IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 සමනල වැව ජලාශයේ  විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගොවිතැන සදහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍යවරයා එලෙස කළ විට අගෝස්තු 16 වන හදිසි විදුලි මිලදී ගැනීමක් කරන්නට සිදුවන බවද අමාත්‍යවරයා කීය.

විකල්ප විදුලි මිලදී ගැනීමක් නැති නම් මාතර, ගාල්ල, රත්නපුර සහ  හම්බන්තොට දිස්ත්‍රික්ක වල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් කරන්නට සිදු වෙන බව අමාත්‍යවරයා කීය.

දවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය දෙකක් වශයෙන් එලෙස විදුලිය කපන්නට සිදුවෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රසම්පාදන ක්‍රමය යටතේ හදිසි විදුලිය මිලදී ගන්නට බලාපොරොත්තු වෙන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ගොවිතැන  සදහා වතුර නිදහස්  නොකළොත් විදුලි උත්පාදනය සඳහා කිසිම ගැටළුවක් ඇතිවන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.

 



අදහස් (1)

’අගෝස්තු 16න් පසු සමනල වැවෙන් විදුලිය නෑ ’

ravin Tuesday, 08 August 2023 12:41 PM

කෙල පෙරාගෙන නේද හිටියේ කට්ටිය එක්ක කොමිස් ගහන්න .ඕන එකත් හරි එහෙනම්.දෙන දෙවියෝ ගෙට ගෙනාවත් දෙනවා අපිටත් දවසක හඳ පායනවා

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 609 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න
2024 ඔක්තෝබර් මස 15 798 2

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර


ඩයනාට එරෙහි නඩු 7ක සාක්ෂි විභාගයට දින දෙයි
2024 ඔක්තෝබර් මස 15 458 0

ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ


ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 329 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 763 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 1624 1

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 465 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1454 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site