IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


අගමැති තේරීමට නව යෝජනාවක්

අග්‍රාමාත්‍යවරයකු සෘජුව තෝරා පත් කරගැනීමේ යෝජනාවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතේ ඇතුළත්ව ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මේ අනුව නව අගමැතිවරයකු සෘජුව තෝරා පත්කරගැනීම, අග්‍රමාත්‍ය ධුරය සඳහා කලින් නමක් යෝජනා කිරීම සහ දැනට පවත්නා වෙස්ට්මින්ස්ටර් ක්‍රමවේදය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

අග්‍රමාත්‍යවරයකු පත් කිරීම ඇතුළුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යාවත්කාලීන කරන ලද කෙටුම්පතක් නව අංග සමඟ ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එහෙත් මෙම නව අංග සම්බන්ධයෙන් සියලු පක්ෂ එකඟතාව පළ කරනු ඇත්දැයි අවිනිශ්චතාවක් උද්ගත වී තිබේ.

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂය නව අංග සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැති නමුත් අනෙක් පාර්ශවයේ ස්ථාවරය දැනගැනීම අරමුණින් බලා සිටින බව ද වාර්තා වේ.

අතුරු වාර්තාවක් වශයෙන් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ප්‍රථම වරට සකස් කරන ලද අතර ඉකුත් මැයි මාසයේදී  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත යාවත්කාලීන කර තිබේ.

මැතිවරණයක් මත පදනම් වෙමින් අග්‍රාමාත්‍යවරයකු තෝරා පත් කරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වැඩි අවධානය යොමු වී තිබෙන අතර ඒ සඳහා මැතිවරණයේදී අග්‍රාමාත්‍යධුරය සඳහා ඕනෑම පක්ෂයකට නමක් යෝජනා කිරීම හෝ ඕනෑම පක්ෂයකට වෙනත් පක්ෂයක හෝ කණ්ඩායමක පුද්ගලයකු අග්‍රාමාත්‍යධුරය සඳහා නමක් යෝජනා කිරීම හෝ අග්‍රාමාත්‍යධුරය සඳහා නමක් යෝජනා කිරීමෙන් වැළැකී සිටීමට හැකි අයුරින් දැක්වෙන වගන්ති යාවත්කාලීන කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අංශ නවයක් සම්බන්ධයෙන් වගන්තියෙන් වගන්තිය පිළිබඳ නැවත වරක් රැස්වී සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදි රාජ්‍යයේ තත්ත්වය ද ඇතුළුව වත්මන් ව්‍යවස්ථාවේ ආරම්භක පරිච්ඡේද, ස්වෛරීත්වය සහ ආගම, ඉඩම් ද ඇතුළුව මූලධර්ම විමධ්‍ය ගත කිරීම, පළාත් ලැයිස්තුවේ විෂය සම්බන්ධයෙන් මධ්‍ය ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන ආකාරය, අග නගරයේ භූමි ප්‍රදේශය, දෙවැනි නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඡන්ද ක්‍රමය, විධායකය, ව්‍යවස්ථා සභාව සහ නීතිය හා සාමය යනු එම අංශය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් කෙටුම්පතක් වන බැවින් ඉදිරියේදී තවදුරටත් වෙනස්කම් සහ සංශෝධන සිදුවනු ඇතැයි ද වාර්තා වේ. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති වී තිබෙන අතර නිශ්චිත කාලයක් සඳහා පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයකු පත් කරගත යුතු බවත් යෝජනා වී තිබේ. කෙසේ නමුත් පොදු එකඟතාවක් යනුවෙන් කෙටුම්පතේ සඳහන් කළේ කෙසේදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වේ.

