IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අච්චුවේලි වෙඩි තැබීමට සෙබළු 5ක් රිමාන්ඩ්

1998 දී යාපනය අච්චුවේලි හිදී වැසියන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කර මරා දැමීයැයි සැකපිට අච්චුවේලි කඳවුරේ සෙබළුන් පස් දෙනකු ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කළ යාපනය ප්‍රධාන මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා උසාවි නොපැමිණි සෙබළු 10 දෙනකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේය.

කර්නල් වීරසිංහ, සාමාන්‍ය සෙබළුන් වන මංජුල සරත් පුෂ්පකුමාර, රම්බණ්ඩාගේ දොන් සුනිල්, ආරච්චිලගේ ප්‍රේමතිලක, විතානාරච්චිලගේ ප්‍රභාත් යන අය එසේ රිමාන්ඩ් කැරිණි.

නීතිපති උපදෙස් අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.



අදහස් (0)

අච්චුවේලි වෙඩි තැබීමට සෙබළු 5ක් රිමාන්ඩ්

ධම්ම Tuesday, 27 September 2016 01:25 AM

කලබල වෙන්න දෙයක් නැහැ. අනෙක් ඝාතනත් මේ අයුරින්ම සොයයි (නි)

:       0       0

සජී Tuesday, 27 September 2016 02:31 AM

කැබිතිගොල්ලෑව, අරන්තලාව ඝාතන ගැනත් මේ විදිහටම සොයන්න (නි)

:       0       0

ඔසාකා Tuesday, 27 September 2016 08:05 AM

මගේ මල්ලි මුලතිව් වලදී අතුරුදහන් වුණා. කවුද ඔහුගේ ඝාතකයා? නඩු දාන්න පුලුවන්ද අපිට? මේවා නිකන් විහිළු විතරයි (නි)

:       0       0

කමණි Tuesday, 27 September 2016 08:06 AM

දැන් තියෙන්නේ අපි සැමෝම සල්ලි දාලා මේ රණවිරිවන්ට වෙන්න යනදේට අරමුදලක් ඇතිකරන එකයි. ඒ වගේම ලංකාවට ආදරේ කරන නීතිවේදීන් මේ වීරයන්ට නොමිලේ පෙනීසිටින්න. (නි)

:       0       0

ටෙහාන් Tuesday, 27 September 2016 08:07 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 27 September 2016 08:22 AM

සිංහල ගම්මාන පිටින් වැනසූ මිනීමරු කොටි නිදහස් කරමින් රණවිරුවන් දඩයම් කිරීම හරිද? (නි)

:       0       0

අසේල Tuesday, 27 September 2016 03:01 AM

දේව්, ඔයාලගේ පවුලේවත් ගමේවත් කවුරුත් යුද්දෙට ගිහින් මැරෙන්න නැතුව ඇති. නමුත් අපට අපේ ඥාති හිතමිතුරන් ගොඩක් නැතිවුණා. අපි කාටද ඒවාට නඩු දාන්නේ...? කවුද ඒවා ගැන මේතරම් හොයලා බලන්නේ..? කෝ අපේ අහිංසක සිංහල මිනිස්සු මරපු කොටි....? ත්‍රස්තවාදියාට සමාව. සෙබළාට දඬුකඳද? මේකද අපි ඉල්ලපු වෙනස (නි)

:       0       0

සහන Tuesday, 27 September 2016 03:17 AM

රතුපස්වල වෙඩි තිබ්බ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නකොට ඔය කියන ජාතිවාදයක් එන්නේ නැහැ. අහිංසක මිනිස්සු මැරුවොත් එවැනි අයව අත්අඩංගුවට ගන්න ඕනෑ. මේවගේ දෙයක් ජාතිවාදී පාට කණ්ණාඩි දාලා බලන්න හුඟ දෙනෙක් පුරුදුවෙලා (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 27 September 2016 03:25 AM

කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බලලෝ කිව්වලු... (නි)

:       0       0

හෆීල් Tuesday, 27 September 2016 09:41 AM

කොටි සිරකරුවන් නිදහස් කරන්නයි කියනවා. අනිත් පෙත්තෙන් රණවිරුවන් හිරේ දාන්නව. මොකද්ද මේකේ තේරුම? (අ)

