0

නිලන්ත දර්ශන Monday, 06 April 2015 11:35 AM

අගමැතිතුමා වෙනමම න්‍යය පත්‍රයකට යනවා වගේ මේ වෙන වැඩ වලින් පේන්නේ. ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, බහුතර බලයත් තාම සංධානයේ. මේ ගැන තීරණයක් ගන්න වෙයි වගේ නේද? (බ)

:       0       0

සුමුදු හේවා Monday, 06 April 2015 07:31 PM

ඈන්ගේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

කේසර Monday, 06 April 2015 11:41 AM

චම්පික මහත්තයෝ ඔබට බයක් කියල දෙයක් දන්නෙම නැද්ද? කලින් මහින්දට එරෙහිව ප්‍රබලම ප්‍රහරය දියත් කරේ ඔබයි. දැන් රනිල්ට එරෙහිව කථා කරනවා. වංචාවට එරෙහිව හඩ නගලා කථා කරන ඔබ වගේ ඇමැතිවරු රටට සම්පතක්. (බ)

:       0       0

දිනේෂ් Monday, 06 April 2015 11:49 AM

ඇමතිකම් ගන්න දඟලනකොට ඕව වෙයි කියල හෙව්වේ නැද්ද? අපේ ඡන්ද ටික ආයෙමත් කඩා ගන්න පොටක් වගේ. (ර)

:       0       0

ශ්‍රී වික්‍රම Monday, 06 April 2015 12:01 PM

මෛත්‍රීගේ පොරොන්දුව අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට. මේකේ කොමෙන්ට්ස් දාන අය එක කියවලා බලලා ඇත්ත දැන ගන්න. විධායක අගමැතිල ලෝකේ නෑ. (ර)

:       0       0

ගගන Monday, 06 April 2015 12:03 PM

නියම ඇමති කෙනෙක්. ඔබට තව තව ශක්තිය ධෛර්යය ලැබේවා. හැබැයි පරිස්සමින්. ලංකාවේ දේශපාලනය ජරා ගොඩක්. (ර)

:       0       0

බොතේජු Monday, 06 April 2015 12:05 PM

අපිටත් ඕනේ අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමට. එහෙම නැතුව ඒ ඒකාධිපති බලතල ටික අගමැති කෙනෙකුට හෝ ‍වෙනත් කෙනෙකුට දෙන්න නෙමෙයි. ඔබතුමා කතා කරන්නේ හදවතට එකගව කියලා අපිට දැනෙනවා. අපි එයට ගරු කරනවා. (ර)

:       0       0

ලසන්ත Monday, 06 April 2015 12:09 PM

මේ වගේ තව දහ දෙනෙක් හිටියොත් අපේ රට ගොඩගන්න පුළුවන්. පක්ෂය කුමක් වුවත් එය අමතක කර අවංක දක්ෂ උගත් අය එකට එකතු වෙලා වැඩ කරනවනම් කොච්චර දේවල් කරන්න පුළුවන් වෙයිද? (ර)

:       0       0

විකුම් Monday, 06 April 2015 12:22 PM

මෙයාට මොනවා වෙලාද මන්දා? අගමැති නැතුව කවුද ඇමතිලා තෝරන්නේ....? (නි)

:       0       0

සොපී Monday, 06 April 2015 12:36 PM

අනවශ්‍ය බලතල කප්පාදුකර විධායක ජනාධිපතිධූරය තබාගත යුතුයි (නි)

:       0       0

හේරත් Monday, 06 April 2015 12:44 PM

ඉතින් එතුමාට අගමැතිකම දුන්නා නම් හරිනේ! (නි)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 01:03 PM

ජනතාව දෙනු ඇත නිසි පිළිතුරක් (බ)

:       0       0

කෝසල Monday, 06 April 2015 01:04 PM

අපි ඡන්දෙ දුන්නේ යූඇන්පී එක ගැන හිතල.(බ)

:       0       0

සමන් Monday, 06 April 2015 01:15 PM

දුරදිග නොබලා තීරණ ගෙන මේ අය දැන් හූල්ලනවා. (නි)

:       0       0

විජයබාහු Monday, 06 April 2015 01:58 PM

සමහරු තවමත් රැවටෙනවනේ මෙයාලට. කපිලගේ කතාවේම තියනවා ඇත්ත. (නි)

:       0       0

විජයබාහු Monday, 06 April 2015 02:02 PM

දිනේෂ්ගේ කතාව හරි. මේ ඇත්තත් ගැන හරියට දැනගන්න ඊළඟ ඡන්දෙ වෙනතුරු ඉන්න වෙනවා. (නි)

:       0       0

යසිරු Monday, 06 April 2015 02:04 PM

මම නම් දැන් මෙයා කියන කතා විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

හේමාල් Monday, 06 April 2015 02:09 PM

ජනාදිපති බලතල අඩුකරලා අගමැති සහ කැබිනට් එකට දෙන්නේ නැතුව වෙන කාටද දෙන්න කියන්නේ? අගමැති සහ කැබිනට් එක කියන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය.මොකක්ද මේ විකාරය? ප්‍රශ්නය තියෙන්නේ මෙතන "රනිල් " අගමැතිවීම. මොකද හොරකම් වලට ඉඩක් නැතිවීම. (නි)

:       0       0

රණවක Monday, 06 April 2015 02:24 PM

හේමාල්, එතකොට මේ ළඟදී නිකුත්කළ භාණ්ඩාගාර බිල්පත් එකතුවෙන් බිලියන ගණනක වංචාවක් වෙලා තියෙන්නේ කොහොමද? (නි)

:       0       0

නිලන්ග Monday, 06 April 2015 02:39 PM

දැන් එයා මොනවා කරන්න කියලද කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 15 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 23 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 307 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 606 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 445 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 335 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site