එමෙන්ම යාවත්කාලීන කරන ලද දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් යෝජනා වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද පොදු එකඟතාවක් ඇති වී තිබේ. එම මන්ත්‍රී මණ්ඩලය පළාත් සභා නියෝජනය සඳහා වනු ඇතැයි පැවසේ. දෙවැනි මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 55 දෙනකුගෙන් සමන්විතය.  මාරුකළ හැකි කේවල ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභාවෙන් පළාත් සභාවලින් 45 දෙනකුත් මාරු කළ හැකි කේවල ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවෙන් සාමාජිකයන් දස දෙනකුත් මෙම සභාව සඳහා තෝරා පත් කරගැනීමට යෝජනා වී තිබේ. එමෙන්ම එම පිරිස මහජන සේවයේදී හෝ සිය වෘත්තීය ජීවිතවලදී කීර්තිය සහ විශිෂ්ටත්වය අත්පත් කරගත් පුද්ගලයන් විය යුතු බව පැවසේ.

කෙටුම්පතෙන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය යෝජනා වී ඇති අතර අවසාන ප්‍රතිඵලයේ සමානුපාතික බව මෙන්ම සෘජුවම තෝරාපත් කරගන්නා ඡන්ද කොට්ඨාශවල සුරක්ෂිත කිරීම බව බලාපොරොත්තු වී තිබේ. ඉහළම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පක්ෂයට නිශ්චිත ප්‍රසාද ආසන සංඛ්‍යාවක් දීම සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලෙද කෙටුම්පතෙන් යෝජනා වී තිබේ.

සම්පූර්ණ ආසන සංඛ්‍යාවක් 233ක් වන අතර එයින් සියයට 60ක් එනම් ආසන 140ක් කොට්ඨාශ හෙවත් ෆස්ට් පාස්ට් ද පෝස්ට් ක්‍රමවේදයටත් ඉතිරි සියයට 40 එනම් ආසන 93 අවසාන ප්‍රතිඵලයෙන් සමානුපාතික නියෝජනය පෙන්නුම් කිරීම සුරක්ෂිත කෙරෙන ආසන වේ. පුද්ගලයන් අවතැන්වීම නිසා ඇති වී තිබෙන විෂමතාවට වන්දියක් ලෙස උතුරු පළාතට විශේෂිත අමතර ආසන ප්‍රමාණයක් විශේෂිත කාල පරිච්ඡේදයක් සඳහා ලබාදීමට ද යෝජනා වී තිබේ.

කොට්ඨාශ ක්‍රමය හෙවත් ෆස්ට් පාස්ට් ද පෝස්ට් ආසන කේවළ සාමාජික කොට්ඨාශ ක්‍රමයටත් ද්විත්ව සාමාජික ආසන ක්‍රමයටත් තෝරා පත් කරගැනීමට යෝජනා වී තිබේ. සෑම ඡන්ද දායකයකුටම ඡන්ද දෙකක් තිබෙන එක් ඡන්ද පත්‍රිකාවක් ලැබේ. එක් ඡන්දයක් කේවළ සාමාජික කොට්ඨාශ ක්‍රමය යටතේ පවතින අපේක්ෂකයාට වන අතර අනෙක් ඡන්දය පක්ෂයටය.

සන්ඬේ ටයිම්ස් ඇසුරිනි 055



අදහස් (12)

අගමැති තේරීමට නව යෝජනාවක්

රොෂීන් Sunday, 11 June 2017 11:39 AM

වර්ග කිලෝමිටර් 65600 ක් මිලියන 20ක් ජිවත් වෙන මේ පුංචි දූපතට තවත් අගමැති ඡන්දයකුත්.. ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදී නම් ඡන්ද තියන්න. නීති ගේන්න කලින් ඡන්දය තියලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. සෙනට් එකක් නම් අවශ්‍ය වන්නෙම නෑ කියලයි මම හිතන්නේ. සෙනට් එකක් දාන්න කලින් පාර්ලිමේන්තුව හරියට හදාගන්න නීති ගේන්න. වෙස්මිනිස්ටර් ක්‍රමයෙන් ගත යුතු ආදර්ශ ඒවා. නිකමට බලන්න එංගලන්ත පර්ලිමෙන්තුවේ කතානායකගේ හැසිරිම.. එවැනි කතානායකලා බිහිකරන ස්ථාවර නියෝග ගේන්න...

