IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘අගමැති හිතුවක්කාරයි : හිටපු ජනපති ප්‍රජාතන්ත්‍රවාදීයි‘

අග‍්‍රාමාත්‍යවරයා වර්තමානයේදී හිතුවක්කාරී ලෙස කටයුතු කළද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුව සෑම විටම ජනතාවට කන්දුන් බවත් ජනතාවට කන්දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරමින් පාලනය ගෙන ගිය බවත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (16)  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලවේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත "අභිරහස් ආයෝජන සහ මුදල් විශුද්ධිකරණය" කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී පැවැසීය.

සෝභිත හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක හා උදය ගම්මන්පිල මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් සීපා ගිවිසුමට අත්සන් නොකර පෙර ආණ්ඩුව ජනතාවට කන් දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කළ බව ද ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

_DSC0455 _DSC0502 _DSC0535 _DSC0544



අදහස් (0)

‘අගමැති හිතුවක්කාරයි : හිටපු ජනපති ප්‍රජාතන්ත්‍රවාදීයි‘

ලුම්බිණි Thursday, 17 March 2016 01:25 AM

මෙතුමා හැමදාමත් කිව්වේ මේ වගේ කතාමයි. කණගාටුයි. (නි)

:       0       0

සංජීව Thursday, 17 March 2016 01:42 AM

මෙහි අදහස් දාන අය හුඟක් දන්නේ නැහැ ඒකාධිපති යන අරුත. මහින්ද තුන්වෙනි වරට බලයට එන්න හැදුවේ මහජන මතයෙන්. ඡන්දය තියලා. රනිල් ඡන්දෙ නැතුව මුලින් බලයට ඇවිල්ලා පසුව ඡන්දෙන් තේරිලා පළාත් පාලන ඡන්දය තියන්නේ නැතුව පාලනයක් ගෙනියනවා (නි)

:       0       0

අතුල Thursday, 17 March 2016 08:41 AM

සහතික ඇත්ත. (හේ)

:       0       0

රොකී Thursday, 17 March 2016 01:48 AM

සමහර නූගතුන් අතර බොහෝ බුද්ධිමත් අය සිටිති. එමෙන්ම බොහෝ උගත් අය අතර බුද්ධියෙන් හීනයෝ සිටිති. (නි)

:       0       0

චන්දා Thursday, 17 March 2016 02:06 AM

අපිට ඕනෑ ශ්‍රී ලංකා රාජ්‍යයේ සෛවරීත්වයේ කොඳු නාරටිය බිඳ නොදමන සැබෑ පාලකයෙක්. එයට මහින්ද රාජපක්ෂම බලයට පත්වියයුතු නැහැ. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 17 March 2016 02:11 AM

ඕවා අපිට කියන්න එන්න එපා (නි)

:       0       0

නිශාන්ත Thursday, 17 March 2016 02:24 AM

ඔබතුමා මේ කියන දේවල් ගැන වෙලාවකට අපිට පුදුමත් හිතෙනවා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 17 March 2016 08:57 AM

එ්ක නේ මේ කතාව කියපු එක්කෙනාට ඒ දිනවල හැමෝම කිවුවේ මෙහෙම : "ගුණයක් නැති, අගුණයක් නැති මැස්සක හටගන්නා දිග එලෝළුවක් වගේ කියල." මම පොඩි කාලේදී නම් ඒ එලෝලුව කෑවේ බොහොම අප්පිරියාවෙන්. (බ)

:       0       0

දුමින්ද Thursday, 17 March 2016 02:44 AM

මේ කතා එකම කමිසයේ දෙපැත්ත වගෙයි (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 17 March 2016 02:49 AM

කතාව නම් හරි කියලා හිතෙනවා.මොකද මහින්ද වෙලාවට කලාවට ඡන්දෙ තිබ්බා. කෝ දැන් ඒවා? කල් දම දමා ඉන්නවා .එ්කෙන්ම පෙනෙන්නේ නැද්ද කව්ද හිතුවක්කාර කියලා (නි)

:       0       0

ගමගේ Thursday, 17 March 2016 03:01 AM

රතුපස්වල, හලාවත, කටුනායක, සමෘද්ධි නිලාදාරියා ගස්බැඳීම, රූපවාහිනියට පහරදීම, පෝද්දල සිද්ධිය, ලසන්ත, ප්‍රගීත් ඝාතනයන්... මේවා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීද? (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 17 March 2016 02:54 AM

