IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්

(අංජුල මහික වීරරත්න)

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය  වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා දැනුම් දී සිටී.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,රජයේ සංස්ථා, මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප‍්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත අග්‍රාමාත්‍ය ලේකම්වරයා අදාල දැනුම් දීම කර ඇත.

රජයේ ආයතන විසින් රජයේ අරමුදල් යොදා ගනිමින් සංවිධානය කරනු ලබන විවිධ උත්සව, වැඩසටහන් ඇතුළු සියලු කාර්යයන් රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකූල වීමත් ඒ සඳහා ප්‍රශස්ත රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීමත් කෙරෙහි අවධානයට යොමු කරනු ලබන අතර, එසේ සංවිධානය කරනු ලබන කිසියම් කාර්යයකදී සමරු ඵලක, ස්මාරක, සමරු කලාප ඇතුළු සියලු මුද්‍රිත හා විද්‍යුත් ප්‍රකාශන සඳහා  අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප මෙන්ම පණිවුඩ යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා  අග්‍රාමාත්‍යවරිය  වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ද අමාත්‍යවරුන් වෙනුවෙන් අදාල අමාත්‍යාංශයෙන් ද පූර්ව අවසරයක් ලිඛිතව ලබාගත යුතු බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා කළ දැනුම් දීමෙහි වැඩිදුරටත් සඳහන් වේ.

විවිධ උත්සව සඳහා  සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මීට පෙර  උපදෙස් ලබා දුන්නේය.



අදහස් (6)

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්

රම්බොඩ Saturday, 12 October 2024 11:35 AM

බොරුවට රටේ සල්ලි නාස්ති කරන සියලු උත්සව , අවශ්‍ය කාර්ය සඳහා පමණක් යොමු වුණාම ඉවරයි. දන්නා කාලයේ ඉඳන් කරපු නාස්ති නිසා හදාගන්න අමාරු වෙයි. හැදුනොත් දිගටම පවතියි.

:       2       46

පිටිගල මිලානෝ Saturday, 12 October 2024 11:37 AM

රටේම අපලය - කුරහන් සාටකය.

:       5       40

Sama Saturday, 12 October 2024 01:40 PM

අහසෙන් පාත් කළා වගේ හැසිරෙන ලංකාවේ සහ ඉතාලියේ කොහේ හරි ඉන්න සහෝදරයා හෝ සහෝදරිය ඉපදෙන්න ඇත්තේ 2005න් පස්සේ වගේ. අපේ රටේ නායකයාගේ ෆොටෝ එල්ලිල්ල තිබුණේ එංගලන්තයට යටත් කාලේ ඉඳලා බව දන්නේ නැද්ද. ඉස්සරම ගෙවල් වල ඉඳලා ජෝර්ජ් රජ්ජුරුවන්ගේ පින්තූර එල්ලන් හිටි බව පරණ පින්තූර සහ කතා වල තියනවා. ඊට පස්සේ ඩී එස් සේනානායක මහතාගේ ඉඳලා දිගටම ෆොටෝ එල්ලුවා. 1960 ගණන්වලින් පස්සේ ගෙවල්වල ඔය ෆොටෝ එල්ලිල්ලා අඩු වෙලා රාජ්‍ය ආයතන වල විතරක් දිගටම ගියා. 1970 ගණන්වලදී J R ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ අගමැති ප්‍රේමදාස දෙන්නගෙම ෆොටෝ එල්ලන්න ගත්තා. ඒක තමා ඔය දිගටම යන්නේ. ඕක අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම බොහෝ රටවල තියෙන දෙයක්. බැලුවාම පිටිගල ඉන්නේ පිටිගල වගේ.

:       0       2

Aruna Saturday, 12 October 2024 12:07 PM

දවස් කියටද?

:       16       6

Don WiSaturday, 12 October 2024 01:33 PM

2048 වෙනකං. ඇයි අවුල්ද?

:       0       5

pakeerSaturday, 12 October 2024 02:44 PM

ඇයි නිකන් පස්ස කහනවා වගේද මේවා ඇහෙන කොට..? දවසකට හරි ඔවුන් එහෙම කරාවි. මහඑකාලා එහෙම කරාද? තොපිලා නිසා තමයි මේවා කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1521 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 2029 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1519 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8592 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2475 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10521 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40125 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site