:       0       0

සමන් Monday, 26 September 2016 02:51 PM

මේ මිනිස්සු තමන්ගේ ඉඩකඩම් දේපල රැක ගන්න වෙන්න ඇති මිනි මරන්න ඇත්තේ. යහපාලනේ ඇවිල්ලනේ තියෙන්නේ (බ)

:       0       0

රුවන් Tuesday, 27 September 2016 04:23 AM

ශාන්ත , ලාල්, ඔබ ආණ්ඩුව සුද්ද කරන්න දඟලන්න එපා.මොකද කොටි කීයක් සිංහල මිනිස්සු මැරුවද? ඒවාට කවුද අත්අඩංගුවට අරගන්නේ ? (නි)

:       0       0

මහාදේව Monday, 26 September 2016 02:51 PM

එතකොට අර කැබිතිගොල්ලෙවේ වගේ ගම්වල සිංහල නිරායුද මිනිසුන් අමුඅමුවේ මරා දැමුවන්ව විශේෂ සංහිඳියා සමාව? (බ)

:       0       0

සුමිත් Monday, 26 September 2016 03:11 PM

අනේ ඔහොම කතා කියන්න එපා. සංහිඳියාව ගෙන්නන්නනේ කට්ටිය මෙච්චර දඟලන්නේ. (නි)

:       0       0

ලුසේනා Monday, 26 September 2016 03:26 PM

ජනාධිපති ඝාතකයාටත් සමාව.....? මේවා කාට කියන්නද? (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Tuesday, 27 September 2016 05:02 AM

පුනරුත්ථාපනය කරලා, නිදහස් කරපු කොටි 12000 ම සිල් අරගෙන ඉන්න ඇත්තේ. තුවක්කුවක් අතින් අල්ලලා නැති, කිසිම සාමාන්‍ය වැසියකු මරා නොදමපු අය. එ්කනේ සමාව දෙන්න ඇත්තේ (නි)

:       0       0

රණවක Monday, 26 September 2016 03:32 PM

සෙබළුන් රිමාන්ඩ්. අත්‍අඩංගුවට පත් වූ ත්‍රස්තවාදීන් නිදහස් කරමු සංහිඳියාව නමින්........ (නි)

:       0       0

ජයසිරි Tuesday, 27 September 2016 05:21 AM

ලාල්, ඔයාලා වගේ ගුණමකුවො ඉන්නකන් අපේ රටට සෙතක් වෙයිද? (නි)

:       0       0

දහම් Monday, 26 September 2016 04:16 PM

ඔන්න බලාගන්න යහපාලනේ. (නි)

:       0       0

කමල් Monday, 26 September 2016 04:24 PM

කැබිතිගොල්ලෑවේ මරපු අයට සළකපු හැටිත් අපිට මතකනේ ඉතින් (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 28 September 2016 05:02 AM

වැරැද්ද වැරැද්දමයි, හමුදාවෙන් කළත් කොටින්ගෙන් වුනත්, ඒ නිසා අපි බලාගෙන ඉන්න ඕන සාධාරන තීරණ, අනිත් එක අවරුදු 30ක් ගෙවුන යුද්දයේ අළු යට ගිනි තාම තියෙනවා (බ)

:       0       0

සරත් Monday, 26 September 2016 05:01 PM

ඉන්න කොටි ටික හැමෝම පුනරුත්ථාපනය කරලා නිදහස් කරන්න. හමුදා සෙබලු පුනරුත්ථාපනය නොකර හිරගෙවල් වලට යවන්න (නි)

:       0       0

කුමාර මහර Monday, 26 September 2016 05:22 PM

මහාදේව, කැබිතිගොල්ලෑ ප්‍රහාරය ගැන කතා නොකළ යුතුයි. එයින් හමුදා සෙබලුන් අත්අඩංගුවට ගන්න බැරි නිසා. සංහිදියාව රෙද්ද පල්ලෙන් බේරෙන්න හමුදා සෙබලුන් අල්ලන්න පුලුවන් දේවල් විතරක් කතා කරමු. (නි)