ඔබතුමාලා නිසා උගත් මිනිස්සු ගැන තිබුණ විශ්වාසයත් මිනිසුන්ගෙන් ගිලිහිලා යනවා (නි)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 02:55 AM

මෙයයි වසරේ හොඳම සොයාගැනීම. හොඳම බුද්ධිමතා ඔබයි (නි)

:       0       0

දිසානායක Thursday, 17 March 2016 03:07 AM

ඔබට ස්තූතියි මහතාණෙනි. අපිට තවමත් මතකයි ඒ කාලේ පාලනය සිදුවුණ ආකාරය (නි)

:       0       0

නෞෂි Thursday, 17 March 2016 03:13 AM

නිකන් දොඩවන්න එපා මහත්තයෝ. මහින්ද මැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය අපි හොඳට දන්නවා. එ්ක හින්දා තමා එතුමාට සහ පවුලට ගෙදර යන්න වුණේ. (නි)

:       0       0

ජනක Thursday, 17 March 2016 03:16 AM

අනේ හරී සෝක් කෙනා කියන්නෙ..මඩේ හිටවපු රිට මීට වඩා හොඳයි....(බ)

:       0       0

සාමා Thursday, 17 March 2016 03:41 AM

බුද්ධිමතා? ඒ කවුද? ඇත්තටම ඒ අපේ පීරිස් මහත්තයද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 17 March 2016 03:41 AM

හොඳ වෙලාවට ලංකාවේ ඉපදුනේ. ලිබියාවේ හිටියා නම් කියාවි ලිබියාවේ ඒකාධිපතියත් ජනතාවට කන්දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කටයුතු කරමින් පාලනය ගෙන ගියා කියලා. (නි)

:       0       0

නාමල් Thursday, 17 March 2016 03:41 AM

අනේ මන්දා මහත්තයෝ ඔයාලගේ කතා, ඔයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 17 March 2016 03:46 AM

තමන්ගේම රටේ අසරණ මිනිස්සු බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු වෙලාවේදී පට පට ගාල වෙඩි තියල අසරණ මිනිසුන් කි දෙනෙක් මිය ගියාද?හලාවතදී බුමිතෙල් සහනාධාරය ඉල්ලපු කීදෙනෙක් මිය ගියාද?කටුනායකදී කි දෙනෙක් මිය ගියාද?විශ්ව විද්‍යාල වල තරුණයන් කි දෙනෙක් මිය ගියාද?ඒ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නිසා වෙන්න ඇති?ලැජ්ජයි මහත්තයෝ. (බ)

:       0       0

අජිත් පැරිසිය Thursday, 17 March 2016 10:04 AM

මෙතුමා කොහොමද මන්දා කතා කරන්නේ? මෙයත් අවුරුදු ගානක් ඇමතිකම් කළානේ. අපිට ඒවා අමතක නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 March 2016 03:57 AM

"අභිරහස් මරණ සහ එක පවුලක් රටම සුද්ද කිරීම " කෘතිය එළිදැක් වෙන්නේ කවදද? (බ)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 17 March 2016 04:06 AM

ජනතාවට 'කන්' දුන්නට මදි. 'කන්නත්' දෙන්න ඕනේ. මිනිස්සු හැම දේම කරන්නේ කාල ඇඳලා ජීවත් වෙන්න නේ. ඒක නැතුව ඔය මොනවා තිබ්බත් වැඩක්ද? (බ)

:       0       0

රුවන් Thursday, 17 March 2016 04:10 AM

මෙයාගේ තත්වය මෙයාම කාගත්ත. (බ)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 04:22 AM

වසරේ හොඳම බයිලා ගායකයා (බ)

:       0       0

ශාන් සෞදි Thursday, 17 March 2016 04:16 AM

අනේ මන්ද? අපේ අයට බලේ තියෙද්දී මොළේ නැහැ. මොළේ තියෙද්දී බලේ නැහැ මුන්ට මේ දෙකම නැ (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Thursday, 17 March 2016 04:28 AM

අන්වර්, මොරටුවෙන් බිහිවුන ලංකාවේ ඉන්න ලොකුම බුද්ධිමතා මෙයා තමයි. ( එයා හිතන්නේ එහෙමයි) (බ)

