IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අැඟ හදාෙගන වැඩට බහිනවා

20160114-MAIN-06 new

මෙවර හදසර කවරය සරසන්නේ ජනප්‍රිය මෝස්තර නිරෑපිකාවක වන ෆැලන් මිෂෙල් සහ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන නිශාන්ත කුමාර විසිනි. මෝස්තර නිරෑපණ කටයුතු මෙන්ම රෑපවාහිනී වෙළෙඳ දැන්වීම් රුසකටම පෙනී සිටි ෆැලන් සහ යමං බණ්ඩො වෙසක් බලන්න රීමික්ස් ආදී ගී කිහිපයක් හරහා රසිකයින් වෙත ආ නිශාන්ත කුමාර සමඟ හදසර අපි සුහද පිළිසඳරක යෙදුණෙමු.

 

20160114-MAIN-01


010120160114-MAIN-07කොහොමද ෆැලන් ජීවිතේ?
ම්ම් වරදක් නැහැ හොඳින් ගෙවීගෙන යනවා ඉතින්.


0101දැන් මෝස්තර නිරෑපණ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරැදු හතක් විතර වෙනවා. මම 2008 අවුරැද්දෙදි විතර තමා මෝස්තර නිරෑපණයට ආවෙ.


0101මේ ක්ෂේත්‍රය තෝරගන්න විශේෂ හේතුවක් තිබුණද?

මට පොඩි කාලෙ ඉඳන්ම මෝස්තර නිරෑපණය පැත්තට ලොකු ආසාවක් තිබුණා. මට මතක නැහැ කොහොමද ඒ ආසාව හිතට ආවෙ කියලා. හැබැයි මට මොඩ්ලින්වලට ආසාව තිබුණට ඉගෙන ගෙන ඉවර වෙලා ජොබ් එකක් කරනවා කියලයි හිතුවෙ. කොහොම වුණත් ඒ තිබුණු ආසාවට ගෙදරිනුත් ලොකු උදව්වක් ලැබුණා. ඒකත් එක්ක මේ ක්ෂේත්‍රය තෝරගත්තා.


0101මෝස්තර නිරෑපණය තුළ ගෙවුණු කාලය මොනවගේද?

සාර්ථක වුණු අවස්ථා වගේම ආපහු හැරිලා බලද්දි අඩුපාඩු තිබුණු තැනුත් මම දකිනවා. ඉතින් ඉදිරියේ කරන වැඩවලදී ඒ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඕනි. නැත්නම් මේ ක්ෂේත්‍රයේ විතරක් නෙමේ කිසිම ක්ෂේත්‍රයක ඉඩක් නැහැනෙ. හැබැයි මම මේ ඇවිත් තියෙන ගමන ගැන ලොකු සතුටක් තියෙනවා. 


0101රෑපවාහිනී දැන්වීම්වල රඟපාන්න පටන් ගත්තෙ?

මම මුලින්ම කළේ CDB වෙළෙඳ දැන්වීමක්. දැනට වෙළෙඳ දැන්වීම් 15ක විතර පෙනී ඉඳලා තියෙනවා. සන්ලයිට්, ඩයලොග්, එටිසලාට් වගේ ඒවායේ ඉඳලා තියෙනවා.


0101ටෙලිනාට්‍ය චිත්‍රපටවලට ආරාධනා ආවෙ නැද්ද?

ආරාධනා ආවා. හැබැයි රංගන ක්ෂේත්‍රය ගැන මගේ හිතේ එච්චරම උනන්දුවක් නැහැ.


0101ඇයි ඒ?

නෑ ඇත්තටම මම රිදී සිත්තම් කියලා ටෙලි නාට්‍යයක හිටියා. ඒකෙ කාලයක් රඟපෑවා. නමුත් මම පස්සෙ හිතුවා ටෙලිනාට්‍යවල රෑ ගතකිරීම්වල ගොඩක් ලොකු වෙලාවක් වැය කරනවට වඩා මගේ වෘත්තිමය ක්ෂේත්‍රය වන මෝස්තර නිරෑපණය පැත්තටම ඒ කාලය යොදාගන්න ඕනි කියලා. මොකද නැත්නම් මට මොස්තර නිරෑපණයට කාලවේලා මදි වෙනවා. ඒකයි. රිදී සිත්තම්වලට පස්සෙත් ආරාධනා ආවා හැබැයි. මම බාරගත්තෙ නෑ.


0101මෝස්තර නිරෑපණය දිහා බාහිරින් බලද්දි පේන්නෙ බොහොම හැඩට ලස්සනට ඇඳලා පළඳලා ඉන්න නිරෑපණ ශිල්පීන් ශිල්පිනියන්. ඒ බාහිරින් පේන සුන්දරත්වය වැඩ කරද්දි තියෙනවද?

