IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අගමැති තිරුපති කෝවිලේ

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති අසල සුප්‍රසිද්ධ වෙන්කතේස්වර කෝවිලට  සිය පවුලේ සාමාජිකයන් හා නිලධරයින් සමඟ ගිය අගමැති දිමු ජයරත්න මහතා උණුසුම් ලෙස  පිළිගැනිණි.

කෝවිලේ පුජකවරු දේව වස්ත්‍රයක් පොරවා අගමැතිට ගෞරව දැක්වුහ.

 මිනිත්තු දහයක් තිස්සේ  අගමැති වන්දනාමාන කළේය.

අගමැති නතරවී සිටි පද්මාවතී නිවහන වඩා ආරක්ෂාව තර කැර තිබිණි.

විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන වෙන්කතේස්වර දෙවියන් වැඳපුදා ගැනීමට දිනකට පනස්දහසකටත් ලක්ෂයකටත් අධික පිරිසක් මෙම හින්දු දෙවොලට එති.

07_thsri_lanka_pm__2191599g

 

  

 



අදහස් (0)

අගමැති තිරුපති කෝවිලේ

මිනිපෙ Sunday, 09 November 2014 05:30 PM

හොඳ දේවල් වෙනකොට දෙවියන්ගේ බැල්ම තියෙනවා කියලා හිතෙන අතර නරක දේවල් වෙනකොට,පෙර කළ පව් කියලා හිත හදාගන්නවා.අන්තිමට දිනන්නේ දෙවියෝ හා කපුවා. (නි)

:       0       0

සිතුමිණි Sunday, 09 November 2014 07:26 PM

ඔබතුමාට යහපතක්ම වේවා! (නි)

:       0       0

අශාන් Sunday, 09 November 2014 07:28 PM

විශ්වාසය තමයි සියල්ලටම වඩා වැදගත් වෙන්නේ (නි)

:       0       0

විද්‍යා Sunday, 09 November 2014 08:36 PM

මේවාත් කර කර සමහරු ඉන්දියාවට බනිනවා. (නි)

:       0       0

සමන්ති Monday, 10 November 2014 02:19 PM

ඝණපති දෙවියනි මට ඇති අපල උපද්‍රව වලින් බේරා පවුල රැකදෙනු මැනවි (අ)

:       0       0

නිහාල් Sunday, 09 November 2014 11:10 PM

අනේ අපිට යන්න වාසනාවක් නැහැනේ! (නි)

:       0       0

ධම්ම Sunday, 09 November 2014 12:49 PM

කොහේ ගිහිල්ලා හරි කමක් නැහැ තව ටිකක් කාලය දික්කර ගන්න පුළුවන් නම්. (නදී)

:       0       0

හසිත් Sunday, 09 November 2014 12:58 PM

භාර හාර නොවී කොහොමද ? ඉස්සරහට තියෙන්නේ සංගීත පුටු තරඟයක් නේද ? (නදී)

:       0       0

නාලක Sunday, 09 November 2014 11:59 PM

අපේ රට විවිධාකාර ව්‍යයසන වලින් මුදාගන්න ශක්තිය ලැබේවා කියලා පතන්න යන්න ඇති. (නි)

:       0       0

හේමන්ත Sunday, 09 November 2014 01:03 PM

මම දන්නා තරමින් ලංකා අගමැති බෞද්ධ කෙනෙක්. ඉතින් වන්දනා මාන කලේ මොනවටද? අසිරිමත් බුද්ධගයාවටවත් අඩුම ගානේ ගියේ නැද්ද? (නදී)

:       0       0

උමේෂ් Sunday, 09 November 2014 01:03 PM

අන්තිමට දෙවියන්ගේම පිහිට විතරක් බව දැනෙන්න ඇති. (නදී)

:       0       0

ක්‍රිෂාන් දිසානයකේ Sunday, 09 November 2014 01:06 PM

ලංකාවේ අගමැති කෙනෙක් ඉන්නවාද? (නදී)