:       0       0

චාමර Thursday, 17 March 2016 04:40 AM

අනුන්ගේ බුද්ධිය ගැන හොයන්න කලින් තමන්ගේ බුද්ධියෙන් තීරණ ගන්න. දැන් යහපලානේ කියල කරන මගඩිය තේරුම් ගන්න පක්ෂ කණ්නාඩිය ගලව්වහම ඇති. (ම)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 16 March 2016 03:24 PM

අපෝ ඒ ගැන නම් කියන්න එපා .ඔයාල හිතන්නේ අපි මීහරක් කියලද (බ)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 11:00 AM

ඔය ආචාර්ය පට්ටම කානුවකින් අහුලා ගත්ත එකක් වෙන්න පුළුවනි. එන්.එම්.පෙරේරා මහතාටත් අවනම්බුවක් මේ (බ)

:       0       0

සංජය Wednesday, 16 March 2016 03:36 PM

අම්මෝ කට්ටිය ආයිමත් එකතුවෙලා. (බ)

:       0       0

මහින්ද Wednesday, 16 March 2016 03:31 PM

නෙල්සන් මැන්ඩෙලා හිතුවක්කාරයි හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදී ..(බ).

:       0       0

විකුම් රංගන Wednesday, 16 March 2016 03:42 PM

අනේ මන්ද? අපේ අයට බලේ තියෙද්දී මොළේ නැහැ. මොළේ තියෙද්දී බලේ නැහැ නේද? රටේ පාලකයින්ට වැළඳෙන මේ ලෙඩේ සුව වුන දාට මේ රටේ තියන ලෙඩ ඔක්කොම ඉබේටම සුව වෙයි. (බ)

:       0       0

සඳුන් Wednesday, 16 March 2016 03:45 PM

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැනි බුද්ධිමතකු පවසන දේ බැහැර කළ නොහැකියි. මොකද ඔහු අග‍්‍රාමාත්‍යවරයා හා හිටපු ජනපතිවරයා යන දෙදෙනා යටතේම අත්දැකිම් ඇති අයේක්. (බ)

:       0       0

සිරි Wednesday, 16 March 2016 03:58 PM

මේ සීය නහින දෙහින කාලෙ පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව බලයට තන්හාවෙ (බ)

:       0       0

නයනා Thursday, 17 March 2016 05:26 AM

මේ සියලුම දේශපාලඥයින් මහජනතාව අන්දනවා. රටේ දියුණුවක් වේගෙන එනකොට එය කඩාකප්පල් කරනවා. අසල්වැසි ඉන්දියාව මේ පිටුපස ඉන්නවා. ඉන්දියානුවෝ අපට කවදාවත් ඔලුව උස්සන්න දෙන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 16 March 2016 04:21 PM

සඳුන්, කෙනෙකුගේ බුද්ධිමත්කම තීරණය වෙන්නේ ලබාගත් උපාධි සංඛ්‍යාව අනුවද? ඒ බුද්ධිය පාවිච්චි කරන ආකාරය අනුව නෙමෙයිද? සමහරවිට කෙනෙක් කට නොඅරින තාක්කල් "බුද්ධිමත්කම" පෙන්වාගෙන ඉන්න පුළුවන්. ඉගිලෙන්න පටන්ගත් හැටියේම කණකොක් සුද පේනවා. (නි)

:       0       0

වරුණ Thursday, 17 March 2016 05:40 AM

එයාවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න කැමති වුණා නම් අද කියන්න තිබුණේ මෙහෙම නෙමෙයි (නි)

:       0       0

කසුන් Wednesday, 16 March 2016 04:30 PM

ඇත්තටම එයා හරි. අගමැති හිතුවක්කාරයි (නි)

:       0       0

චතුරි Wednesday, 16 March 2016 04:30 PM

මහින්ද කොහමද මිනිසුන්ට ඇහුම්කන් දුන්නේ? මැති ඇමැතිවරුම කියනවා හැම ප්‍රශ්නයකම විසඳුමට බැසිල් ළඟට යන්න ඕනෑලු. දැන් කට්ටියට දුවන්න පාරත් මදි (නි)

:       0       0

චතුරි Wednesday, 16 March 2016 04:35 PM

“අයියා නිකම් කෙක්ක වගේ හොයන්නේ මගේ වැරදිමයි ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනට නාකිවෙයි“ (නි)