නෑ නෑ ඇත්තටම ඒ සුන්දරත්වය වැඩ කරද්දි නැහැ. ගොඩක් අය හිතන්නෙ එහෙම තමා. අයියෝ මොස්තර නිරෑපණය කියන්නෙ මොකක්ද මහ ලොකු වැඩක්ද කියල හිතනවා. හැබැයි ක්ෂේත්‍රයේ ඉන්න අය තමා ඒකෙ තියෙන අමාරැකම දන්නෙ. ෆොටෝ එකක් ගන්න වගේම ෆොටෝ එකකට පෙනී ඉන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් මහන්සි වෙන්න ඕන. 


010120160114-MAIN-03මෝස්තර නිරෑපණය තුළ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවද?

ඔව්. මෝස්තර නිරෑපණය කියන්නෙත් ලොකු පරාසයක තියෙන විෂයක්. ඉගෙන ගන්නෙ නැතුව නිකම් ඉඳලා මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න බැහැ. උදාහරණෙකට ඇඳුමක් ඇන්දම ඒකට ගැළපෙන මේකප් එක සපත්තුව තෝරාගන්න එකත් කලාවක්. නිකම් ඇඳුමක් ඇන්ද පලියට මෝස්තර නිරෑපණයක් කියන්න බැහැ. ලොකු සංකීර්ණ වැඩ ටිකක් එතැන තියෙනවා. 


0101මෝස්තර නිරෑපණ ක්ෂේත්‍රෙය් පරණ අයගෙන් අලුත් අයට තියෙන සහාය මොනවගේද?

පරණ අයගෙන් නම් සහායක් නැති තරම්. මම දැනුම්වත්ව නම් නැහැ.


0101ඒ කියන්නෙ මේ දක්වා දුර ආවෙ කාගෙන්වත් උදව් නැතිව?

ඔව්. කිසි කෙනෙක්ගෙන් උදව් අරන් නෙමෙයි මම මෙතැනට ආවෙ. මම තනියම තමා හැමදේම කරගත්තෙ. 


0101ෆැලන් දැනට පෙම්වතියක්ද කියන එකත් රසිකයින්ට වැදගත් ප්‍රශ්නයක් වේවි...

හාහා ඔව් මම පෙම්වතියක්..
 

0101

සිරැරේ හැඩය ලස්සනට පවත්වගන්න මොනවද කරන්නෙ?

ප්‍රධානවම මම සිරැර ගැන ගොඩක් සැළකිලිමත් වෙනවා. කෑමබීම පවා ගන්නෙ හැඩය ගැන හිතලයි. වැඩිපුර පළතුරැ කන්නෙත් ඒකයි. අනික මම මේ වෙද්දි ජිම් යනවා. ඉස්සරහට යෝගා කරන්නත් බලාපොරොත්තු වෙනවා.


0101මෝස්තර නිරෑපණ ක්ෂේත්‍රය ගැන තියෙන අදහස මොකක්ද?

මෙහෙමයි මට දැන් අවුරැදු හතක් වැඩකරලත් මිනිස්සු කවුද කියන එක අඳුනගන්න බැරිවුණා. අපි හිතන් ඉන්න පුද්ගලයො නෙමේ අන්තිමේදී බැලුවම. එක්කෙනෙක්ට එක්කෙනෙක් ඉදිරියට යනවට කැමැති නැහැ. 


0101මොනව හරි අමිහිරි අත්දැකීමකට මුහුණ දුන්නද?

නැහැ නැහැ එහෙම මුකුත් වුණේ නැහැ. ඒත් අපිට තේරෙනවනෙ මිනිස්සු කවුද කියලා. ඒ නිසා ක්ෂේත්‍රයේ කාගැනවත් විශ්වාසයක් නැහැ.


0101ක්ෂේත්‍රය පැත්තෙන් ඉස්සරහට බලාපොරොත්තු මොනවද?

දැනට ලොකු බලාපොරොත්තු නැහැ. සිරැර තවත් හරියට හදාගත්තට පස්සෙ මොනවහරි දෙයක් ගැන හිතනවා.

 

 

 

20160114-MAIN-02


010120160114-MAIN-08නිශාන්ත දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

මමත් ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරැදු අටක් විතර. මම කලින් රගර් ක්‍රීඩකයෙක්. CR-FC සහ CS කියන කණ්ඩායම්වල හිටියා. ඉස්කෝලෙ කාලෙදිත් රගර් සෙල්ලම් කළා. මියුසික්වලට එන්නෙ මට බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. හැබැයි සින්දු කියන එක සින්දු අහන එක පොඩිකාලෙ ඉඳන්ම ඇඟේ තිබුණු දෙයක්. 


0101මියුසික්වලට එන්නෙ කොහොමද?