:       0       0

දිනෙල්ක‍ා Monday, 10 November 2014 12:46 AM

අද ලෝකයේ සිදුවෙන දේවල් දැකලා කළකිරිලා,දෙවියන් තවම වැඩසිටිනවාද කියලාත් මට හිතෙනවා (නි)

:       0       0

නයනකාන්ත Monday, 10 November 2014 12:50 AM

දෙවි පිහිට අපේ ලංකාවට ලැබේවා! (නි)

:       0       0

ගිහාන් Sunday, 09 November 2014 01:09 PM

ඒ කියන්නේ දැන් හැමෝටම දෙවියන් සිහි වෙනවා වගේ. (නදී)

:       0       0

යසිරු Sunday, 09 November 2014 01:12 PM

පද්මාවතී නිවසේ ආරක්ෂාව තර කළා කිව්වා. අනේ දෙවියනේ පද්මාවතීව නම් කවුරු හරි උස්සන් යන්න පුළුවන් (නදී)

:       0       0

දේශප්‍රිය Sunday, 09 November 2014 01:20 PM

අගමැතිකම කියන්නේ රටක ලොකු තනතුරක්. අපේ රටේ එහෙම නැහැ වගේ (නදී)

:       0       0

පද්මිණී Sunday, 09 November 2014 01:21 PM

අනේ ඔව්, ආරක්ෂා ඇතුව ආපසු පාර්ලිමේන්තුවට එවන්න. (නදී)

:       0       0

මංගල Sunday, 09 November 2014 01:24 PM

මේ අයනේ ඉතින් ලංකාවෙ බෙෳද්ධාගම රකිනවා කියලා ව්‍යවස්ථාවෙ අත තියලා දිවුරැම් දෙන්නේ. (නදී)

:       0       0

සිරිසේන Sunday, 09 November 2014 01:24 PM

ලංකාවේ දෙව්විවරුන්ගේ පිහිට නැතිවෙලාවත්ද සේරම දැන් ඉන්දියාවේ දෙවිවරුන්ගේ පිහිට පතන්නේ. හැම මාසෙම 1 වෙනිදා මේ දේවාලයේ ප්‍රධාන දේව පුජාව පවත්වන අපේ රටේ තව කෙනෙක් බරට බරක් රත්තරන් පුජාකලා කියලත් පත්තරේ තිබුනේ. (නදී)

:       0       0

දයාන් Monday, 10 November 2014 01:41 AM

බලන්න දෙවියන්ටත් සමහරු කතාකරන හැටි? ඇයි හැමදේකම වැරදිම හොයන්නේ? (නි)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 01:41 AM

කටකැඩුණු කතා කියන අයට හොඳ පාඩමක් උගන්වන්න දෙවි හාමුදුරුවනේ. (නි)

:       0       0

ජෙහාන් Sunday, 09 November 2014 01:47 PM

මෙච්චර දුර ගෙවා මෙතනට ගිහින් වන්දනාවට ගිහින් තියෙන්නේ මේ තනතුරටත් පොදු අපේක්ෂකයෙක්වත් ඉදිරිපත් වෙන්න ඉන්නවා ද දන්නේ නැහැ. (නදී)

:       0       0

ජිලෝ Sunday, 09 November 2014 01:49 PM

සමහරු ඉන්දියාවට හතර අතේ බැන බැන එහෙටමයි දෙවියන් සිහි කරගෙන දුවන්නෙත්. (නදී)

:       0       0

කමල් Monday, 10 November 2014 10:10 AM

මෙතුමා හින්දුද? බෞද්ධද? අදහන්න ගිහින්ද? දැකගන්න ගිහින්ද? (බ)

:       0       0

සුජිත් Monday, 10 November 2014 03:19 AM

දයාන්, ඔබ හරි. සමහරු මේ වගේ අදහස් පළකරන්නේ මොකද කියලා හිතාගන්නත් අමාරුයි. (නි)

:       0       0

හේමාල් Monday, 10 November 2014 03:47 AM

දෙවියන් පිහිට වෙන්නේ බැතිමතුන් ලංකාවේ ජීවත් වුන විදිය දිහා බලා මිසක් ගෙනා පුජා වට්ටිය ගැන හිතල නෙවෙයි. ඔතනට ගිය පමණින් කාගේවත් පව් සේදෙන්නේ නැහැ. (බ)