:       0       0

විහඟ Thursday, 17 March 2016 05:46 AM

අගමැති කලින් බලයේ සිටියදී වධකාගාරයකුත් තිබුනා. මහින්ද ජනපති කාලයේ එහෙම වධකාගාර තිබුනාද? පාරවල් අයිනේ හිස නැති මළමිනී තිබුනාද? නැහැ නේද? ඒවා ඔක්කොම කාගේ කෙරුවාවල්ද? (නි)

:       0       0

නන්ද Wednesday, 16 March 2016 04:47 PM

නීතිය පිළිබඳව මහාචාර්යතුමාගේ දැනුම ගැන අප තුළ සැකයක් නැහැ. එහෙත් දේශපාලනඥයන් ගැන මෙතුමා මෙලෝහසරක් දන්නවාද කියා අපිට හිතෙනවා. (නි)

:       0       0

ගුණසේන Thursday, 17 March 2016 11:48 AM

හිටපු ජනාධිපති තුමාට දෝෂාරෝපණය කරනා පුද්ගලයෝ රටේ ඉන්නා සිංහලයන්ට එරෙහිවය (බ)

:       0       0

පරාක්‍රම Wednesday, 16 March 2016 04:58 PM

වැරදි සිදුකර ඇතැයි චෝදනා ලබා ඇති මැති ඇමතීන් බේරාගැනීමේ කණ්ඩායමේනේ ඔබතුමාලත් ඉන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් කෑගැහුවා කියලා මොකක්ද ඇති වැඩේ? දැන් කෑගහන අය ගැන සළකා බැලුවහම, ඔබ වැරදි කරලා නැත්නම් නිහඬව සිටීම හොඳයි නේද ? (නි)

:       0       0

ලංකා Wednesday, 16 March 2016 04:53 PM

මහින්ද, නෙල්සන් මැන්ඩෙලාත් මාධ්‍යවේදීන්ට මෙහෙම බැන්නද? (නි)

:       0       0

ජෝර්ජියෝ Wednesday, 16 March 2016 05:34 PM

පිස්සුද මන්දා? පරණ අතීතයේම තමයි ඉන්නේ (නි)

:       0       0

අර්ජුන රණවන Wednesday, 16 March 2016 05:29 PM

මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැනි බුද්ධිමතකු වුවද දැන් කියන්නේම රාජපක්ෂ ගැන ගීතිකා පමණයි. (නි)

:       0       0

සේරසිංහ Wednesday, 16 March 2016 06:25 PM

ජනතා සේවයට බලය ඕනෑමයි කියලා දෙයක් නැහැ. පුළුවන් නම් කණ්ඩායමක් එකතු කරගෙන ගමක පාරක් කපලා දෙන්න. පන්සල් වත්තක් සුද්ද කරලා දෙන්න. වගාවක් කරලා පලදාව දුප්පත් ජනතාව අතරේ බෙදලා දෙන්න. එහෙමයි සැබෑ ජනතා සේවකයින්. (නි)

:       0       0

අන්වර් Wednesday, 16 March 2016 06:44 PM

හිටපු ජනාධිපති ගැන මෙහෙම කතාකරන්නේ කටින්ද කියලා අපිට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

පද්මිණි Wednesday, 16 March 2016 06:48 PM

අනේ මහාචාර්යතුමනි, රටේ උගතුන්ට අවනම්බු නොකර ඉන්නවද? (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 16 March 2016 07:03 PM

මේ අයට යන එන මං නැතිවුණ නිසා, ලොකු ලොකු ඇමතිකම් නැතිවුණ නිසා, මුදල් උපයපු මාර්ග නැතිවුණ නිසා, ඒවාට ඉඩදුන් මාර්ග සළසාදුන් හිටපු ජනපති වෙනුවෙන් මෙසේ කීම පුදුමයක් නොවේ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 17 March 2016 06:34 AM

ඔබතුමාට තියෙන්නේ තනිකරම ඊර්ෂ්‍යාව සහ කුහකකම. මහාචාර්යවරයෙකුට ඕක තරම් නැහැ මහත්තයෝ. මහින්ද මහත්තයා කොයිතරම් නම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා මධ්‍යස්ථ මත දරන උදවිය හොඳටම දන්නවා. වැඩි ප්‍රතිශතයකින් එයාව ගෙදර යැව්වෙත්, එතුමාගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදීකම නිසාමයි. අනේ මගේ කට! ඔය ඇත්තෝ හිතාගෙන ඉන්නේ, කියන කියන හැම දෙයක්ම පිළිගන්න තරම් ජනතාව තාම මෝඩයි කියලද..? වැරදිලා මහත්තයෝ වැරදිලා. (නි)