:       1       100

මොහන්Sunday, 11 June 2017 12:58 PM

මේ මන්ත්‍රීන් ටිකත් වැඩිවෙලා ඉන්න එකේ තවත් සෙනේට් එකක් ගෙනත් එකට දාලා ජනතාවගේ බදු මුදල් වැඩි කරලා තව ටිකක් නඩත්තු කරන එක නම් රටේ ජනතාව කිසිසේත්ම අනුමත නොකරයි.

:       23       150

kalpa Sunday, 11 June 2017 01:37 PM

ජනාධිපති, අගමැති, ඇමතිවරු, මහ ඇමතිවරු හැමදෙනාම පත්කිරීමටත් ඡන්දයක් ඇතිකරමු. අපි ඉන්නේ කාලකින් ඡන්දයක් නැතිව හරි අමාරුවෙන්...

:       12       61

Susil Sunday, 11 June 2017 03:07 PM

ඕන කෙනෙක් පත් කරගත්තට කමක් නැහැ. හැබැයි හැම ඡන්දයක්ම (අගමැති, පාර්ලිමේන්තු, පළාත් සභා) එකම දවසක තියන්න. ඒ දවස අහවල් මාසේ, අහවල් දවසේ කියලා ව්‍යවස්ථාවේම සඳහන් කරන්න. නැත්නම් නැකැත් කරුවෝ රට පෙරළයි.

:       0       149

ධම්ම Sunday, 11 June 2017 03:11 PM

මාමා දස අතේ කල්පනාකරලා විධායක ජනාධිපතිකම හැදුවා. බෑනා දස අතේ කල්පනාකරලා විධායක අගමැති සලාදය හදන්න වගෙයි යන්නේ.

:       10       41

sarath Sunday, 11 June 2017 04:29 PM

තියෙන එක හරියට කරගන්න බැරිව තවත් අමාරුවේ දාන්න වගේ හදන්නේ.... අපි මැරිලා මැරිලා හම්බ කරන සල්ලි වලින් ගන්න බදු වලින් රටට වැඩක් වෙන්න ඕනේ...

:       0       62

lalith Sunday, 11 June 2017 10:26 PM

කණ වමෙන් අතගාලා, දකුණෙන් අතගාලා ආණ්ඩුව විසිරෙව්වත් මම හැමදාම ඉන්නවා කියාගෙන කනෙන් රින්ගන්න නේද හදන්නේ ...

:       0       0

ලුම්බිණි Monday, 12 June 2017 01:13 AM

තිබෙන අවුල මදිවාට තවතව අවුල් ඇති කර ගන්න යන බවකුයි පෙනෙන්නේ...

:       0       0

janatha anura Monday, 12 June 2017 02:20 AM

ජනතා දහදිය, කඳුළු නොදකින.., වැඩ නොකරන, තනතුරු ඉල්ලන මේ පිරිස ගැන නැවත සලකා බැලීමට ඡන්දයක් පැවැත් විය යුතුය.

:       0       0

janathava Monday, 12 June 2017 02:21 AM

ඉවත් කළ යුතු අය ඉවත් කළ යුතුය. ව්‍යවස්ථා නම් අපට වැඩක් නැහැ..

:       0       0

sensa Monday, 12 June 2017 03:27 AM

විශ්වාසය බිඳ ගන්න එක තරම් පුද්ගලයකුට වෙන අගතියක් නෑ. රනිල් මහත්තයා රටට අවශ්‍ය දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක් කියලා හිතන්න අමාරුයි. රටට, ජනතාවට ආදරය කරන මිනිහෙක් කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕනේ...

:       0       0

Deepal Nirosh Monday, 12 June 2017 04:10 AM

අගමැති, මැති, ඇමති තෝරන ක්‍රම කොහොමට කළත් කමක් නැහැ, රටේ දැනට පවතින ජනවාර්ගික අරගලය සංසිඳෙන තුරු හෝ මේ විධායක ජනාධිපති ක්‍රමයත් පළාත් ආණ්ඩුකාරධුර ක්‍රමයත් ආරක්ෂා කර ගමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 32 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 306 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 176 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 431 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1144 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1156 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 104 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site