අග විනිසුරු මොහාන් පීරිස් ඉවත්වන තුරු හෙට (28) සිට අලුත්කඩේ උසාවි සංකීර්ණයේ උද්ඝෝෂණය කරන බව නීතිඥ සංගම් කියයි. ඒ සඳහා මහජනයාද කැඳවා ඇතැයි ඔවුහු කියති.
මාදුළුවාවේ සෝභිත හිමියන්ද මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනපතිවරණ ප්‍රතිඵල නිකුත්වන අවස්ථාවේ අග විනිසුරුවරයා අරලිය ගහ මන්දිරයේ සිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසූ බවත් එය අග විනිසුරුවරයාගේ නිලයට නොගැලපෙන්නක් බවත් ඒ හේතුවෙන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ය.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අග විනිසුරු යන තුරු උද්ඝෝෂණයේ
සුසන්ත Tuesday, 27 January 2015 03:59 PM
අපේ හාමුදුරුවන්ට නමස්කාරය. රට ගැන හිතන මේ වගේ හාමුදුරුවන්ට මව්බිමේ නමස්කාරය (නදී)
රණසිංහ Wednesday, 28 January 2015 05:12 AM
සෙසු අයගේ සහාය නැතුව වැඩ කරන්නේ කොහොමද? දේශපාලන පත්වීමක් නිසා ගියාට කමක් නැහැ (නි)
පිවිතුරු Wednesday, 28 January 2015 12:28 PM
ව්‍යස්ථාවෙන් පැහැදිලිව අගවිනිසුරු ඉවත්කරන්න අවශ්‍ය ක්‍රමවේද සළසා තිබියදී මෙහෙම කරන එක යහපාලනයේ අංගයක් වෙන්න ඇති නේද? (නි)
පද්මේන් Wednesday, 28 January 2015 05:59 AM
අගවිනිසුරු ඉවත් කරන්න දෝෂාභියෝගයක් ගෙනාවොත් කළින් අය කළදේම කළා වෙනවා.ජනතාව කලින් ක්‍රමය ප්‍රතික්ෂේප කළ නිසා කලින් පත්වීම් ගත් අයත් ගෞරවනීය ලෙස ඉවත්වුණා නම් ඉවරයි. (නි)
පද්මිණි Wednesday, 28 January 2015 06:16 AM
අරලිය ගහ මන්දිරයට ඡන්දය අහන්න ගිය එක හරිද දහම්, විජේදාස? (නි)
පිවිතුරු Wednesday, 28 January 2015 06:18 AM
ව්‍යවස්ථාවෙන් පැහැදිලිව අගවිනිසුරු ඉවත්කරන්න අවශ්‍ය ක්‍රමවේද සළස්වා තිබියදී මෙහෙම කරන එක හරිද? (නි)
සුරියබණ්ඩාර Tuesday, 27 January 2015 10:11 PM
අන්න හරි. ඕක තමයි නියම මෛත්‍රී පාලනය. අධිකරණයේ ස්වාදීනත්වය ඇති කරන්න නම් තමන් අකමැති නඩු කාරයන්ව පන්නන්න ඕනා. යන්නෙම නැත්නම් ගෙදරට ගලක් දෙකක් ගැහුවත් කමක් නෑ අපි අතීතයේ කරපුවා නේ. (නදී)
ඇන්ඩෲ Tuesday, 27 January 2015 11:11 PM
මෙහිදී වැදගත් වන්නේ යහපාලන ප්‍රතිපත්තිය අනුගමනය කර ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ඔහු ඉවත් කිරීමයි. එයට පිටින් ක්‍රියාමාර්ග ගැනීම යහපාලනය නොවේ. (නි)
දහම් Wednesday, 28 January 2015 12:55 AM
මේ රටේ චෝදනා එල්ලවෙන කිසිකෙනෙක් ඉල්ලා අස්වෙන සිරිතක් නැහැ. අගමැති පත්කළ විදිහත් ව්‍යවස්ථාවට විරුද්ධයි නේද? උද්ඝෝෂණ කිරීම යහපාලනයද? නීතියට අනුව ඉවත්කරන එක නේද හරි හාමුදුරුවනේ? (නි)
හෙට්ටිආරච්චි Wednesday, 28 January 2015 02:16 AM
ඉස්සර හිටපු අග විනිසුරු ඉවත්කළේ එදා රජය කැමති නැති නිසානේ. දැන් මේ අගවිනිසුරුට කැමති නැති නිසා එතුමා ඉල්ලා අස්වෙලා ගෙදර යන්න ඕනෑ. එයාලා හිතාගෙන ඉන්නේ රටේ ඔක්කොම නිළධාරීන් වැඩ කරන්න ඕනෑ එයාලා කියන විදියට කියලද? (නි)
විජේදාස Wednesday, 28 January 2015 02:39 AM
එහෙම පුලුවන්ද නීතියට පටහැනිව උද්ඝෝෂණයකින් ඉවත්කරන්න? (නි)
දයාල් Wednesday, 28 January 2015 02:39 AM
ප්රජාතන්ත්රවාදයේ මුලික ලක්ෂණය වන්නේ අධිකරණය දේශපාලනයෙන් වෙන්වීමයි. දහම් සහ හෙට්ටිආරච්චි තවමත් මෙය තේරුම් කරගෙන නැතිකම ගැන කණගාටු වෙමි. (නි)
උදය Wednesday, 28 January 2015 02:57 AM
අග විනිසුරු ඉවත්කිරීමේ ක්‍රමවේදයට එරෙහිවත් උද්ඝෝෂණයක් කරමුද? (නි)
උදය Wednesday, 28 January 2015 03:02 AM
අග විනිසුරු ඉවත්කිරීමට අපි එකඟයි. නමුත් හරි ක්‍රමවේදයක් තිබිය යුතුයි. (නි)
රන්ජන් Wednesday, 28 January 2015 03:33 AM
මට සිතෙන්නේ නම් තිබුණ ආණ්ඩුව හා නව ආණ්ඩුව අතර ඇත්තේ ඔළුගෙඩි මාරුවීමක් මිස ප්‍රතිපත්ති මාරුවීමක් නොවේ කියායි (නි)
සල්ගාදු ප්‍රංශය Tuesday, 27 January 2015 03:32 PM
විධායක බලතල වලින් ඉවත් කිරීමට බැරිද? (නි)
සමීර Tuesday, 27 January 2015 03:35 PM
ලැජ්ජා නැති උදවියට ලැජ්ජා නැහැම තමයි! (නි)
සාමින්ද Tuesday, 27 January 2015 03:37 PM
ඔහුගේ නිවාසය ඉදිරිපිටත් උපවාස කරන්න වෙයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත් (නි)