IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අගමැති පුතා මහජනතාවට ස්තුති කරයි

ජනතා සේවකයකු ලෙස අනාගතයේදී සියලු ජනවර්ඝවලට අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධන හා අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ජල සම්පාදන, විදුලිබල, කෘෂිකර්මාන්තය නැංවීම, තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව මධ්‍යම පළාත් සභාවට සංධානයෙන් තේරීපත් වූ නීතීඥ අනුරාධ ජයරත්න මහතා කියයි.

ඔහු අගමැති දි මු ජයරත්න මහතාගේ පුත්‍රයාය.

‘මෙවර මැතිවරණයේදී මා හට නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට මාගේ ගෞරවය පුද කරමි. එමෙන්ම විපක්ෂ කුමන්ත්‍රණ හමුවේ නොබියව ඡන්දය ප්‍රකාශ කළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මාගේ ස්තුතිය පළ කරමි.

මහනුවර දිස්ත්‍රික්කයේ ‘සතුටයි-නිදහසයි‘ රජවී ඇත.‘

 ජනතාවට අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද සියලු දෙනාට සුබ අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ද ඔහු කියයි.



අදහස් (0)

අගමැති පුතා මහජනතාවට ස්තුති කරයි

රුබට් Sunday, 22 September 2013 04:56 PM

පුතා මොනවා හරි කරන්න ලැහැස්ති වෙන එක හොඳයි (නි)

:       0       0

නන්ද Sunday, 22 September 2013 05:00 PM

සමස්ත මනාප ප්‍රතිඵල කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

සංජු Monday, 23 September 2013 03:29 PM

අපි සැමදාමත් ඔබ සමගයි (නි)

:       0       0

චමත් Wednesday, 25 September 2013 09:22 PM

හැමෝම ඡන්දෙට කලිනුත් ඡන්දෙන් පස්සෙත් කියන එක තමයි මෙයත් කියල තියෙන්නේ. ඕක කෙරෙන්නේ නෑ. බය වෙන්න එපා.(නදී)

:       0       0

ධනුෂ්ක Monday, 23 September 2013 07:03 AM

අපෙන් සුබ පැතුම්. (අ)

:       0       0

හිරුමි Sunday, 22 September 2013 05:40 PM

නව මහ ඇමතිතුමාට සුබ පැතුම් !! (නි)

:       0       0

අශාන් Sunday, 22 September 2013 05:54 PM

හැම තැනම තාත්තලා පුතාලානේ. අනිත් අයට දේශපාලනය අකැපද? (නි)

:       0       0

සෙනරත් Sunday, 22 September 2013 05:55 PM

දැන් කියනවා වගේ ඒවා ඉෂ්ට කරනවා නම් තමා හොද (නි)

:       0       0

ලංකා Sunday, 22 September 2013 06:00 PM

තාත්තා යනකොට පුතා එන්න වගේ බලන්නේ... (නි)

:       0       0

අප්පු Sunday, 22 September 2013 06:03 PM

දැන් මහත්තයට නම් හොදයි මහත්තයෝ. අපිට? (නි)

:       0       0

හිතුම් Sunday, 22 September 2013 06:06 PM

ඔබට මහඇමතිකම ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 22 September 2013 06:10 PM

නුවර සැබෑ මහනුවරක් කරන්න. මත් කුඩු මත්ද්‍රව්‍ය වලින් තොර දැහැමි පුරවරයක් කරන්න ඔබතුමාට සැබෑ වුවමනාවක් තිබේ නම් ක්‍රියාවෙන් කරලා පෙන්වන්න. එහෙම කරනවා නම් අපි ඔබතුමා සමගයි (නි)

:       0       0

සරත් Sunday, 22 September 2013 06:14 PM

"එක පුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු" . ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

සෙන්තිල් Sunday, 22 September 2013 06:31 PM

කොහෙද විපක්ෂයේ අය කුමන්ත්‍රණ කළේ? කව්රුත් දිනුව ගමන් කියන දේ තමයි ඔය (නි)

