IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අජිත් මාන්නප්පෙරුම මැති සබේ

බස්නාහිර පළාත්  සභා මන්ත්‍රී  අජිත්  මාන්නප්පෙරුම  මහතා (එජාප)  ගමිපහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයකු ලෙස  පාර්ලිමේන්තුවේදී අද (04) දිවුරුම් දුන්නේය.

දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ  අභාවයෙන් මේ පුරප්පාඩුව ඇති විය.

ගම්පහ සාමාන්‍ය පවුලක පස්දෙනකුගෙන් යුත්  පවුලක එකම පිරිමි දරුවා වු  අජිත් මාන්නප්පෙරුම ගම්පහ  සිරිකුරුස විදුහලේ  ප්‍රාථමික අධ්‍යාපනය  හමාර කර කොළඹ ආනන්ද  විදුහලට ඇතුලත් වුයේ  එකළ පැවති  ශිෂ්‍යත්ව විභාගයෙන්  දිවයිනේ ඉහළම ලකුණු ලබා ගත් සිසුවකු ලෙසිනි.

කොළඹ ආනන්දයේ දීප්තිමත් ශිෂ්‍යකු වු  හෙතෙම  උසස් පෙළ විභාගය ද උසස් ලෙස  සමත් වී  මොරටුව විශ්ව විද්‍යාලයයේ  සිවිල් ඉංජිනේරු පිඨයට ඇතුලත් විය. සිවිල් ඉංජිනේරුවකු ලෙස  උගත් දෙයින් උපරිම  ප්‍රයෝජන ගත්  මාන්නප්පෙරුම මහතා  එකළ විදුලිබල මණ්ඩලයට උපාංග සැපයු  දිවයිනේ ප්‍රධානතම සැපයුම්කරු විය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  මහතා ගම්පහ  රැස්වීමකට පැමිණි අවස්ථාවකදී 2000 වසරේදී    මාන්නප්පෙරුම මහතා  වික්‍රමසිංහ මහතාට දිවා භෝජන සංග්‍රහයක්  සිය නිවසේ  සුදානම් කළේය.මාන්නප්පෙරුම  දේශපාලන චරිතය කළ එළි බහින්නේ එතැන් සිටය.

‘‘ අජිත්ට පුළුවන්  අපේ පක්ෂය සමඟ එකතු වෙලා  කටයුතු කරන්න.‘‘ යැයි රනිල් වික්‍රමසිංහ  මහතා කළ ප්‍රකාශයට  ගරු කරමින් දේශපාලනයට පිවිසි  අජිත් මාන්නප්පෙරුම 2002 වසරේදී පැවති  ගම්පහ මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින්  වාර්තාගත මනාපයක් ලබා ගනිමින්  ගම්පහ මහ නගරසභාවේ   ප්‍රථම පුරපතිවරයා බවට පත්විය.

ගම්පහ නගරයේ  සංවර්ධනයට දැඩි අවධානයක් යොමු කරමින්  නගරය සංවර්ධනය කළ ඒ මහතාට 2006 වසරේ දී  පැවති මහ නගරසභා මැතිවරණයෙන්ද  වැඩිම මනාප රැගෙන  දෙවැනිවරටද නගරාධිපති ධුරය  හිමි වීම සුවිශේෂි අවස්ථාවකි. මුළු රටේම  පළාත්  පාළන ආයතන පවතින  රජය ජය ගනිද්දී  ‘‘ නිල් බලකොටුක් ලෙස  ප්‍රකට ගම්පහ  ජයගැනීමට හැකි වුයේ  අජිත් මාන්නප්පෙරුම නැමති  සුවිශේෂි  චරිතය නිසා බව  දේශපාලන නීරීක්ෂකයින්ගේ මතය විය.

ගම්පහ සංවර්ධනයේ  නියමුවකු ලෙස  කළ කාර්යභාරය  නිසාම  බස්නාහිර පළාත් සභාවට තේරී පත්වු  අජිත් මාන්නප්පෙරුම මහතා  විශාල සංවර්ධනයක්  ප්‍රදේශයට ඉටු කළේය.

2010  පැවති මහ මැතිවරණයෙදී  මනාප ඡන්ද 44821  ක් ලබා මනාප ලැයිස්තුවේ  හයවැනියා වු  අජිත් මාන්නප්පෙරුම මහතාට තව දුරටත් පළාත් සභාවේ  රැදී සිටිමට සිදු වුයේ  එවර මැතිවරණයෙන්  ගම්පහ  දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුව මන්ත්‍රී  ධුර පහකට සීමා වීම නිසාය.



අදහස් (0)

අජිත් මාන්නප්පෙරුම මැති සබේ

කරුණාරත්න Wednesday, 05 June 2013 08:12 AM

ජයවේවා........

