IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අජන්ත - තරංග කොදෙව් සංචාරයට කැඳවති

මේ මස අවසන් සතියේදී ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය සඳහා අජන්ත මෙන්ඩිස් කැඳවා තිබේ.

පාදයේ ආබාධයක් හේතුවෙන් තිලකරත්න ඩිල්ෂාන් මෙම සංචාරයට එක් නොවන අතර ඩිල්ෂාන් වෙනුවෙන් ආරම්භක පිතිකරුවාගේ ස්ථානය සඳහා උපුල් තරංග කැඳවා තිබේ.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට එක් වුවද එකම තරගයක් හෝ කී‍්‍රඩා කළ නොහැකිවූ හෙයින් දිල්හාර ලොකුහෙට්ටිගේට කොදෙව් සංචාරයේදීත් අවස්ථාව ලැබී තිබේ. තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

 

බටහිර ඉන්දීය සංචාරය සඳහා නම්කරන ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම

ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් ජනිත් පෙරේරා, උපුල් තරංග, කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, ලසිත් මාලිංග, ෂමින්ද එරංග, නුවන් කුලසේකර, දිල්හාර ලොකුහෙට්ටිගේ, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක සහ අජන්ත මෙන්ඩිස්

 



අදහස් (0)

අජන්ත - තරංග කොදෙව් සංචාරයට කැඳවති

හර්ෂ Saturday, 22 June 2013 10:00 AM

සනත් ලගදීම නම්ල්වත් බස්සි වගේ ..............සුබ අනාගතයක් (අ)

:       0       0

සිසිර Friday, 21 June 2013 09:37 PM

ආපහු සැරයක් ...? (නි)

:       0       0

සමීර Saturday, 22 June 2013 10:15 AM

මේකට කණ්ඩම්බි නම් කරන නැතේ මොකද කියල අපිට ප්‍රශ්නයක්. (ස)

:       0       0

අමල් Saturday, 22 June 2013 10:17 AM

අජන්තව මේකට ගැලපෙන්නේ නැහැ. (ස)

:       0       0

දම් Saturday, 22 June 2013 10:52 AM

මාලිංග ඉන්දියාවත් එක්ක ක්‍රීඩා කරන විදිහ ගැන දෙපාරක් හිතන්න වෙනවා. වෙන තරගාවල ගොඩක් හොදට පන්දු යවන මාලිංග ඉන්දියාවට විතරක් මේ විදියට පන්දුයවන එක ගෙන හැම ප්‍රේක්ෂකයෙකුටම ප්‍රශ්නයක්. ඇයි එහෙම වෙන්නේ කියලා අපේ හිත්වලට දැනෙනවා. මේකේ අපි නොදන්න මොකක් හරි රහසක් තියනවා.(නදී)

:       0       0

දර්ශන Saturday, 22 June 2013 10:55 AM

බුදුසරණයි!(නදී)

:       0       0

සිසිර Friday, 21 June 2013 10:30 PM

සමහරුන්ට නම් තාමත් අකුසල් පලදීලා නැහැ වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

උදය Saturday, 22 June 2013 11:11 AM

රට ගැන කැක්කුමක් නැති අය.මේක එයාලට තවත් තරඟයක් විතරයි. (ස)

:       0       0

ට්වෙල්ත් මෑන් Friday, 21 June 2013 11:06 PM

අපි ඉතින් හැමදාම බංකුවේ තමා ... (නි)

:       0       0

රුමේෂ් Friday, 21 June 2013 11:23 PM

තිසර හින්ද අපි පහුගිය කාලේ ගොඩක් මැච් දිනුවා. ඒත් තිසරව එලියට දැම්මා.තව හැමදාම සංගක්කාර, මහේල, දිල්ෂාන් විතරක් බර කරට අරන් සෙල්ලන් කරන්නේ. ඒගොල්ලෝ ගැහුවේ නැත්තන් මැච් පරදිනවා.... (නි)

:       0       0

දිනේෂ් Saturday, 22 June 2013 12:49 PM

මේ පාරත්...කමුකෝ මලේ........මම නම් කියන්නේ ශ්‍රී ලංකා 19 පහල ටීම් එක යවමු... කියල.....කොහොමත් කනවනේ.......අපේ නාකි අය්යල ගෙදර තියල..(අ)

:       0       0

පහන් Saturday, 22 June 2013 12:18 AM

අයි.සී.සී. සෙමි ෆයිනල් එකේ අපි බැට් කරනවා දැකලා එක මහත්තයෙක් කිව්වා මේක මාර ටෙස්ට් මැච් එකක් නේද ඕයි කියලා (නි)

:       0       0

නලීන් Saturday, 22 June 2013 12:33 AM

නරකද සංගක්කරලා මහේලලා ටිකක් රෙස්ට් එකේ තිබ්බා නම්? (නි)

:       0       0

සුදේශ් Saturday, 22 June 2013 06:22 AM

තිසරව කපන්නේ ඇයි? කුසල්ට වඩා මට නම් තිසර හොදයි (නි)

:       0       0

සුරේෂ් Saturday, 22 June 2013 08:29 AM

මමත් හිතන්නේ තිසර හිටියනම් හොදයි. මොකද මේ වගේ තරගාවලියකවත් තිසර හරි චන්දිමාල් හරි ඕපන් එකට දන්නා පුළුවන්. අජන්ත ගෙනියන්න තිබුනේ චැම්පියන් ට්‍රොපි එකට. මොකද එහෙ තරග වලටයි අජන්ත ගැලපෙන්නේ. මම නම් හිතන්නේ මේකට එයා හරියන්නේ නැහැ. මොකද ඉන්දියාව මෙයාට හොදට සෙල්ලමි කරනවා.(නදී)

:       0       0

වසන්ත Friday, 21 June 2013 09:14 PM

මාර තීරණ කුසල් ඇතුලේ තිසර එළියේ. මේ පාරත් කනවා නැති වෙන්න. ඒ කප් එකත් ඉන්දියාවට තමයි.(නදී)

:       0       0

අශාන් සිල්වා Friday, 21 June 2013 09:25 PM

කාලා එයි.(නදී)

:       0       0

පෙරේරා Friday, 21 June 2013 09:26 PM

අනේ මන්දා කව්ද මේ කට්ටියව තෝරන්නේ කියලා. තිසරව කැපුවේ මොකද?  කුසල් දිගටම අසමත් නම් ටිකක් නවත්තලා තිසරව ඇතුලට අරන් චන්දිමාල් ඕපන් කලානම් හොදයි කියලා මටනම් හිතෙන්නේ. කොහොම උනත් අපේ අය ඉන්දියාවත් එක්ක ගහපු මැච් එක බැලුවට පස්සේ තාම බඩ දගලනවා අපේ අයගේ බැටින් දැකලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 4 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1805 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2207 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2916 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1286 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 276 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site