(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය අගමැති කාර්යාලයේ විවිධ වියදම් කපා හැරීමෙන් රුපියල් තිස් දෙකෝටි නවලක්ෂයක පමණක් මුදලක් රජයට ඉතිරි කරදී ඇතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.
අගමැතිවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට 65 දෙනකු බඳවා ගත හැකි වුවත් ඇය සත්‍ය වශයෙන්ම යොදාගෙන ඇත්තේ හත් දෙනකු පමණක් බවත් මාධ්‍ය අංශයට හතළිස් හත් දෙනෙකු අනුමත වුවත් ඇය යොදාගෙන ඇත්තේ දස දෙනකු පමණක් බවත් ඔහු කීවේය.
නානායක්කාර මහතා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති, උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් පාර්ලිමේන්තුව ඇතුළු ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’අගමැතිනිය කෝටි 32ක් රජයට ඉතිරි කරලා’’
karolis Thursday, 27 February 2025 04:08 PM
එහෙනම් එයා ඒ කාළේ කොටුවේ ස්ටේෂන් එකේ උද්ඝෝෂණය කරලා ඉල්ලපු අධ්‍යාපනයට 6% අයවැයෙන් දුන්නේ නැත්තේ මොකෝ? තඹුත්තේගම ස්ටේෂන් එකට නම් මිලියන් 100 ඔක්කොම බොරුකාරයෝ.
ලූට මූස්Thursday, 27 February 2025 05:35 PM
මේ කරෝලිසා අඩු මාසෙන් ඉපදිච්චි කෙනෙක්ද කොහේද?
karolisThursday, 27 February 2025 07:13 PM
ඔහේගේ නමේ හැටියට වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය කෙනෙක් වෙන්න බෑ. ඒ හින්දා අධ්‍යාපනයෙන් වැඩක් නෑ. වැසිකිළි හෝදන්න දැන ගත්තාම ඇති...
සිල්වා Thursday, 27 February 2025 04:49 PM
කොපමණ ඉතිරි කලා යයි කීවත් මහජන අපේක්‍ෂාවන් භංගත්වයට පත්වෙමින් තිබෙන්නේ. බොහොම කණගාටුදායකයි.
Neel Thursday, 27 February 2025 05:06 PM
මේ අයවැයෙන් තමයි වැඩිම මුදලක් අධ්‍යාපනයට ලංකා ඉතිහාසයේ වෙන්කරපු අයවැය ලේඛනය හොඳට කියවාගන්න බලන්න. දේශපාලන පක්‍ෂයකට කඩේ යන්න ඉස්සර හොඳ ශ්‍රී ලාංකිකයෙකු වන්නට බලන්න...!
karolisThursday, 27 February 2025 07:21 PM
හලෝ නීල් 2025 වෙන් කලේ රු. බි. 271ක් කියන්නේ 3% ආණ්ඩුවේ වියදමෙන්. වෙන ආණ්ඩු කරන කාලේ 6% වෙන් කරන්න කියලා මැරෙන්න හැදුවා. ජනාධිපතිත් කියෙව්වා මිසක් අයවැයේ තිබ්බේ මොනවාද කියලා දන්නේ නෑනේ. කඩේ යන සෙට් එකත් ඒ වගේම හරක් තමයි...
විපරමා Thursday, 27 February 2025 05:59 PM
හිටපු දූෂිත නායකයින්ගේ වන්චා, දූෂණ, නාස්තිය ගැන නම් කියලා වැඩක් නැහැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, ලන්කාව බන්කොලොත් කරපු එකයි කෙරුවේ...
abeygunasekarasampath95 Thursday, 27 February 2025 07:37 PM
එක් පුද්ගලයෙකුට රුපියල් 16 යි...
ගුණරත්න Thursday, 27 February 2025 11:30 PM
මේ ඇමතියෝ ආණ්ඩුව සුද්ද කරන්න උත්සාහ දරනවා විනා වැඩක් කරනවා කියල පේන්න නැහැ, එකත් හොඳයි, මුන් වැඩ බැරි නිසා වැඩක් කරන්න ගිහින් අනාගන්නවට වැඩිය ඔහොම ඉන්න එකත් හොඳයි. නැත්නම් මේ තව පච වුනොත් ආපහු පෝලිම්වල තපින්න තමයි වෙන්නේ.
Perera Friday, 28 February 2025 07:52 AM
කරෝලිස්, රට කාපු එවුන්ගේ කටු දන්කුඩ කකා ජීවත්වන එකෙක්.
රුවන් Friday, 28 February 2025 08:56 AM
සෞඛ්‍යට බිලියන 604, අධ්‍යාපනයට බිලියන 619. (විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බිලියන 135, පාසල් අධ්‍යාපනයට 456) 6.9% ලංකාවේ අඩු අධ්‍යාපනය ලබපු අයට අනුව 6>6.9%