IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අගමැති නියෝගයෙන් පොලිස්පතිගේ ස්කොට්ලන්යාඩ් සංචාරය නවතී

(ඉන්දිකා රාමනායක සහ  ශි‍්‍රනාත් ප්‍රසන්න ජයසුරිය)


පොලිසිය ප‍්‍රතිසංස්කරණය කළ යුතු ආකාරය සහ  ප‍්‍රජා පොලිස් සංකල්පය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්  ස්කොට්ලන්යාඩ් පොලිසියේ  පැවැත්වෙන විශේෂ වැඩමුළුවකට බි‍්‍රතාන්‍ය බලා යාමට  සිටි  පොලිස්පතිවරයා ඇතුලූ නියෝජිතයින් පස් දෙනාගේ ගමන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  නියමයෙන්   රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්  අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.


මෙම ගමන සදහා  රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය  නලීන් බණ්ඩාර, අමාත්‍යාංශ ලේකම්  පද්මසිරි ජයමාන්න, ජ්‍යෙෂ්ඨ   සහකාර ලේකම්   මාලිකා සුරියපෙරුම , පොලිස්පති පුජත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  මහේෂ් සේනාරත්න යන මහත්ම මහත්මීන් සහභාගි  වීමට නියමිතව තිබුණි.


 මෙම වැඩමුළුව   හෙට  (1) දින සිට  (7) වැනි දින දක්වා  ස්කොට්ලන්යාඩි බ්‍රිතාන්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 120 ක මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට  එරෙහිව අමාත්‍යාංශයේ ති‍්‍රපුද්ගල කමිටුවක් හරහා සිදුකරන  පරීකෂණය සහ පොලිස්පතිවරයා සහ පොලිසිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ ඇති මතවාද  සැලකිල්ලට ගෙන   අගමැතිවරයා මෙම ගමන අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද  අමාත්‍යාංශයේ උසස්  නිලධාරියෙක් සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන්  රාජ්‍ය පරිපාලන , නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ   මෙම ගමන අත්හිටුවීම කථාව සත්‍ය බවයි.


තමාද, පොලිස්පතිවරයාද, නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයේ  ලේකම් පත්මසිරි  ජයමාන්න මහතා ද ප‍්‍රමුඛ නියෝජිතයින් පස්දෙනෙක් මෙම ගමන යාමට   නියමිතව සිටි බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


එසේ යාමට නියමිතව සිටියදී පොලිස්පතිවරයා ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වීම ඇතුලූ කරුණු කිහිපයක්  හේතුවෙන්  මෙම වැඩමුළුවට යාම  මෙය අවස්ථාවක් නොවන බවට අගමැතිවරයා දැනුම් දුන් බවද   අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
 
 
 



අදහස් (19)

අගමැති නියෝගයෙන් පොලිස්පතිගේ ස්කොට්ලන්යාඩ් සංචාරය නවතී

රවින් Sunday, 30 September 2018 12:26 PM

එහෙමද? නැතිනම් පොලිසියේ වැඩ කරනහැටි ඉගෙනගන්න වැඩකට නැති පොලිසියෙන් පිට අය යන හින්දද කියන එක තමයි ලොකුම ප්‍රශ්නය...

:       173       89

පිටිගල මිලානෝ Sunday, 30 September 2018 12:28 PM

මේක මේ ගොල්ලන්ගේ වෙන ආරාවුලක් වගේ මට නම් පෙනෙන්නේ...

:       260       321

sam Sunday, 30 September 2018 12:43 PM

නියමයි ගැලවෙන්න බැරි වුණා නේද?

:       0       95

erdi Sunday, 30 September 2018 12:47 PM

අම්මපා ගරු අගමැතිතුමාට බැරි වුණානේ ඔය විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න. අර්ජුන් මහේන්ද්‍රන්ට කවදාවත් හොර නාමයක් නාහපු එතුමත් හොරා වුණා... එජාප අපිත් චොරාම වෙලා ගියා ඒ වැඩෙන්...

:       267       605

BamunuarachchiSunday, 30 September 2018 11:51 PM

ඒක බොහොම කල් සිට ප්ලෑන් කරපු දෙයක්... හලෝ එර්දි මිනිසුන්ගේ අවංකභාවයට මුදල්වලින් වටිනාකම තිබෙනවා එ්ක දැනගන්න.. කවදාවත් හොර නාමයක් නාහපු අයගේ අවංක භාවයට හරියන වටිනාකම ලැබුණාම අවංකභාවය සල්ලිවලට යටවුණා.

:       0       73

pjMonday, 01 October 2018 07:05 AM

චොර වෙන්නේ කවුද කියලා දැනගන්න නඩුව අහලා ඉවරවෙන තුරු බලා ඉන්න.

:       2       0

samankMonday, 01 October 2018 09:48 AM

බළලුන් ලාව කොස් ඇට බාවන එකනේ හැම වෙලේම කොරන්නේ.

:       0       24

sanath Sunday, 30 September 2018 02:40 PM

ඒක නොවේ ආණ්ඩුවට දැන් නෝ මනි...

:       128       231

Bamunuarachchi Sunday, 30 September 2018 02:56 PM

නියෝජ්‍ය ඇමති මේ ගමන යාමෙන් රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? හෙට ඇමැති සංශෝධනයක් කළොත් වෙනකෙනෙක් ඔතන. ඕවාතමයි වැඩකට නැති වැඩ. විෂය දැනගත යුත්තේ ස්ථීර ලේකම් සහ අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මිස අවුරුදු 5කට අමාත්‍යාංශයට ගොඩවෙන හාදයින් නොවෙයි.