:       0       0

ලාල් Monday, 26 September 2016 05:51 PM

මහාදේව, හමුදාවේ අයව අත්අඩංගුවට ගන්නේ යුධ සටනේදී ත්‍රස්තයන් මරාදැමුවාට නෙමෙයි. යම්කිසි ආවේගයන් නිසා සාමාන්‍ය දෙමළ ජනතාවට වෙඩි තියපු නිසයි. කැබිතිගොල්ලෑවේ නිරායුධ මිනිසුන් මරාදැමුවේ ත්‍රස්තවාදීන්. අපේ හමුදාවේ සුළු පිරිසක් එවැනි දේවල් කරපු නිසා මුළු හමුදාවම අවමානයට ලක්විය යුතු නැහැ. වැරදි කරපු අයට නීතිය ක්‍රියාත්මක වියයුතුයි (නි)

:       0       0

සුසන්ත Monday, 26 September 2016 06:07 PM

මේවට වියදම් කරන්න ඩොලර් මලු පිටින් තියනවා මහාදේව. මායිම් ගම්මානවල අසරණ සිංහල මිනිසුන්ට කොහෙන්ද නඩු දාන්න සල්ලි? හමුදාවේ පොලිසියේ ඉඳලා කොටි අතින් මැරුම්කාපු සෙබළුන්ගේ පවුල් වල අයට වුණත් පුළුවන් නඩු දාන්න ත්‍රස්තවාදීන්ට විරුද්ධව. පොලිසියට අණ කරවන්න වැරදිකාරයො අල්ලලා ඉදිරිපත් කරන්න කියලා. හමුදාවේ අබ්බගාත වුණ සෙබළුන්ට වුණත් පුළුවන්. බලන්න දැන් එංගලන්තේ කොච්චර එහෙම වෙනවද. එ්ත් අනේ අපේ සිංහල මිනිසුන්ට කොහෙන්ද ඕවා කරන්න සල්ලි (නි)

:       0       0

සුසන්ත Monday, 26 September 2016 06:21 PM

ඉස්සර කොටි කළේ මිනිස්සු අස්සේ හැංගිලා වෙඩි තියන එක, සාමාන්‍ය ඇඳුමින් ඇවිල්ලා. කොහොමද දන්නේ මේක කළේ කොටි නොවෙයිද කියලා? කොටි අතින් මැරුම් කෑ සියලු සිංහල ජනයා වෙනුවෙන් නඩුපවරන වැඩපිළිවෙලක් අපි පටන්ගත යුතුයි! (නි)

:       0       0

කුමාර Monday, 26 September 2016 07:08 PM

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ! (නි)

:       0       0

දේව් Monday, 26 September 2016 08:37 PM

නීතිය අතට ගන්න සෙබළු හැම රටේම ඉන්නවා. ඒ සැමටම හමුදා අධිකරණයට හෝ සිවිල් උසාවියට මුහුණ දෙන්න වෙනවා. නිරායුධ ඔබ කැමතිද හමුදාවෙන් විත් මරා දමනවාට? මෙවැනි අපරාධ නිසා ඇමරිකන් සෙබළු රැසක් සිරගතව සිටිනවා. කිසිවෙකු ඔවුන්ට රණවිරුවෝ කියන්නේ නැහැ. (නි)

:       0       0

සිරි Monday, 26 September 2016 09:11 PM

ශෝචනීයයි. මේ සිදුවීම අවු.18 කට කලින් සිදුවීමක්. රණවිරුවන්ට කරදර කරන එක නවතන්නේ කවදාද? (නි)

:       0       0

ශාන්ත Monday, 26 September 2016 10:40 PM

ආයුධ තිබූ පළියට අහිංසක මිනිස්සු මරන්න කාටවත් ලයිසන් දීලා නැහැ. උතුරේත් දකුණේත් එ්ක පොදුයි. මේ වගේ වැඩ නිසා තමයි උතුරේ මිනිස්සු අපෙන් දුරස්වුණේ. නැතුව කොටි විනාශ කළ නිසා නොවෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 279 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1152 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1800 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4286 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site