:       0       0

ගාමිණී විජේගුණවර්ධන Wednesday, 16 March 2016 07:13 PM

සඳුන්, ජී. එල්. පීරිස් උගතෙකු බුද්ධිමතකු වුණත්, මෙතනදී එහෙම නැහැ. (නි)

:       0       0

අරුණ Thursday, 17 March 2016 06:48 AM

මගේ ප්‍රාර්ථනය මෙහි අදහස් දාන අය ඔයතරම් මහින්ද මහත්තයට අකමැති නම්, ඔවුන් සියලුදෙනාම තව තවත් දරිද්‍රතාවයේ පතුලටම වැටුනාවේ. නමුත් මහින්ද මහතා නැවත බලයට නොපැමිණ දේශපාලනයෙන් සමුගත්තාවේ! මොවුන් කිසිදිනක පාඩම් ඉගෙන නොගනු ඇත. (නි)

:       0       0

මහින්ද Wednesday, 16 March 2016 08:12 PM

උපදෙස් දෙන පණ්ඩිතයෝ රටට හොඳක් කළේත් නැහැනේ (නි)

:       0       0

රොහාන් Thursday, 17 March 2016 07:14 AM

මහින්ද ඔය අයට ඇහුන්කම් දිදී හිටියනම් අදටත් බෝම්බ පිපිරෙනවා නේද (බ)

:       0       0

සමන් Wednesday, 16 March 2016 08:36 PM

ඇත්ත කතාව. මේ ආණ්ඩුව අපිව කන්න හදන්නේ (නි)

:       0       0

ෂාන් Thursday, 17 March 2016 07:24 AM

මෙයාට මහාචාර්ය වෙන්න කවුද දන්නේ නෑ විභාගය ලිව්වේ. පොඩි උන් කියන කතා කියන්නේ.(බ)

:       0       0

අහමඩ් Wednesday, 16 March 2016 08:56 PM

පීරිස් මහත්තයා හොඳ බුද්ධිමත් කෙනෙක්. එතුමා කියන දේ අපි පිළිගත යුතුයි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 16 March 2016 08:49 PM

සමහරුන්ගේ මුහුණෙන්ම පේනවා එයාලගේ හිතේ තියෙන ක්‍රෝධය. අනේ මෙයාලගේ වැදි බණ. එයාලා ඇමැතිලා වෙලා හිටපු කාලේදී කළවැඩ ගැන අපි නොදන්නවැයි? (නි)

:       0       0

චන්දන Wednesday, 16 March 2016 08:58 PM

ඔබ තෝරාගත් මඟ ගැන යළි සිතන්න. එපමණයි මට කියන්න තියෙන්නේ (නි)

:       0       0

සමන් Wednesday, 16 March 2016 09:33 PM

ඔබ කියන ප්‍රජාතන්ත්‍රවාදය පවුල ඇතුළේත් තිබුන බව සිදුවුණ දේවල් වලින් පේනවා (නි)

:       0       0

රංග Wednesday, 16 March 2016 09:40 PM

මහින්ද, රනිල් මහත්තයාව නෙල්සන් මැන්ඩෙලාට සමාන කරන්නේ කොහොමද? (නි)

:       0       0

ශානක Wednesday, 16 March 2016 09:35 PM

මේ කතාව නම් සහතික ඇත්ත. ඒක අපි ප්‍රායෝගිකව අත්දුටුවා (නි)

:       0       0

නිරාන් Wednesday, 16 March 2016 10:40 PM

අපිට අතීතය හොඳට මතකයි. අර කාර් රේස් තියනකොට මහා සංඝරත්නයේ ඉල්ලීමට කන්දුන්නද?? (නි)

:       0       0

පාඨලී Thursday, 17 March 2016 07:45 AM

මහින්ද ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන නිසා තමා ජනවාරි අටවෙනිදාම එ්ක අදාළ කෙනාට බාරදීලා ගියේ. (නි)

:       0       0

රවින්ද්‍ර Wednesday, 16 March 2016 10:33 PM

මට නම් මගේ හිනාව පාලනය කරගන්න බැහැ මේවා ඇහෙනකොට (නි)