:       169       392

PerakumSunday, 30 September 2018 04:06 PM

අතේ රන් මුද්දක් දාන්න වටිනා ලියමනක්...!

:       0       47

RaveendraSunday, 30 September 2018 04:53 PM

බමුණුආරච්චි මයා වෙත, ඇයි ඇයි... එයත් මොලේ කළඳක් නැති වුණාට මනුස්ස ආත්මයක් ලබලනේ තියෙන්නේ... ඉතින් සුදු වර්ණයටත් කැමති ඇතිනේ... කළු දොදොල් කාලම හරියනවයැ නේද? කිඹුල් මස් එහෙමත් නැත්නම් සුදු චොකලට් වුණත් නරක නැහැ මොකද සුදුනේ...

:       0       0

Chanak Los Angeles Monday, 01 October 2018 12:06 AM

නියෝජ්‍ය ඇමති මොකට යනවද නේද .. අන්න නාමල් කුමාරයව යනවානම් නැද්ද ?

:       10       1

NarratarMonday, 01 October 2018 01:52 AM

වඩේ මුදලාලිලයි, සාරිපොටේ නායක, පුටුපාලලයි යවන්න ඕනේ...

:       0       1

TD Sunday, 30 September 2018 03:44 PM

නීතියට ලොව සිටින සියලු පුරවැසියන් යටත්ය. නීතියට සැවොම ගරුකළයුතුය. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් පළමුව නීතියට ගරුකළ යුතුය. එය නවන්නට යන්නේ නැත. ලෝකයේ ප්‍රබල දියුණු රටවල පොලිස් කොමසාරිස්වරුන්, ඉහළම නිලධාරින් පොලිසියේ ගරුත්වය සහ තම නිල ඇඳුමේ ගරුත්වය ඉහළින්ම ආරක්ෂා කරගනිමින් පොලිස් සේවයේ නියුතු සියලු දෙනාටම ආදර්ශයක් වන ආකාරයට කටයුතු කරන වග හොඳින් දැක ඇත්තෙමු. පුද්ගලයාගේ තනතුර, උගත්කම, හැකියාවන් ඇතුළු අන් සියලුදේවලට වටිනා කමක් ලැබෙන්නේ එම තනතුර දරන පුද්ගලයාගේ ක්‍රියා කලාපය අනුවය. කෙතරම් ඉහළ තනතුරක සේවය කළත් එම තනතුර ධරණ පුද්ගලයා එම තනතුරේ ගරුත්වය ආරක්ෂා වන පරිදි සහ වටිනාකමක් ලැබෙන පරිදි කටයුතු කළයුතුය. විශේෂයෙන් නීතිය ආරක්ෂා කරන අයවලුන් තම ආයතනයටත්, රටටත් පළමුව තබා කටයුතුකිරීම වැදගත්ය. දැන් පවතින ලෝකය දැනට වසර 20 කට පෙරතිබූ ලෝකය නොවේ. 21 වන සතවර්ෂයේ, නූතන ලෝකයේ කිසිවක් සැඟවිය නොහැක. විශේෂයෙන්ම මහජනයා ඉදිරියේ කරන සියලුම රඟපෑම් තත්පර කිහිපයක් ඇතුළත ලොවපුරා ප්‍රචාරය වේ. එමනිසා දේශපාලකයකු සේ කටයුතු කිරීම සහ හැසිරීම නතර කර දැමිය යුතුය. හැසිරීම ගැන විදේශ පුහුණුවක් සඳහා යොමුකළ යුතුය.

:       0       1

de silva Sunday, 30 September 2018 03:47 PM

මේක හරිම පුදුමයක්..., සාමාන්‍යයෙන් අපේ රටේ හිරේ අරින්න ඕනේ... මිනිස්සු අරින්නේ පිටරට තානාපතිකම්, විදේශ සංචාර වැනි දේවලට නමුත් මේ මොකද වෙලා තිබෙන්නේ?

:       0       0

Rasika Sunday, 30 September 2018 06:35 PM

පොලිස්පති ගියානම් අර ඔහුට විරුද්ධව තියෙන පරීක්ෂණ සාධාරණ විදියට කරන්න තිබුණා. දැන් පරීක්ෂණ කරන්නේ මොහුගේ යටතේ තියෙන දෙපාර්තමේන්තුවෙන්... මේක අගමැති හිතාමතා කළ දෙයක්ද? නොදැනුවත්ව කල දෙයක්ද දන්නේ නැහැ. නමුත් වියයුතුව තිබුණේ මොහුව ටික කාලෙකට හරි රටින් යවන්න හෝ වෙන නිවාඩු යවන්න...

:       0       0

ලුම්බිණි Monday, 01 October 2018 01:37 AM

මේ විදියටම එක්සත් ජාතීන්ගේ සමුළුවට කියලා ගිය කණ්ඩායම අඩු කරන්නත් කටයුතු කළා නම් නේද හොඳ අගමැතිතුමා...

:       0       0

Dilan Monday, 01 October 2018 04:49 AM

අපරාදේ! ස්කොට්ලන්යාඩ් පොලීසිය වගේ වෙන්න තව පොඩි දුරයි යන්න තිබුණේ.

:       0       14

nuwan Monday, 01 October 2018 05:38 AM

මදැයි වෙච්ච දෙයක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1063 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 417 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 782 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 746 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 594 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1878 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site