:       0       0

හේමාල් Monday, 10 November 2014 03:48 AM

දෙවියන් පිහිට වෙන්නේ බැතිමතුන් ලංකාවේ ජීවත් වුන විදිය දිහා බලා මිසක් ගෙනා පුජා වට්ටිය ගැන හිතලා නෙවෙයි. ඔතනට ගිය පමණින් කාගේවත් පවු සේදෙන්නේ නැහැ. නමුත් තමන් කර හොඳ දෙයක් සිහිපත් කර පිහිටක් ඉල්ලුවා නම් ලැබෙනවා. (හේ)

:       0       0

රොෂාන් Monday, 10 November 2014 03:49 AM

එයාගේ වයසත් හරිනේ.පිනක් කර ගන්න එපැයි දැන්.(හේ)

:       0       0

මිනිපෙ Monday, 10 November 2014 04:50 PM

සමන්ති, හරි හරි මට ඇහුනා. (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 09 November 2014 02:35 PM

මම එක වෙලාවකට පුදුම වින්දනයක් ලබනවා තනියම මේ දාල තියෙන ප්‍රතිචාර බලලා. විවිද පැතිකඩ ඔස්සේ කෙනෙකුට දැනෙන සිතුවිලි මේ තුලින් මම දකින්නේ. (නදී)

:       0       0

චන්ද්‍ර කුමාර් Monday, 10 November 2014 04:17 AM

මුන්ට කොහේ ගියත් කරපු ජරා වැඩ හෝද ගන්න බැ (බ)

:       0       0

ප්‍රියංක Monday, 10 November 2014 05:09 AM

දෙවියන්ගේ පිහිට ලබා ගන්නත් ක්‍රම තියෙනවා. හරියට සිල් ආරක්ෂා කෙරගෙන ගුණවත්ව ජීවත් උනොත් දෙවියෝ නොබලා ඉන්නේ නෑ. එහෙම ඉදගෙන දෙවියන්ට පූජා දුන්නට කමක් නෑ. එත් ලෝකෙම මුළා කරලා බොරුවෙන් වංචාවෙන් ඉන්න මිනිස්සු කොච්චර දෙවියෝ වැන්දත් දෙවියෝ එයාල දිහා හොරන් වත් බලන්නේ නෑ.(බ)

:       0       0

සේනාරත්න Monday, 10 November 2014 05:27 AM

පින් කර ගන්න මහතෙක්.(හේ)

:       0       0

අශාන්ත Sunday, 09 November 2014 03:27 PM

අගමැතිතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

චමිලා Sunday, 09 November 2014 03:41 PM

අපේ රටේ මිනිස්සු කතා කොලොත් ඉන්දියන් විරෝදී . නමුත් බහුතරයක් පිහිට ඉල්ලලා බෑගපත් වෙන්නෙත් ඉන්දියන් දෙවිවරුන්ගෙන්. ඔය දෙවිවරුන් ට පේන්නේ නැද්ද දන්නේ නැහැ අපේ අය එයාලට බනින හැටි. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 09 November 2014 04:00 PM

කෝවිලේ ගාන සුදු කුඩු නළලේ ගාගෙන නැහැනේ. (නදී)

:       0       0

නිමල් දයාරත්න Sunday, 09 November 2014 04:15 PM

ඔයිට වඩා හොඳ නැද්ද ජය ශ්‍රී මහා බෝදීය වඳින්න ගියානම් අගමැති තුමෝ (නදී)

:       0       0

ගයාන් Monday, 10 November 2014 06:46 AM

මෙහෙ ඉදන්, ඔච්චර දුර ගිහිල්ලා විනාඩි 10 ද වන්දනාමාන කරේ.(හේ)

:       0       0

යුගන්ත Sunday, 09 November 2014 04:38 PM

විශ්වාසය නිසානේ මේ හැමදේම මිනිසුන් විසින් කරන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 187 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 93 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 646 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1475 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 198 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 97 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site