IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අජිත් රෝහණ ස්ථාන මාරුවට පයින් ගසයි

(නිමන්ති රණසිංහ)

ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට නියෝග නිකුත් කරනු ලැබුවේ ඊයේ (25) දිනයේදීය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊට එරෙහිව මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු  කිරීමට බලය ලබා  ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

 

 

 



අදහස් (27)

අජිත් රෝහණ ස්ථාන මාරුවට පයින් ගසයි

Bunny Preena Wednesday, 26 April 2023 09:06 AM

මම නීතිය දන්නව . එහෙම නේද?

:       0       56

ලසන්ත Wednesday, 26 April 2023 09:13 AM

ඇති යාන්තං! යමක් කමක් කියවන ..., ඇසූපිරූ තැන් ඇති එක්කෙනෙක්වත් පොලිස් සේවයේ සිටීම ගැන සතුටුයි.

:       5       116

wije Wednesday, 26 April 2023 09:28 AM

සතුටුයි යකුනෙ කොන්දක් තියෙන නියම පොලිස් කාරයොත් අපෙ රටෙ ඉන්නව.

:       3       92

පැරකුම් Wednesday, 26 April 2023 09:45 AM

පොලිස් කොමිසම මගින් මෙම ස්ථානමාරු නියෝග නිකුත්කල බව මෙම ප්‍රවෘතියේ එක තැනක කියවේ. එසේනම් ගැටලුව කුමක්ද?

:       9       31

KamalWednesday, 26 April 2023 04:42 PM

පැරකුම් ඔයාට මංඥංද?

:       3       11

චන්දිම Wednesday, 26 April 2023 05:49 PM

ආවරණ අනුමැතිය කියන වගන්තිය හුදු මනස් කල්පිතය වචන හරඹයක් පමණි...

:       1       4

Liyanage Wednesday, 26 April 2023 10:07 AM

දේශපාලකයන්ට හිතවත් නිලධාරීන්ගේ අවශ්‍යතා ආරක්‍ෂා කිරීම සඳහා සහ සෘජු වක්‍ර දේශපාලන ඇගිලි ගැසීම් නිසා කැපවීමෙන් හා වෙහෙස මහන්සි වී වැඩ කරන නිලධාරීන්ට රාජ්‍ය සේවයේ තැනක් නැත. ජනාධිපති මෙය ගැන අවදානය යොමුකල යුතුයි.

:       3       38

අයි.ජි.එල්.ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 26 April 2023 10:23 AM

ඇත්තටම ආඩම්බරයි.අන්න එහෙම තමයි ඉන්න ඕන.ඔබ එලෙස කටයුතු කරීමට ගත් තීරණය නිසා ඉදිරියේදී බලය අතික්කමණය නොකිරීමට ඒ අය වගබලා ගනීවි.ඔබ වැනි අය රජයේ සෑම ආයතනයකම සිටින්නේ නම් සාමාන්‍ය රජයේ සේවකයින්ට බලධරයින් නීතිය නොදැනීම නිසා සිදුකරන අනීතික වැඩ බොහෝ දුරට නතර කරගත හැකි වනු ඇති.

:       4       51

amila Wednesday, 26 April 2023 10:46 AM

ජොබ් එකෙන් අස් වෙලා චන්දෙ ඉල්ලුවානම් හරි

:       23       16

Buddika Wednesday, 26 April 2023 11:07 AM

අපි ඔබට රෙස්ප්ක්ට් කරනවා .කලාතුරකින් හෝ පිටකොන්දක් සහිත නිලධාරියෙක් වීම ගැන .මේ රටේ පොලිසිය විනාශ කලේ කාලකන්නි දේශපාලුවෝ සහ දූෂිත පොලිස් නිලධාරීන් .පොලිසිය ටිරාන්ගේ පවුලේ භූදලයක් නෙමෙයි

:       2       50

Rata Perata Wednesday, 26 April 2023 11:45 AM

මෙන්න මෙහෙමයි රාජ්‍ය සෙවකයො ඉන්න ඔන තමුන්ගෙ සහ රකියවෙ ගවුරවය තියගෙන. එහෙම නැතුව දේශපලුවන්ගෙ පස්සවල් ලෙවකන්න නෙමෙයි නෙ ජනතා බදු වලින් වටුප් ගෙවන්නෙ.

:       1       33

Samitha S. Aluthgamage Wednesday, 26 April 2023 12:07 PM

කොන්ද පණඇති උසස් පොලිස් නිලධාරියෙකු දැකීම සතුටට කරුණක්. ඒ වගේම ටිරාන් හා ඔහුගේ ලේකම් නොදන්නා සැබෑ නීතිය ඔවුන්ට ප්‍රසිද්ධියේ කියාදීම බොහොම අගය කළ යුතු දෙයක්.

:       1       27

ලොකුගමගේ Wednesday, 26 April 2023 12:19 PM

කෙලින් නිලධාරියෙක්. අපි ඔබට ගරු කරණවා.

:       1       21

Nihal Wednesday, 26 April 2023 12:41 PM

එහෙයි සර් නොකියපු නියම පොලිස් නිලධාරියෙක් තමයි අජිත් මහත්තයා...