:       0       0

චමිලා Tuesday, 04 June 2013 07:41 PM

පළමුවෙන්ම ඔබතුමාට සුභ පැතුම්! (නි)

:       0       0

සම්පත් රණසිංහ Tuesday, 04 June 2013 08:43 PM

සුභ පැතුම්!(නදී)

:       0       0

සම්පත් රණසිංහ Tuesday, 04 June 2013 08:45 PM

ජය වේවා! ගම්පහ අපිට හොද නායකයෙක් තමයි මේ මහතා.(නදී)

:       0       0

රෝහිත වීරසිංහ Wednesday, 05 June 2013 09:40 AM

මගේ උණුසුම් සුභ පැතුම්. අවංක මහත්මයෙක් (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 05 June 2013 09:37 AM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

පැතුම් Tuesday, 04 June 2013 09:35 PM

ගම්පහට හොද නායකයෙක්. ඔබ තුමාට හොද අනාගතයක්.(නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 04 June 2013 02:31 PM

මරණයේ උණුසුම යන්නත් හත් දවසේ දානේ දෙන්නත් කලින් ?(නදී)

:       0       0

සදුනි Tuesday, 04 June 2013 02:42 PM

සුබ පතමි! (නි)

:       0       0

සමිත් Wednesday, 05 June 2013 10:09 AM

වැඩක් කරන්න පුළුවන් පක්ෂේකවත් හිටියනම් ඉතින් කමක් නෑ. කටින් බතල හිටවන පක්ෂේකනේ ඉන්නේ.(නදී)

:       0       0

රංග Tuesday, 04 June 2013 02:57 PM

සන්තෝසයි ඔබ ගැන (දී)

:       0       0

පාරු Tuesday, 04 June 2013 03:10 PM

ඔබට ජයවේවා !(නදී)

:       0       0

අනුර සෝමසිරි Tuesday, 04 June 2013 03:26 PM

මේ වගේ වැදගත් උගත් මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ (නි)

:       0       0

අශෝක ජයතිලක Tuesday, 04 June 2013 03:30 PM

අපේ පවුලේ අයගේ සුභ පැතුම්! (නි)

:       0       0

සේනාධීර Tuesday, 04 June 2013 03:36 PM

මගේ උණූසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 04 June 2013 03:49 PM

අජිත් මහතා පවුලේ එකම පුතා වශයෙන්, කුඩාකල සිටම ,පාසලේදීත් ,උසස් අධ්‍යාපනයේදීත්, දේශපාලන ජීවිතයේදීත් ලැබුවාවූ පන්නරය හා දක්ෂකම නිසාම ජනතා ආශිර්වාදය ලැබීම ඔබ ලද භාග්‍යයක්! නමුත් ටිකක් ප්‍රවේශමෙන් හොඳේ !! (නි)

:       0       0

අමිළ Tuesday, 04 June 2013 03:49 PM

මෙයාගේ මනාපේ ඉටුවෙන්න ගිය කල්.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 04 June 2013 03:56 PM

නායකයට දිවා භෝජන සංග්‍රහයක් කරලා පාර්ලිමේන්තුවට යන්න තරම් අපේ රට අද ප්‍රජාතන්ත්‍රවාදී වෙලා.(නදී)

:       0       0

රොහාන් Tuesday, 04 June 2013 04:04 PM

දන්නෝ දනිති ගම්පහ ඔය කියන සන්වර්ධනේ.(නදී)

:       0       0

ජෙෆ් Wednesday, 05 June 2013 12:28 AM

අතීතය..... සුන්දරද මෙතරම් ? (නි)

:       0       0

දි මැල් Tuesday, 04 June 2013 04:22 PM

කප්පම් මාෆියාව නිසා අසරණ වී සිටින ගම්පහ ජනතාව වෙනුවෙන් හඬක් නගන්න ඔබට ආසිරි පතමි.(නදී)

:       0       0

උපුල් Tuesday, 04 June 2013 04:35 PM

මගේ සුබපැතුම්! රන්පොකුණුගම සංවර්දනයට පියවර ගන්න (නි)

:       0       0

නන්ද Tuesday, 04 June 2013 04:39 PM

ඔබ දක්ෂයෙක් උගතෙක්. පොදුවේ රටටත් විශේෂයෙන් ගම්පහටත් යමක් කරන්න.එජාපය ගොඩනගන්නත් ඕනෑ.ඔබට ආසිරි. (නි)

:       0       0

ශාන්ත Tuesday, 04 June 2013 04:57 PM

ගම්පහ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ජයවේවා!(නදී)

:       0       0

කෝලිත Tuesday, 04 June 2013 06:28 PM

දේශපාලන වශයෙන් මොනවා කලත් පවතින රජයට එරෙහිව, අපිට කමක් නැහැ , නමුත් අරයා වගේ කොටින්ට කඩේ යන්න නම් ලෑස්ති වෙන්න එපා.(නදී)

:       0       0

සමන් Wednesday, 05 June 2013 07:33 AM

ජරා මනුස්සයෙක්.(නදී)

:       0       0

චමින්ද Tuesday, 04 June 2013 07:13 PM

අවංක නිහතමානී දේශපාලන චරිතයකි. වත්මන් අහවලා සමග සැසදීමේදී අජිත් මාන්නප්පෙරුම මහතාගේ අගය වඩාත් හොදින් දැනේ. ගම්පහ, යක්කල සහ අවට හැම දෙනාම එය හොදින්ම දන්නවා. පාර්ලිමේන්තු ගියාට පසුවත් එය එසේම පවතීවා..! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 04 June 2013 07:26 PM

අජිත් මාන්නප්පෙරුම මැතිතුමනි, ඔබතුමාට බියගම එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් අපගේ සුභ පැතුම් මෙසේ එක්කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රයිස්,කොත්තු මිල 40කින් අඩුවෙයි
2024 සැප්තැම්බර් මස 29 5 0

බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.


යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 17 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 285 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 593 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 431 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 330 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site