:       0       0

මිලානෝ Wednesday, 16 March 2016 10:56 PM

මේ අමනොඥ වැඩ නිසා අතලොස්සක් හිටපු පාක්ෂිකයන්ටත් යන එන මං නැති වෙනවා. මම නම් 2500න් කාලා බීලා නාලා ඉන්න කෙනෙක්.(රුපියල් නෙවෙයි යුරෝ) (අ)

:       0       0

නිල්හාන් අජිත් ජයවර්ධන Wednesday, 16 March 2016 10:59 PM

අනේ මේ මොනවද කියන්නේ, අපි දන්නවා බලේ ඉන්නකොට කොරපු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවල්. සෙසු ජනතාව තල පෙලා කෙබර ගහල මඩිය තරකර ගත්ත විතරයි. බන්දුල දන්නා මුදල් විසුද්ධිකරණය මොකද්ද. වටේ ඉන්නේ හොරු ටිකනේ. ඔහුටම පුළුවන් ඔක්කොම අල්ලලා එෆ්සීඅයිඩි එකට බාරදෙන්න.(අ)

:       0       0

සුනිමල් Thursday, 17 March 2016 08:02 AM

දැන්නම් අපිට පෙනෙන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පොඩ්ඩක්වත් නැහැ (නි)

:       0       0

කෝනාර Thursday, 17 March 2016 12:09 AM

උගත්කමයි බුද්ධිමත් කමයි යනු දෙකකි. ඒ වාගේම සෑම උගතෙකුම සර්ව සාධාරණ බවට උපකල්පනය කළ නොහැකියි. උගත්කම තම පුද්ගලික වාසියට යොදාගන්නො අපමණ වෙති. උගතෙක් විෂය කරුණක් ගැන කියු දෙයක් විස්වාස කළාට, ඔහුගේ පුද්ගලික මතිමතාන්තර විශ්වාස කරන්න බැහැ. (අ)

:       0       0

පෙරුමාල් Thursday, 17 March 2016 07:56 AM

මේ වර්ගයේ එකම කෙනා මෙයා නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙයාගෙන් ඉගෙනගත් අයත් අපේ පාලකයො වෙන්න පුලුවන් කියලා හිතනකොට බයත් හිතෙනවා (නි)

:       0       0

දනුක Thursday, 17 March 2016 12:20 AM

මේ කවුද ?නිතිය පිලිබඳ මහාචාර්ය වරයෙක්ලු..?හැබැයි..ජිවිතයේ එකම එක වතාවක්වත් " නඩුවක් " කතාකරලා නැත.මාර බුද්ධිමතෙක්.(අ)

:       0       0

සමන් Thursday, 17 March 2016 07:57 AM

අරුණ, ඔබ හරි. (නි)

:       0       0

දයාන් Thursday, 17 March 2016 08:01 AM

ඔබ තුමාගේ පීඑච්ඩී එකෙන් මේ රටට ගෙනාපු හොඳ පනතක් කියන්න. ලලිත් ඇතුලත්මුදලි ට පීඑච්ඩී නැතිව මහපොළ ගේනවා. අද ඒ මනුස්සය නැහැ නමුත් ජනතාව අතර ජීවත් වෙනවා (බ)

:       0       0

මනෝජ් Thursday, 17 March 2016 01:00 AM

කෝනාර, ඔයා වගේ අදහස් තිබෙන අය මේ තීරුවේ ඉන්නවා දකින්නත් සතුටුයි. මේ කියමන මොනතරම් සාධාරණද? අපක්ෂපාතිද? අනෙක් අයත් මේ විදියට දකින්න පුරුදුවෙන්න. (නි)

:       0       0

සරත් Thursday, 17 March 2016 12:56 AM

තුන්වෙනි වරටත් ජනාධිපති වෙන්න හිතුවේ කවුද? එහෙම බලද්දි මෙහෙම කියන්න පුළුවන්ද? (නි)

:       0       0

එරික් Thursday, 17 March 2016 08:25 AM

මේකේ අදහස් දක්වලා තියන සමහරු මේ රට දැන් සුරපුරයක් වෙලා වගේනේ කතා කරන්නේ (බ)

:       0       0

අන්වර් Thursday, 17 March 2016 02:40 PM

අනේ මෙහෙමත් බොළඳ කතා! අපිට නම් හිනාත් යනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1434 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 912 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1391 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 985 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1019 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site