මම පොඩිකාලෙ ඉඳන්ම කීබෝඩ් එක වාදනය කළා. එහෙම තමා මේ පැත්තට ඇල්ම වැඩිවුණේ. මම රනිඳු එක්ක කරපු යමං බණ්ඩො රීමික්ස් එක ගොඩක් ජනප්‍රිය වුණා. ඉන්පස්සෙ තමා මියුසික්වලට වැඩිපුර අවධානයක් දාලා වැඩ කරන්න ගත්තෙ. 


0101කොහොමද රනිඳුව අඳුනගන්නෙ?

2008 වගේ තමා රනිඳු එක්ක වැඩ කරන්න ගත්තෙ. රනිඳු මගේ ඥාති සහෝදරයෙක්ගෙ යාළුවෙක්. රනිඳු එයාගෙ පළවෙනි ගීතය ඉඟි බිඟි ගීතය කළෙත් මා එක්කයි. ඉරාජ් එකකකත් මම වැඩ කළා. 


0101දැනට ගායනා කරපු සින්දු ගැනත් මතක් කළොත්?

ඉඟි බිඟි, යමං බණ්ඩො, සිනාසෙන්න සිනාමල්, පොඩි ළමයින්ට අශ්වයා ගෝං කියලා සිංදුවකුත් රීමික්ස් කළා. ඒ විදි‍ෙහ සිංදු ගොඩක් තියෙනවා. සුනිල් පෙරේරාගෙත් සින්දු දෙකක් විතර රීමික්ස් කළා. 


0101ඇය මේ රීමික්ස්ම කරන්නෙ? ඔබ රීමික්ස් කලාකාරැවෙක් විතරද?

නැහැ රීමික්ස්ම නෙමේ. හැබැයි රීමික්ස් කරන එක අවශ්‍ය දැන් ඇහෙන්නෙ නැති සින්දු ජනතව අතරට ගෙනියන්නයි. හැබැයි මගේම සින්දුත් තියෙනවා. මම වැඩිපුර කැමැති RNB ස්ටයිල් එකේ සිංදුවලට තමා. 


0101පැරුණි ශිල්පීන්ගෙන් ගැටලු චෝදනා ඇවිත් නැද්ද?

නැහැ කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. සුනිල් පෙරේරාගෙ සින්දු රීමික්ස් කරද්දිත් මේ වගේ සින්දු අලුත් කට්ටිය කරද්දි අපි ආසයි කියලා කිව්වා.


010120160114-MAIN-04නිශාන්ත සංගීතය ඉගෙන ගෙන තියෙනවද?

ඔව් මම පාසල් කාලෙදිත් ඉගෙන ගත්තා. ඉන්පස්සෙ කීබෝඩ් වාදනය ප්‍රගුණ කළා. 


0101ඇල්බම් එකක් කරන්න අදහසක් නැද්ද?

ඇත්ත මගේ සින්දු පහළොවක් විතර තියෙනවා. හැබැයි ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැන් තියෙන තත්ත්වයත් එක්ක ඇල්බම් එකක් කරන්න අදහසක් නැහැ.


0101ඇයි මොකක්ද ප්‍රශ්නෙ?

මේකනේ. දැන් හැමදේම රුල්ලක්. මේ දවස්වල අහන්න ලැබෙන සින්දුවල මියුසික් බලන්න එකම විදිහයිනෙ. එකම මෙලඩි එක. මීට අවුරැදු පහකට කලින් තිබුණු විවිධ බව අද දකින්න නැහැ. තමන්ගෙ ස්ටයිල් එක නොවුණත් රුල්ලට අනුව කරන්න තමයි හැමෝම බලන්නෙ. ඉතින් අපි වගේ අයගෙ ස්ටයිල් එක දැන් ටිකක් පස්සට ගිහින්. ඒක ආපහු ඉස්සරහට එනකල් බලන් ඉන්නවා.  


0101ඒ ඒකාකාරී බව වෙනස් කරන්න අලුත් දෙයක් කරන්න අදහසක් නැද්ද ඉතින්?

මම අලුත් ට්‍රැක් එකක් කරලා තියෙන්නෙ. වාතාවරණය හොඳ වෙද්දි ඒක ඉදිරිපත් කරනවා. පෙබරවාරි වැලන්ටයින් දවස් වෙද්දි අලුත් නිර්මාණය දකින්න ලැබේවි. අලුත් දේවල් ගොඩක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. 


0101මොඩ්ලින් කරන්න කියලා ආරාධනාවක් ආවොත්?

නෑ නෑ මම මොඩ්ලින් කරලාම නැහැ. මම ඔයාලත් එක්ක ෆොටෝෂූට් එකක් කළාට මොඩ්ලින් කරලා නැහැ. සංගීත පැත්තෙන් තමා ඉස්සරහට යන්න හිතන් ඉන්නෙ. 

 

 රජිත Iසේයාරෑ- සුමුදු 

 

20160114-MAIN-05

 



අදහස් (0)

අැඟ හදාෙගන වැඩට බහිනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 10 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 310 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 379 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2151 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 59 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12724 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36637 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24241 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 179 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site