:       1       21

මොට්ටපාල Wednesday, 26 April 2023 12:46 PM

නිලධාරින් ස්ථාන පත්කිරීම, උසස් කිරීම, විනයානුකූලව කටයුතු කිරීම, ස්ථාන මාරුකිරීම, විශ්‍රාම ගැන්වීමට බලය අමාත්‍ය මණ්ඩලය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පැවරී තියෙනවා. එම බලය අමාත්‍ය මණ්ඩලය කොමිසම වෙතට පැවරුවත් අමාත්‍ය මණ්ඩලයේ වගවීම එලෙසම පවතිනවා. ඇමැතිට තිබෙන බලය ක්‍රියාත්මක කරන්න වෙන්නේ ලේකම්වරයාට කියලා තමයි අපිට කියන්න තියෙන්නේ එයවත් නොදන්නා... මහතෙකු ගැන කවර කතාද මහත්තයෝ..?

:       31       5

podi hadaya Wednesday, 26 April 2023 01:17 PM

අයියො ඔය ලන්කාවෙද ඉන්නෙ ඔය කියන නිතිය තිබුනෙ ඔය ඉස්කොලෙ ගිය කලෙ. කොමිසමෙ අනුමැතියක් නොමැතිව ඇමති මන්ඩලයට තියා ජනදිපතිටවත් නිලදාරින් මරු කල නොහැක. හෝඩි පොත අතේ තියන් OL පාස් කියන කෙනෙක් නෙ ඔයා

:       1       17

ලසන්තWednesday, 26 April 2023 02:05 PM

ඔයා ඔය කියවන්නේ පරණ පොතක්. ටිකක් අප්ඩේට් වෙලා ව්‍යවස්ථාවේ අලුත් සංශෝධන කියවන්න...

:       1       7

Rasika Wednesday, 26 April 2023 03:07 PM

මොට්ටපාල කියලා නමම තියනවනේ

:       1       8

C.K.Lankaputhra Wednesday, 26 April 2023 03:52 PM

එතකොට මොට්ටපාල මහත්තයෝ ඔය පොලිස් කොමිසම කියලා එකක් ව්‍යවථාවෙන් පත්කරලා තියෙන්නේ කුඹුරුවල හිටවන පඹයින් නටවන්නද?

:       2       9

ධනුෂ්ක Wednesday, 26 April 2023 08:36 PM

අජිත් රෝහණ කියන්නේ ලෝයර් කෙනෙක්...

:       1       0

Shantha STS Wednesday, 26 April 2023 01:45 PM

මේක අරගලයේ ප්‍රතිඵලයක් තමයි.

:       4       6

බද්රානි Wednesday, 26 April 2023 02:26 PM

කිසියම් පුද්ගලයෙකුට හෝ අදාළ අමාත්‍යංශයට නොමැති බලයක් මත එසේ නියෝග ලබාදී ඇති ස්ථාන මාරුවක් පිළිබඳව ඔවුන්ට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නැද්ද? ස්ථාන මාරුව ක්‍රියාත්මක නොවෙනවා මෙන්ම අදාළ පුද්ගලයින්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොමැතිව කවදාවත් මේ රටේ නීතිය ස්ථාපිත කළ නොහැකියි.

:       0       12

dasun Wednesday, 26 April 2023 03:11 PM

මාතර උසාවියෙ මගුල් සක්වල දාල යන්න හිත් දෙන්නෙ නැතුව ඇති.

:       8       4

විපරමා Wednesday, 26 April 2023 03:38 PM

මේ මාරුකිරම් දූෂිත දේසපාලුවන්ගේගේ ඕනෑකමට කරන වැඩ.

:       1       7

ගමේ එකාලා Wednesday, 26 April 2023 04:20 PM

ටිරාන් අලස් හිතාගෙන ඉන්නේ මහ ලොකු නීතී විසාරදයෙක් කියලා. කොටින්ට පගාව දීලා උතුරේ චන්දෙ වළක්වන්ඩ ගිය කෙනෙක් ? දූෂිත දේසපාලුවන්ගේ පදේට නටන්නේ අහවල් දේකටද?

:       3       9

PODDA Wednesday, 26 April 2023 04:46 PM

සමහර අවංක පොලිස් නිලධාරීන්. දූෂිත දේශපාලුවන්ගේ අතකොළු බවට පත්වෙලා විනාශ වෙලා යනවා. අද පොලිසියේ පිරිහීමත් එකයි. හිටපු IG ඉලංගකෝන්... මහත්තයා අවංක කෙළින් වැඩ කරපු මහත්තයෙක්... ඔබටත් එසේ වෙවයි ජනතා පැතුමයි.

:       4       2

sampath Wednesday, 26 April 2023 08:04 PM

නිලධාරීන්ට ඕනෙ ඕනෙ සෙල්ලම් දාන්න ඉඩ දෙන්න එපා... කිසිම ආයතනයක ඕනෑම දේකට ක්‍රමවේදයක් තිබිය යුතුයි..කවුරුත් කියන කියන ඒවා? කරනවා නම් ඒ අයට විරුද්ධව නඩුමගට බැසීමයි කළ යුතු වන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 30 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 404 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 39 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2023 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 676 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4274 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1773 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site