IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අජිත් ඩයස් ශ්‍රී ලංකන් නව සභාපති

ශ්‍රී  ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ  නව සභාපතිවරයා ලෙස පත් වු    අජිත් ඩයස් මහතා  කොළඹ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලයේදී  වැඩ බාරගත්තේය.

අජිත් ඩයස් මහතා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම නිර්මාතෘවරයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත. මේ වන විට බැරිස්ටා ශ්‍රී ලංකා මෙන්ම ජුවලෙක්ස් ආයතනයන්හි සභාපති ලෙසද කටයුතු කරන ඒ මහතා ඇගලූම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත් දැකීම් බහුල පුද්ගලයෙකි.

අජිත් ඩයස් මහතා වැඩ බාර ගත් අවස්ථාවට   වරාය හා නාවික අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා සහ ගුවන් සේවා රාජ්‍ය  අමාත්‍ය  ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ද එක්වූහ.

මෙහිදී අදහස් දක්වමින්  ගුවන් සේවා රාජ්‍ය   අමාත්‍ය  ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ ඉදිරියේදී කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ගුවන් සේවයේ වැඩ කටයුතු සිදුකර ගෙන යාමට හැකියාව සලසන බවත් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලයේ තාක්ෂණික දැනුම සහ කැපවීම තුළින් සාර්ථකත්වයක් කරා  ගුවන් සේවාව ගෙන යාමට කටයුතු කල යුතු බවයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් වරාය හා නාවික අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ  කර සිටියේ වත්මන් රජය කිසිදු බලපෑමකින් තොරව ගුවන් සේවාවේ ප්‍රතිපත්ති සහ වෙළඳ අරමුණු සාක්ෂාත් කර ගනිමින් ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා කටයුතු යොදන බවයි.

මෙහිදී ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ  කළමණාකාරීත්වයෙන් අමාත්‍යවරයා  ඉල්ලා සිටියේ තම හැකි උපරිමයෙන් ගුවන් සේවාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට උත්සාහ ගන්නා ලෙසයි.

15 17



අදහස් (0)

අජිත් ඩයස් ශ්‍රී ලංකන් නව සභාපති

ගයාන් Wednesday, 28 January 2015 05:07 AM

ඔබේ නව පත්වීමට අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

මාගෙදරගමගේ Tuesday, 27 January 2015 07:05 PM

ඉතා හොඳ තෝරා ගැනීමක්. ජයවේවා ! (නදී)

:       0       0

අරුණ ශාන්ත Tuesday, 27 January 2015 01:16 PM

බලමු කොහොමද කියලා. (ර)

:       0       0

සංඛ සිල්වා Wednesday, 28 January 2015 03:03 AM

ගරු සභාපතිතුමනි, ඔබට අපගේ සුභ පැතුම්. එකට වැඩ කරමු, ජය ගනිමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 439 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1942 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2393 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3764 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site