:       0       0

අමිල කටුනායක Monday, 23 September 2013 10:47 PM

මෙයා හොද කොල්ලෙක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 22 September 2013 07:07 PM

ඔලුවක් ඇති මිනිසුනේ, මෙම ඡන්ද ක්‍රමය වෙනස් කරනතුරු පාර්ලිමේන්තු යන්නේ හෝ ජනතාව නියෝජනය කරන්නේ වගකීම් විරහිත ධනේශ්වරයන් වටකරගත් අයයි. (නි)

:       0       0

අස්මිත් Sunday, 22 September 2013 07:35 PM

දැන් ඉතින් ලංකාව ආර්ථික ශක්තිය අතින් ඉහළට යයිද? (නි)

:       0       0

රකිත් Monday, 23 September 2013 08:56 AM

අනිකුත් ඇමති පුතුන් මෙන් නොව මොහු උගත් පුතෙකි. මොහු ගැන ටිකක් සොයා බැලුවෙමි. ඔහු කියන දේම කිරීමට හැකිවේවායි පතමි. දැන්ම ඔහුව විවේචනය කිරීමට මා උත්සුක නොවේ. ඔහුගේ ක්‍රියාව ගැන බලා සිටිමි.(අ)

:       0       0

සුදත් Monday, 23 September 2013 09:07 AM

ඇයි මේ කට්ටිය දිනුවට පස්සේ ස්තුති කරන්නේ? (නි)

:       0       0

අස්මිත් Monday, 23 September 2013 01:27 PM

වහාම දළදා මාලිගාව අවට සහ පාසල් අවට ඇති සුරාසැල්, නීති විරෝධී තානායම්, මත් කුඩු මේ සියල්ලම නැති කරන්න ආයිබෝවන්..... (ස)

:       0       0

රූපවතී Sunday, 22 September 2013 08:56 PM

අපිට නම් ඕවා අහලා දැන් ඇතිවෙලා. (නි)

:       0       0

අනුර Monday, 23 September 2013 09:30 AM

බොරුනම් කියන්න එපා අප්පොච්චිට බැරිවෙච්ටදේ පුතා කොහෙකරන්නද ? (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 23 September 2013 01:41 PM

ලාංකීකයෙක් මිලානෝ වල සිට අප අමතයි. චන්ද්‍ර .

:       0       0

රියාල් Sunday, 22 September 2013 09:56 PM

බලමු පුතා කොහොමද කියලා (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:36 PM

මහනුවර ජනතාවගේ සියලු ප්‍රශ්න විසදේවි. ජයවේවා! (නි)

:       0       0

ප්‍රදීප් කුමාර Sunday, 22 September 2013 11:09 PM

මධ්‍යම පළාතේ විතරක් නෙමෙයි වයඹත් පුන්නක්කු හොදටම ලැබිලා වගේ (නි)

:       0       0

අරවින්ද Sunday, 22 September 2013 03:54 PM

එහෙමවත් කරන්නකෝ (නි)

:       0       0

මනෝජ් Sunday, 22 September 2013 04:09 PM

හැම තැනම ඇමති පුත්තු තමයි ඉහළින්ම දිනලා තියෙන්නේ. (නි)

:       0       0

ජයලත් Sunday, 22 September 2013 04:32 PM

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළේ කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

සත්‍යයා Monday, 23 September 2013 04:35 AM

දැන් බලාගෙන යනකොට මේ තරම් නිදහසක් විරුද්ධ පක්ෂ වලට තියනවා කියන්නේ ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත වෙලා කියන එකයි. එහෙනම් ඉතින් ඔය කියන "සතුටයි-නිදහසයි" මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් රජ කරන එකේ රහස මොකක්ද? (නි)

:       0       0

පෙඩ්රික් Sunday, 22 September 2013 04:41 PM

මුලදී කව්රුත් ඔහොම තමා කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 607 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4035 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2511 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1309 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1430 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27639 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site